03 May, 2017

මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ !

basil-rajapaksa-03

කොළඹ ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලියේ ප්‍රධාන සංවිධායකයා වූ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේවනවිට ඔහුට එරෙහිව සිටි විපක්ෂ නායකයින්ගේ ද විශ්වාසය දිනා ගනිමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ ද බලය තහවුරු කර ගෙන ඇත.

මෙම රැලියේ සංවිධාන කටයුතු වල මුලික වගකීම ගෙන එය සාර්ථක කරගැනීමට සියලු පාර්ශවයන් සමඟ සහෝදරත්වයෙන් කැපවී ක්‍රියා කිරීම සම්බන්ධව හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතා වෙත පුද කරන බව ජාතික නිදහස් පෙරමුණ නායක විමල් වීරවංශ මහතා හා පිවිතුරු හෙල උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.

වීරවංශ මහතා විසින් සිය ස්තුතිය මැයි රැළියේදී ඔහුගේ කතාවේදී ප්‍රකාශ කල අතර පෙරේදා රාත්‍රීයේ දෙරණ නාලිකාවේ පැවති 360 වැඩසටහනේදී ගම්මන්පිල මහතා ද බැසිල් රාජපක්ෂ මහතා වෙත සිය ස්තුතිය පල කලේය.

මුස්ලිම් ප්‍රජාව යලි දිනා ගැනීම :

මේ අතර, මෙම රැලිය සාර්ථක කර ගැනීම සඳහා, මුස්ලිම් ප්‍රභූවරුන්ගේ හා ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වය ලබාගැනීමට බැසිල් රාජපක්ෂ මහතා සමත්වීම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විශේෂ ඇඟයීමට ලක්ව ඇත.

ඔවුන් ගෙන් අති බහුතරය පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයාට ප්‍රසිද්ධියේ සහයදුන් පුද්ගලයින් වීම විශේෂ කාරණයකි.

අවසන් මොහොතේ වේදිකාවට :

ගෝල්ෆේස් පිටියේ පැවති දැවැන්ත මැයි රැලිය අවසන් මොහොත වනතෙක් වේදිකාව ආසන්නයට වී සංවිධාන කටයුතුවල නිරතවූ බැසිල් රාජපක්ෂ මහතාව වේදිකාවට කැඳවන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දුන් අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂ නායකයින් ඔහුව මහත් හරසරින් යුතුව පිළිගනු ලැබිය.

මේ අතර බැසිල් රාජපක්ෂ මහතාට එරෙහි නඩු කටයුතු කඩිනම් කිරීමට අදාළ අංශ ප්‍රධානීන්ට බලපෑම් කරන්නැයි ආණ්ඩුවේ ඇමතිවරුන් කිහිප දෙනෙකුම ජනාධිපතිවරයා ගෙන් අගමැතිවරයා ගෙන් ඉල්ලීම් කර ඇතැයි 'ශ්‍රී ලංකා මිරර්' වෙත වාර්තා වේ. (srilankamirror)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මැයි රැළියෙන් බැසිල්ගේ බලය තහවුරුවේ !"

    Post a Comment