04 May, 2017

සූර්යාට මේ වසර ජයයිලු

Soorya Dayaruwan-2017.05.04

රියැලිටි වේදිකාවේ දාපු සෙල්ලම් ඉවර කළානේ. දැන් මොනවද සිද්ධ වෙන්නේ?

ස්ටාර් සිටි වැඩසටහනේ අවසන් පූර්ව වටය වෙනකල් අපේ කණ්ඩායම ආවා. ඒ වටයෙන් අපිට ඉවත් වෙන්න වුණා. දැන් රංගන සහ ගායන කටයුතුවලට සම්බන්ධ වෙනවා.

මොනවද රංගනයෙන් සම්බන්ධ වුණු අලුත් වැඩකටයුතු?

මම අලුත් ටෙලි නාට්‍ය හතරක වැඩ පටන් ගත්තා. ෂර්ලි පී. දෙලංකාවල අයියගේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් ළඟදි පටන් ගන්නවා. ඒ ටෙලි නාට්‍යයේ මම නිරූපණය කරන්නේ චිත්‍ර ශිල්පියෙක්ගේ චරිතයක්. ටෙලි නාට්‍ය හයක තේමා ගීතය ගායනා කළා. මම සම්බන්ධ වුණු ටෙලි නාට්‍ය හතක් සහ චිත්‍රපට දෙකක් එන්න තියෙනවා.

දැන් සූර්යාට වැඩ ජයයි වගේ?

ඔව්. මම දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු පහක් විතර වෙනවා. මේ අවුරුද්ද ගොඩක් ජයයි කියලා හිතෙනවා.

වැඩිපුර වැඩ ලැබෙන්නේ රංගනයටද? ගායනයටද?

රංගනයටයි, ගායනයටයි දෙකටම ආරාධනා ලැබෙනවා. ගායනය පැත්තෙන් මේ දවස්වල ෂෝවලටත් සම්බන්ධ වෙනවා. මම කවර්ස් කිහිපයක් කරලා යූ ටියුබ් දැම්මා. ඒවා දැකලා ගෘහස්ථ ප්‍රසංගවලටත් මේ දවස්වල ආරාධනා ලැබෙනවා. ඉතිං මේ දවස්වල රංගන කටයුතුවලට අමතරව ප්‍රසංගවලටත් සම්බන්ධ වෙනවා.

වැඩි දායකත්වය දෙන්නේ ගෘහස්ථ ප්‍රසංගවලටද? එළිමහන් ප්‍රසංගවලටද?

මම වැඩි බර දෙන්නේ ගෘහස්ථ ප්‍රසංගවලට. පසුගිය දවස්වල ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් එක්ක එවැනි ප්‍රසංග කිහිපයක්ම කළා. එළිමහන් ප්‍රසංගවලටත් ආරාධනා ලැබෙන නිසා ඒවටත් සම්බන්ධ වෙනවා.

අලුත් ගීතයක් රසිකයන් අතරට දැන්මම ගේන්නේ නැද්ද?

මම 'මගේ නේ' කියන ගීතයට මැයි මාසේ වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ ගීතයත් මගේ රසිකයෝ ආදරයෙන් වැලඳ ගනියි කියලා හිතනවා.

සූර්යා කරන නිර්මාණවලින් ජනප්‍රියත්වය හොයනවද?

මම හොඳ යමක්, රසිකයන්ගේ හිතට දැනෙන යමක් කරනවා. හැබැයි ඒක බලෙන් ජනප්‍රිය කරන්න යන්නේ නෑ.

සූර්යාගේ හිතට දැනුණ හරි සූර්යාව හිතට දැනුණු කෙනෙක් හරි දැන් හමුවෙලා ඇති නේද?

මාව හිතට දැනුණු අය ගොඩක් ඉන්නවා. මට හිතට දැනුණු අයත් ඉන්නවා. හැබැයි සුදුසුම කෙනා නම් තාම මුණගැහුණේ නැහැ.

සූර්යා නළුවෙක් කියනවටද ගායකයෙක් කියනවටද වැඩිපුර කැමති?

නළුවෙක් සහ ගායකයෙක් කියලා මාව හඳුන්වනවට තමයි කැමති.

දැන් නිවේදනයටත් එකතු වෙන්නනේ යන්නේ?

ඔව්. රූපවාහිනී නාළිකාවකින් නිවේදනයට මට ආරාධනාවක් ලැබිලා තියෙනවා. ඉදිරියේදී ඒ කටයුත්තටත් එකතු වෙන්න තමයි ඉන්නේ.

සින්දු කියනවා, රඟපානවා, නිවේදනය කරනවා තව මොනවද සූර්යාට පුළුවන්?

මට හොඳට ලියන්න පුළුවන්. මම මගේ පළමුවැනි කෙටි කතාව ලිව්වේ හත වසරේදී. චිත්‍ර අඳින්නත් පුළුවන්. මම චිත්‍ර ශිල්පියෙක් කියන දේ පෙන්වන්න චරිතයකුත් ලැබිලා තියෙනවා. ඒ වගේම මට පීනන්න, ක්‍රීඩා කරන්නත් පුළුවන්.

ගායන ශිල්පියෙක් සහ රංගන ශිල්පියෙක් විදියට සූර්යාට ලැබිලා තියෙන වටිනාකම ගැන සතුටුද?

ඇත්තටම ඒ ගැන ගොඩක් සතුටුයි. රංගනයයි, ගායනයයි සමබර කරගෙන මට ඒ ලැබිලා තියෙන වටිනාකම තවත් ර¼දා පවත්වා ගන්න තමයි මම උත්සාහ කරන්නේ.

සූර්යාගේ ගමනට කැපිලි කෙටිලි ඇවිත් නැද්ද?

කැපිලි කෙටිලි නම් ඕනම කෙනෙක්ට තියෙන දෙයක්. මටත් එහෙම තිබුණා. සමහර වෙලාවට සමහර ටෙලිවලට කතා කරනවා. මුහුරත් උළෙලටත් යනවා. හැබැයි ඒකේ රඟපාන්නේ වෙන කෙනෙක්. මම කැපිලා. ඒ කැපිලි තිබ්බට ලැබෙන්න දෙයක් තිබ්බොත් ලැබෙනවා. ඉතින් ඒ ලැබෙන දේවල් ගැන මට සතුටුයි.

සූර්යා රංගනයේදී ප්‍රධාන චරිත හඹා යන කෙනෙක්ද?

මම ප්‍රධාන චරිත හොයාගෙන යන්නේ නැහැ. මට යම් චරිතයක දෙයක් කරන්න තියෙනවා නම් සහාය චරිතයක් වුණත්, සුළු චරිතයක් වුණත් මම භාර ගන්නවා. මම කැමැතියි අභියෝග භාර ගන්න.

ඉදිරිය ගැන බලාපොරොත්තුත් ඇති?

ඉදිරියට හොඳ නිර්මාණවලින් ප්‍රේක්ෂකයන් අතරට ඇවිත් හොඳ කලාකරුවෙක් විදියට පවතින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සූර්යාට මේ වසර ජයයිලු "

    Post a Comment