27 June, 2017

වඩාත් නවීන ස්මාට් ෆෝනයක් තුළින් බ්ලැක්බෙරි යතුරුපුවරුව නැවතත් BlackBerry KEYone

BlackBerry KEYone

බ්ලැක්බෙරි සමාගමේ නවතම නිර්මාණය වන BlackBerry KEYone, ඔවුන්ගේ අවසන් නිර්මාණයන්ගෙන් වෙනස්ව, බ්ලැක්බෙරි නාමයටම අනන්‍ය වූ භෞතික කීබෝඩ් සැකැස්ම සමග නිර්මාණය කර ඇත. එහි අවධානය දිනාගන්නා ප්‍රධානතම සාධකය වන්නේ එහි ඇති නිමාවයි.

වර්තමානයේ දක්නට ලැබෙනා වඩාත් සුමට පෙනුමැති ස්මාට්ෆෝනයන්ගෙන් වෙනස් වෙමින්, වඩාත් හැඩි දැඩි පෙනුමක් සහිතව පැමිණෙන මෙම BlackBerry KEYone උපාංගය අතට හොඳින් ග්‍රහණය වන ලෙස නිර්මාණය කර ඇත. IPS LCD capacitive touchscreen වර්ගයේ තිරය අඟල් 4.5කට සිරව ඇත්තේ මෙහි තිරයට අඩංගු නොවන, භෞතිකව නිමැවූ කීබෝඩය නිසාවෙනි.

අඟල් හයකට මදක් අඩු සම්පූර්ණ ස්මාට්ෆෝනයේ උසද ග්‍රහණයට අපහසුවක් නොදෙන්නේ පහලින් ඇත්තේ කීබෝඩය නිසාවෙනි. කෙසේ වෙතත් ස්මාට් ෆෝනය ක්‍රීඩාවන් සඳහා යොදාගන්නා පරිශීලකයින් හට මෙම ස්මාට් ෆෝනය ක්‍රීඩාවන් සඳහා භාවිතා කිරීමේදී යම් අර්බුදයක් පැන නගිනු ඇත.

මෙය හුදෙක් ගැළපෙන්නේ කාර්යාලීය කටයුතු වෙනුවෙන් බව එහි අන්තර්ගත විශේෂාංගයන් සහ නිමාව කියාපායි. එය පුදුමයට කරුණක් නොවන්නේ, බ්ලැක්බෙරි නාමය ලෝකප්‍රසිද්ධ වී ඇත්තේ වඩාත් වෘත්තිමය වූ, කාර්යාල කටයුතු සඳහා වඩාත් ඔබින ස්මාට් ෆෝනයන් නිෂ්පාදනය කරනා සමාගමක් ලෙසින් වන හෙයිනි.

අභ්‍යන්තර මතකය ගිගාබයිට් 32ක් සහ රැම් අගය ගිගාබයිට් 3ක් ලෙස මෙයට අන්තර්ගත වුවද බාහිරින් ගිගාබයිට් 256ක් දක්වා MicroSD කාඩ්පත් හරහා මතකය ඉහළ දැමීමට හැකි වීම වාසියකි. මෙහි කැමරාව 12 MP (f/2.0) විභේදනයක් සහිත වන අතර, phase detection autofocus, dual-LED (dual tone) flash යන හැකියාවන් අන්තර්ගතවේ.

එසේම විශේෂ 1/2.3'' ප්‍රමාණයේ සෙන්සරයක් (1.55µm pixel size), geo-tagging, touch focus, face detection, HDR, panorama යන විශේෂාංගයන්ද මෙහි ඇතුලත් වේ. ද්විතීයික කැමරාව ලෙසින් මෙයට මෙගාපික්සල් 8ක ඉදිරිපස කැමරාවක් යොදා ඇත.

මෙම ස්මාට් ෆෝනයේ ඉදිරිපසට එක් කර ඇති ඇඟිලි සළකුනු සෙන්සරය ඇතුළු අනෙකුත් සෙන්සරයන් සියල්ල උපාංගයේ හැකියාවන් ඉහළ නැංවීමට දායක වන බව කිවයුතුවේ. 3505mAh ජවයකින් යුතු ඉවත් කළ නොහැකි බැටරිය මිනිත්තු 36ක් ඇතුළත ඇතුළත සියයට පනහක් දක්වා බලගැන්වීමට හැකියාවද මෙහි තිබේ. මෙය නිකුත් වන්නේ කළු වර්ණයෙන් පමණි. ( රච්න්ත ජයවර්ධන -ada)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වඩාත් නවීන ස්මාට් ෆෝනයක් තුළින් බ්ලැක්බෙරි යතුරුපුවරුව නැවතත් BlackBerry KEYone"

    Post a Comment