03 May, 2017

වාහන ලියාපදිංචියේ කැපී පෙනෙන වර්ධනයක්

Vehicle import export

මෙරට වාහන ලියාපදිංචිය මෙම මාසය තුළ කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති අතර මාර්තු මාසයේ පමණක් වාහන 39,173 ක් ලියාපදිංචි කර ඇත.

යතුරුපැදි ලියාපදිංචිය මේ අතරින් කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. එහෙත් මෝ්ටර් කාර් ලියාපදිංචියේ වර්ධනයක් පෙන්නුම් කරන්නේ ඉතා සුලු වශයෙන්. එසේම මිණි ට‍්‍රක් රථ ලියාපදිංචිය ද එතරම් වර්ධනයක් පෙන්නුම් කරන්නේ නැත.

පෙබරවාරි මාසය තුළ අලුත් මෝටර් රථ ලියාපදිංචි කර තිබුනේ 786 ක් වූ වද එය මේ මාසය තුළ 936 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. එය පෙරවාරි මාසයේ වාර්ථා වූ 1362 ප‍්‍රමාණයට සාපේක්ෂව 2025 කින් ඉහළ ගොස් තිබෙනවා.

පෙබරවාරි මාසය තුළ අලුත් මෝටර් රථ ලියාපදිංචි කර තිබුනේ 786 ක් වූ වද එය මේ මාසය තුළ 936 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර පාවිච්චි කරන ලද මෝටර් රථ ලියාපදිංචිය ද කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙනවා. එය පෙරවාරි මාසයේ වාර්ථා වූ 1362 ප‍්‍රමාණයට සාපේක්ෂව 2025 කින් ඉහළ ගොස් තිබෙනවා. (janayugaya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වාහන ලියාපදිංචියේ කැපී පෙනෙන වර්ධනයක්"

    Post a Comment