03 May, 2017

'වැඩියෙන්ම මතක අර හොල්මන් කරපු දවස් දෙක'

Saheli Bandana

'බන්ධනය' චිත්‍රපටයේ අප කා අතරත් ජනප්‍රිය චරිතය වන 'සුමනා' හෙවත් බන්ධනයේ පුංචි නිළිය සොයා යෑමට අපි තීරණය කළෙමු. ඇය හේලි සඳිත්මායි. සහේලි ' සමග කතා බහට එක්වූයේ මෙලෙසිනි.

සහේළි, මේ දවස්වල ඔයාට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

ගොඩක් හොඳයි. ගොඩක් අය බයයිනේ හොල්මන් ෆිල්ම්වලට. ඒ වුණාට මගෙ ඉස්කෝලේ යාළුවො ගොඩක් බලලා තිබුණා. හැබැයි බය හිතුණා කිව්වා. සමහරක් කට්ටිය 3D එකනෙ බලලා තියෙන්නේ. එයාලා බයවෙලා 3D නිසා. එතකොට එයාලා බයේ කන්නාඩිය ගලවලා ඇස් වහගෙන හිටියා කිව්වා.

Q බන්ධනය චිත්‍රපටයට සම්බන්ධ වුණ විදිය කිව්වොත්?

ආනන්ද අබේනායක අංකල්ගේ 'තාරා' කියන නාට්‍යයේ මම රඟපෑවා. ඒ නාට්‍යයේ රඟපෑවා සුජාතා ප්‍රේමරත්න කියලා ආන්ටි කෙනෙක්. උදයකාන්ත අංකල් ඒ ආන්ටිට කියලා තියෙනවා මෙහෙම ෆිල්ම් එකක් කරන්න ඉන්නේ කියලා. ඒකට හරියන ළමයි කීපදෙනෙක් හොයලා දෙන්න කියලා. ඉතිං සුජාතා ආන්ටි තමා කියලා තියෙන්නේ මම දන්න එකම ළමයයි ඉන්නේ රඟපාන, ඒ සහේලි කියලා. ඒ වෙද්දි උදය අංකල් තාරා නාට්‍ය බලලා තිබ්බා.

ඊටපස්සේ මට ස්ක්‍රීන් ටෙස්ට් එකකට එන්න කිව්වා. අංකල් මට කිව්වා අසනීප වුණ කෙනෙක් වගේ පොඩ්ඩක් රඟපාන්න කියලා. මම එතකොට පුංචි බබෙක්නේ. අංකල් කිව්වා අංකල් හොයන්නේ අවුරුදු 9, 10 වගේ ලොකු කෙනෙක් කියලා. ඒ වුණාට අංකල් පිටපත බලන්න දුන්නා. ඊටපස්සේ අම්මයි තාත්තයි ඒක කියවලා බලලා ඒක වෙනස්ම රඟපෑමක් නිසාත්, මම වගේ පුංචි බබෙක්ට ඒක හොඳ අවස්ථාවක් නිසාත් කැමති වුණා. ඊටපස්සේ උදය අංකල් මාව ෆිල්ම් එකට ගත්තා.

බන්ධනය චිත්‍රපටයේ කතාව අහලා බය හිතුණෙ නැද්ද?

මම කතාව ඇහුවේ නෑනේ. පිටපත මට දෙන්න එපා කියලා, උදය අංකල් ඒ වෙලාවට විස්තරේ කියලා තමා මම රඟපෑවේ.

චිත්‍රපටය දැන් නරඹද්දී සහේලි මොකද හිතෙන්නේ?

මට නම් බය හිතුණෙ නෑ. මම ගෙදරදීත් හොල්මන් ෆිල්ම් බලනවා. ඒක නිසා එච්චර බය හිතුණෙ නැහැ. ෆිල්ම් එක හොඳයි කියලා හිතුණා. හැබැයි බැලුවාම ඊටත් වැඩිය හොඳයි වගේ.

චිත්‍රපටය රූගත කිරීම් කරද්දි සිදුවුණ අමතක නොවන සිදුවීම් මොනවද?

වැඩියෙන්ම මතක අර හොල්මන් කරපු දවස් දෙකක්. ඒකෙදි තිබ්බා හූනොයි, කැරපොත්තොයි වමනෙ දාන සීන් එකක්. ඒක නම් අමතක වෙන්නේ නෑ.

රඟපාද්දි අනෙක් නැන්දලා, මාමලාගෙන් ලැබුණ සහයෝගය කොහොමද?

ගොඩාක් උදව් කළා. මම හොඳට රඟපෑවා කියලා කිව්වා.

සහේළි දායක වුණු වෙනත් නිර්මාණ මොනවාද?

සිරස ටී.වී. එකේ 'සුජාතා' කියන නාට්‍යයේ මම රඟපෑවා. ආනන්ද අබේනායක අංකල්ගේ 'තාරා' නාට්‍යයේ රඟපෑවා, ජැක්සන් ඇන්තනී අංකල්ගේ 'සීරජ' නාට්‍ය‘යෙත් රඟපෑවා.

ප්‍රියන්ත කොළඹගේ අංකල්ගේ 'දේදුනු ආකාසේ' ෆිල්ම් එකේ ඉන්නවා. ඒක තාම ඇවිත් නැහැ. මේ දවස්වල නෙත් එෆ්.එම්. එකේ 'සක්‍යා' කියන නාට්‍යයේ සක්‍යාට මම හඬකවනවා.

පාසලෙන් මොනවගේ සහයෝගයක්ද ලැබෙන්නේ?

මගේ පාසල කොළඹ ශ්‍රී සංඝමිත්තා බාලිකා විද්‍යාලය. පාසලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මගේ මැඩම් තමා තුෂාරි ද සිල්වා. මැඩම් මම රඟපානවට කැමතියි. මැඩම් ෆිල්ම් එක පෙන්නපු මුල්ම දවසෙත් බලන්න ආවා.

බන්ධනය චිත්‍රපටයෙන් පස්සෙ ඔයාගෙ රඟපෑම් දැකලා වෙනත්නිර්මාණවලට ආරාධනා ලැබුණද?

මේ ෆිල්ම් එකෙන් පස්සෙ ඩොනල්ඩ් ජයන්ත අංකල්ගේ ෆිල්ම් එකකට කතා කළා මට.

සහේලිගේ අනාගත බලාපොරොත්තුව මොකක්ද?

හොඳ නිළියක් විම.

ස්තුති කරන්න ඕන කාටද?

උදය අංකල්ට, ඩොනල්ඩ් අංකල්ට, මාව මේකප් කරපු ජයන්ත අංකල්ට, මගේ ටීචර් තුෂාරි ද සිල්වාට ස්තුති කරනවා

-අද-

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'වැඩියෙන්ම මතක අර හොල්මන් කරපු දවස් දෙක'"

    Post a Comment