
ජයප්‍රකාශ් ශිවගුරුනාදන්ගේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය තුළින් මේ දිනවල පුංචි තිරය හැඩකරන සෙනාලි ෆොන්සේකා වර්තමානයේ බොහෝ රසික පිරිසකගේ ආදරය දිනාගැනීමට සමත්ව තිබේ.
‘හාර කෝටිය’ ටෙලි නාට්‍යයේ ‘දිලි’ ලෙස චණ්ඩිකම්පාන නිසාම ඇයට මෙසේ බොහෝ පිරිසකගේ ආදරය හිමිව ඇත. රසික ආදරය වැඩිපුර හිමිවෙන මේ ‘දිලි’ චරිතය ගැන සෙනාලි අපිට පැවසුවේ මෙවැන්නක්.
“පසුගිය කාලේ ගොඩ දෙනෙක් මට ආදරය කළේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ‘සිරිමල් එතනා’ චරිතයට. නමුත්, අද ගොඩ දෙනෙක් මට ආදරය කරන්නේ ‘හාර කෝටිය’ ටෙලි
“පසුගිය කාලේ ගොඩ දෙනෙක් මට ආදරය කළේ ‘සිරි පැරකුම්’ චිත්‍රපටයේ ‘සිරිමල් එතනා’ චරිතයට. නමුත්, අද ගොඩ දෙනෙක් මට ආදරය කරන්නේ ‘හාර කෝටිය’ ටෙලි
නාට්‍යයේ ‘දිලි’ කියන චරිතයට. ‘සිරිමල් එතෙනා’ ගොඩක්ම ජනප්‍රිය වුණේ කුඩා දරුවන් අතර.
නමුත්, ‘දිලි’ කියන චරිතය ගොඩක්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ තරුණ පිරිස් අතර. වර්තමානයේ ලැබෙන රසික ප්‍රතිචාර මට ඒක දැනෙනවා.
ඉතින් කාලයකට පස්සේ මිනිස්සු කතා කරන චරිතයක් ලැබුණ එක ගැන ගොඩක් සතුටු වෙනවා. එහි ගෞරවය හිමිවිය යුත්තේ ‘හාර කෝටිය’ ටෙලි නාට්‍යය නිර්මාණය කළ ජයප්‍රකාශ් ශිවගුරුනාදන් මහත්මයාට.”

(saaravita)
Share this
|
|
0 Comment to "සෙනාලි දැන් චණ්ඩි කෙල්ලෙක්"
Post a Comment