10 May, 2017

වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි

Vesak Pohoya

තුන්ලොවටම අග්‍රවූ අප මහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වීම, බුද්ධත්වයට පත්වීම, පිරිනිවන් පෑම යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවුණේ අද වන් අති උතුම් වෙසක් පුන් පෝය දිනකයි.

ගෞතම බුදු පදවිය සඳහා සුමේධ තවුස්ව, දීපංකර බුදුරදුන්ගෙන් විවරණ ලැබුවේ ද වෙසක් පෝදාක

බුද්ධත්වයෙන් අටවන අවුරුද්දෙහි මණිඅක්ඛික නා රජුගේ ඇරයුමින් කැලණියට වැඩම කොට කැලණිය ශ්‍රී පාදස්පර්ශයෙන් පාරිශුද්ධත්වයට පත් කළ උතුම් දවස වෙසක් පුන් පොහෝ
දාය.

සුමන සමන් දෙවිඳුගේ ආරාධනයෙන් සමනළ සිරස මත ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම, සොළොස්මස්ථාන නමින් හඳුන්වන ස්ථාන දහසයහිම සමවත් සුවෙන් වැඩහිඳ පුදබිම පිරිසිදු කිරීම සිදු කළෙත් වෙසක් පෝ දා.

සිංහල ජනවංශයේ ආදිතමයා වන විජය කුමරු හත්සියයක් පිරිස සමඟ ලාට රට සිට ලක්දිවට පැමිණියේ ද වෙසඟ දිනයක බව වංශ කතාවල සඳහන් වෙනවා.

දේවානම්පියතිස්ස රජු දෙවැනි වර රාජාභිශේක ලැබීම, දුටුගැමුණු මහ රජු රුවන්වැලිසෑයට විසා නැකතින් මුල්ගල් තැබීම ද සිදුවුණේ උතුම් වෙසක් පුර පසළොස්වකදා ය.

මෙම ඓතිහාසික සිද්ධිවලින් ශ්‍රේෂ්ඨතවයට පත් වෙසක් පුර පසොල්වක පොහොය බෞද්ධ ජනතාවට ඉතා සුවිශේෂී පොහොය දිනයක් වනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි"

    Post a Comment