22 June, 2017

“විඩාපත් මුත් ආදරයෙන්”

Benjamin Sullivan - nursing mother - 02

බෙන්ජමින් සුලිවාන් විසින් සිතුවම් කරන ලද මවකගේ දාරක ස්නේහය විදහා දක්වන අලේඛ්‍ය සිතුවමක් BP පෝට්‍රේට් සම්මානය දිනා ගෙන තිබේ.

“විඩාපත් මුත් ආදරයෙන්” නම් අරුත දනවන මෙම සිතුවමෙහි දක්නට ලැබෙන්නේ දරුවකුට මව් කිරි ලබා දෙන මවකගේ රූපයයි.

බෙන්ජමින් සුලිවාන් ගේ බිරිඳ වර්ජිනියා සහ එම දෙපලගේ 8 මස් හැවිරිදි එඩිත් නම් දියණිය චිත්‍රයෙහි නිරූපණය වේ.

එය දුටු පමණින් මැඩෝනා සහ දරුවා සිතුවම මතකයට නැඟෙන බවත් මවක සහ දරුවකු අතර ඇති ගැඹුරු සම්බන්ධතාවය පිළිබිඹු කරන බවත් සම්මාන විනිසුරුකරුවන් ගේ මතයයි.

ඔහුට හිමි ත්‍යාගය වශයෙන් බ්‍රිතාන්‍ය පවුම් 30,000 මුදලක් සහ ලන්ඩනයේ පිහිටි නැෂනල් පෝට්‍රෙට් ගැලරිය සඳහා 5000 ක් වටිනාකමින් යුත් ප්‍රදර්ශන ශාලා වට්ටමක් ලබා දී ඇත.

දෙවන ස්ථානයට හිමි සම්මානය දිනා ගන්නා ලද්දේ තෝමස් හර්ට්ස්මන් විසිනි.

බ්‍රිතාන්‍ය පවුම් 10,000 ක් මුදලකට හිමිකම් කී එම සිතුවමෙහි අට මස් හැවිරිදි ගැබිණි කාන්තාවක් උයනක සක්මන් කරන ආකාරය නිරුපනය වේ.

Benjamin Sullivan - nursing mother

(mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "“විඩාපත් මුත් ආදරයෙන්”"

    Post a Comment