15 June, 2017

“නුවරදී මම හඳුනාගත් වේගපන්දු යවන්නා අඩුගානේ සංචිතයකවත් නෑ” - ඩොනල්ඩ්

allan donald

ඇලන් ඩොනල්ඩ් යනු ජාත්‍යන්තර පිටියේ කලක් පිතිකරුවන්ට භීතිකාවක්ව සිටි පන්දු යවන්නෙකි. ඔහු දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර තරඟ වලදී කඩුලු 582 ක්ද පළමු පෙළ කඩුලු 880 ක්ද ලැබූ සුපිරි පන්දු යවන්නෙකි. පන්දු යවන්නෙකු ලෙස පිටියෙන් සමු ගැනීමෙන් පසුව ඩොනල්ඩ් පුහුණුකරුවකු ලෙස තම භූමිකාව ඇරඹු අතර ශ්‍රී ලංකාව ඔහු පුහුණු කරුවකු ලෙස තෝරාගත් පස් වන රට වන අතර පළමු ආසියා රටද වේ.

ඩොනල්ඩ් තම මාස දෙකක පුහුණු කරුවකු ලෙස සිටින අතර තුර ශ්‍රී ලංකාවේදී මුහුණ දුන් අත්දැකීම් පිළිබඳව cricinfo සමඟ අදහස් දක්වා ඇත.

ඩොනල්ඩ් ප්‍රකාශ කරන්නේ තමන් කලින් පුහුණු කල දකුණු අප්‍රිකාව,නවසීලන්තය,එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව සමඟ සසඳා බලන කල ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නන්ගේ හිඟයක් ඇති බවයි.

“ශ්‍රී ලංකාවේ වේගපන්දු යවන්නෝ අඩුයි සාපේක්ෂව බලද්දී මම පුහුණු කල දකුණු අප්‍රිකාව,නවසීලන්තය,එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව වගේ රටවල වේගපන්දු යවන්නන්ගේ ලොකු සංචිතයක් තිබුනා.ලංකාවේ එහෙම ප්‍රමාණයෙන් ගොඩක් නෑ.හැබැයි දක්ෂතාවයෙන් එකිනෙකට වෙනස් වේගපන්දු යවන්නෝ පිරිසක් ඉන්නවා.”

මෙලෙස අඩු පිරිසක් සිටීමට ඩොනල්ඩ්ට හේතුවක්ද ලංකාවේදී හමුවී ඇත.

“මම නුවර පුහුණු කඳවුර පටන් ගත්ත වෙලාවේ දැක්ක තරුණ ළමයෙක් අඩි 6 යි අඟල් 2ක් තුනක් විතර උස මේ ළමය හරි ලස්සනට සීමය බිමට ගහනවා පන්දු යවද්දී,මම ලඟට ගෙන්න ගෙන ඇහුව ඔයා වේග පන්දු සංචිතයේ ඉන්නවද කියල,එයා කිව්ව නෑ කියල.එයා නිකම්ම පුහුණු වීම් වලදී පන්දුයවන්න යොදාගන්න පන්දු යවන්නෙක් විතරයි.අඩු ගානේ ඒ වගේ
දක්ෂයෙක් සංචිතයට වත් ගෙනත් නෑ ඒ වෙනකන්,

මම එවෙලේම අදාළ අයට කතා කරලා එයා වේගපන්දු පුහුණු සංචිතයට යොමු කරන්න.ඒක තමයි ගැටලුව දක්ෂයන් ඕන තරම් ඇති හැබැයි ඒ අය හඳුනා ගන්න නියම වැඩ පිළිවලක් තියනවද කියන එක තමයි ප්‍රශ්නේ.හරිම වැදගත් දෙයක් තමයි අවරුදු 19 දී වගේ හඳුනා ගන්න වේග පන්දු යවන්නෝ පිටිපස්සේ ඇහැ ගහගෙන ඉන්න කෙනෙක් ඕන කරනවා,එයාල හඳුනා ගත්තට විතරක් මදි”

මාස දෙකක කාලය තමන්ට ලොකු දෙයක් කිරීමට ප්‍රමාණවත් නොවන බවද ඇලන් ඩොනල්ඩ් පවසා ඇත.

“මාස දෙකක් කියන්නේ පොඩි කාලයක් ඒ වගේ කාලෙකදී පන්දු යවන්නන්ගේ ඉරියව් වෙනස් කරන්න තාක්ෂණය වෙනස් කරන්න වගේ දේවල් කරන්න අමාරුයි.මට පුළුවන් කණ්ඩායම චැම්පියන්ස් කුසලානයට මානසිකව සුදානම් කරන දේ කරන්න.ඒ දේ මට පුළුවන් උපරිමයෙන් මම කරනවා.”

ඩොනල්ඩ් සේවය කල අනෙත් රටවලදී මුහුණ නොදුන් ප්‍රශ්නයකටද ඩොනල්ඩ් ලංකාවේදී මුහුණ දී ඇත.

“ඇත්තටම පුහුණු කිරීම් වලදී අපි අතරේ තියන භාෂා ප්‍රශ්නේ ටිකක් බලපෑවා.මොකද අපි අතරේ හොඳ සන්නිවේදනයක් තිබුනොත් තමයි මම කියන දේ ඒ ගොල්ලෝ ගන්නේ.ඒ වගේම මම කියන දේ තේරුනාද කියල මට දැනගන්නත් ඕන.එතැනදී පොඩ්ඩක් අමාරුයි සමහර අවස්තාවලදී”

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු යවන්නන් දෙදෙනෙකු පිළිබඳවද ඩොනල්ඩ් විශේෂයෙන් සඳහන් කර ඇත.

“ලක්මාල් කියන්නේ හරි ඉකමනට ඉගන ගන්න පන්දු යවන්නෙක්.ඔහු පිතිකරුවෝ එක්ක සටනට හැම වෙලාවේම සුදානම් වෙලා ඉන්නේ.නුවන් ප්‍රදීප්කියන්නේ හරි ලස්සන ඉරියව්වක් තියන පන්දු යවන්නෙක් ඔහුගේ පන්දු යැවීම හැම වෙලාවේම කඩුලක් ගන්න අවස්තාවක් හදන පන්දු මිශ්‍රණයක් ඔහුට තියනවා.මේ වගේ පන්දු යවන්නෝ අවශ්‍යයි ලංකාවට තව ඉස්සරහට යන්න.”

By Isuru Weerarathna - cricketlanka

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "“නුවරදී මම හඳුනාගත් වේගපන්දු යවන්නා අඩුගානේ සංචිතයකවත් නෑ” - ඩොනල්ඩ්"

    Post a Comment