03 May, 2017

මෛත්‍රීයි - මහින්දයි පොදු ස්ථාවරයකට !

Maithri-Mahinda-04

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දිනයේ ප්‍රධාන කතිකයා වූ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ඒකාබද්ධ විපක්ෂයේ මැයි දින රැළියේ ප්‍රධාන කතිකයා වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආර්ථික ක්‍රමය සම්බන්ධයෙන් සමාන අදහසක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් දෙදෙනාම පවසන්නේ ශ්‍රී ලංකාව ඉදිරියට ගමන් කළ යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුතු සමාජ ආර්ථික ක්‍රමයක් යටතේ බවයි.

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පෙරේදා (01) පැවැති ශ්‍රීලනිප – එජනිස මැයි දින රැළියට එක්වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, රටක් ගොඩ නඟන්න හැම විටම මූලික විය යුත්තේ ස්වදේශීය චින්තනයෙන් යුත් ජාතිකත්වය මුල් කර ගත් චින්තනයක් බව තමා පිළිගන්නා බව කියා සිටියේය.

''අද ලෝකයේ ජාත්‍යන්තර වාදය කියන එක කෙමෙන් කෙමෙන් පහවෙමින් යනවා. ලෝකගේ ප්‍රබල රජ්‍යයන් අනෙකුත් රාජ්‍යයන්ට අත පෙවීම් ඉවත් කරමින් යනවා. සියලු රජ්‍යයන් ස්වදේශිකවාදී චින්තනයත් ජාතිකත්වයත් මුල්කරගනිමින් තමන්ගේ රට ගොඩ නැගීමට මුල් තැන දෙමින් යනවා.

අද අපට ලෝකයේ කිසිම රටකින් බලපෑමක් නෑ. ඒ ජයග්‍රහණය ලැබුණේ 2015 ජනවාරි අට ජයග්‍රහණයෙන් පසුව බව කිව යුතුයි.

මම බොහොම පැහැදිලිව කියනවා අද අපි කිසිම කෙනෙකුට වගඋත්තරකරුවෙක් නොවෙයි. විත්තිකරුවෙක් නොවෙයි. අපි නිදහස් රටක් විදියට ඉස්සරහට යන්න කිසිඳු බාධාවක් නෑ.'' ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසිය. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෛත්‍රීයි - මහින්දයි පොදු ස්ථාවරයකට !"

    Post a Comment