05 May, 2017

ගුවනේදී ගුටිකෙලගත් ශ්‍රී ලංකික මගින් දෙදෙනා පොලිස් භාරයට

srilankan-airlines-airbus-flight-320-neo-02

පියාසර කරමින් තිබු ගුවන් යානයක සිටි අවු 45ක් සහ 35 හැවිරිදි ලාංකික ගුවන් මගීන් දෙ‍දෙනෙකු අතර ඇතිවු වචන හුවමාරුවක් අවසානයේ ගුටි හුවමාරුවකින් කෙලවර වී ඇතැයි ගුවන් තොටුපළ පොලීසිය පවසයි. ගුවන් යානයේ කළහ කළ පුද්ගලයින් දංකොටුව සහ බම්බලපිටිය පදිංචිකරුවන් වන බවත් ඔවූහු ජපානයේ වසර ගනනාවක් සේවය කර පැමිනි පුද්ගලයින් බව පොලීසිය කියයි.

නරීටා ගුවන්තොටුපලේ සිට කටුනායක බලා පියාසර කරමින් තිබු යු. එල්.455 දරණ ගුවන් යානයේ මගීහු 100 කට අධික වුහ. ඔවුහු පැය කීපයක දිගු ගුවන් ගමනක යෙදෙමින් සිටියහ. ඇතැමෙකු විඩාබර නින්දට පත්ව තිබුණි. යානයේ ගුවන් සේවිකාවන් මෙන්ම අනෙක් අයද ඔවුනට බාධා නොකළහ. නිදි නොලබ සිටි මගීන් හට ගුවන්සේවක සේවිකාවන් සංග්‍රහ කරමින් සිටියද යානයේ සිටි ලාංකික ගුවන් මගියකු අධික ලෙස බීමත්ව එහි අසුන් ගෙන සිටි කාන්තාවන්ට අපහසු වන ලෙස අශෝබන අයුරින් හැසිරීම හේතුවෙන් ඒ සියළු සුහද සත්කාරක කටයුතු උඩු යටිකුරු විය.

ගුවන් මගීනට පීඩා වන අයුරින්, ගුවන් යානයේ අසුන් පේලී අතරින් බිම බඩගාමින් වෙරිමතින් සිටි මගියා පිළිබදව විමසිල්ලෙන් සිටි වෙනත් මගීයකු එලෙස හැසරෙනු එපා යන්න පවසත්ම දෙදෙනා අතර ගුටි හුවමාරුව සිදුවිමෙන් එක් අයෙකුට තුවාල සිදුවි තිබේ.

බීමතින් සිටි තැනැත්තා ඔහු සතුව තිබු විදේශ මත්පැන් බෝතලයක්ද රහසින් පානය කරමින් ගුවන් යානය තුළ කළහ කර ඇත. ඒ වන විට ගුවන්යානය කටුනායකට පැමින තිබු අතර කාර්ය මණ්ඩලය විසින් මෙම සිද්ධිය පිළිබදව කටුනායක ගුවන් තොටුපළ නිළධාරින් හට දැන්වීමෙන් ගුවන්තොටුපළ පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක බි.එන්.සි රත්න කුමාර මහතාඇතුළු නිළධාරින් පිරිසක් ගුවන්තොටුපල තුළට ගොස් අදාල ගුවන් මගීන් දෙදෙනා පොලිස් භාරයට ගැනීමට කටයුතු කර ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ගුවනේදී ගුටිකෙලගත් ශ්‍රී ලංකික මගින් දෙදෙනා පොලිස් භාරයට"

    Post a Comment