05 May, 2017

සූරියවැව බිරියක් සැමියාට ගිනි තබා මරා දමයි (Photos)

Sooriyawewa wife killed husband on fire

සුරියවැව බැද්දෙවැව බටහිර ප්‍රදේශයේ පදංචි පුද්ගලයෙකු ගිනි තැබිමක් හේතුවෙන් ඊයේ (04) සවස මියගොස් ඇතැයි සුරියවැව පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ සුරියවැව බැද්දෙවැව බටහිර පදිංචි 67 හැවිරිදි කරුණාසේන වන්නිගම නැමති අයෙකි.

ඔහු ඇවිදිමට නොහැකිව අබාධිත තත්වයෙන් පසු වු අයෙකි.

පළමු විවාහක බිරිදගෙන් වෙන්ව ජීවත් ව සිට ඇති මොහු මිට වසර දෙකකට පමණ පෙරදි විවාහයෙන් වෙන්වි සිටි කාන්තාවක් හා එක නිවසක ජිවත්ව සිට ඇත.

කෙසේ වෙතත් කිහිලි කරු දෙකක් ආධාරයෙන් අවිදින මෙම පුද්ගලයා ගිණිගැනිමකට ලක්ව සුරියවැව රෝහලට ඇතුලත් කර ඇති අතර ඉන් වැඩිදුර ප්‍රථිකාර සදහා හම්බන්තොට මහරෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගිය ගොස් ඇත.

ගිණි ගැනිමට ලක් වු පුද්ගලයා රෝහල් ගතකිරීමෙන් පසු මියයාමට පෙර පවසා ඇත්තේ බිරිද තමන්ට පෙට්‍රල් දමා ගිණි තැබු බවයි.

ඒ අනුව වහා ක්‍රියාත්මක වු සුරියවැව පොලිසිය මිය ගිය පුද්ගලයාගේ බිරිද අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 41ක් වන සුසන්තා නැමති අයෙකි.

ඇය හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සූරියවැව බිරියක් සැමියාට ගිනි තබා මරා දමයි (Photos)"

    Post a Comment