19 May, 2017

ඒක පට්ටපල් බොරුවක් - දුලාජ්

Dulaj Danushka

දුලාජ් ධනුෂ්ක කියන්නේ මේ රටේ ඉහලම ප‍්‍රතිචාරයක් තියෙන යොවුන් ගායකයෙක්. පිටින් ඉදන් දකින අපිට නං පේන්නේ රටේ ලෝකෙ තියෙන හැම සංගීත ප‍්‍රසංගයකම වගේ දුලාජුත් දකින්න ලැබෙන එක. කොහොම වුනත් දුලාජ් කියන්නේ මේ රටේ මතබේදයට ලක්වූ කරුනු දෙකකට මැදී වු ගායකයෙක්.
මේ අපි ඒ ගැන දුලාජ්ගෙන් අහන්න ගත්තු වෑයම.

දුලාජ් මොනවද මේ දවස්වල මිනිස්සු අතර තියන ඔයාගෙ නිර්මාණ?

මොනාලිසා / නිල් නුවන්/ දුරස්වෙන්න කලියෙන් කියන ගීත හුගක් ජනප‍්‍රියයි. ලගදී ගීතයක් කලා කදුඵ උහුලන්න බෑනේ කියලා. මේක ලිව්වෙත් සංගීතවත් කලෙත් හිමාල් ක‍්‍රිෂාන්ත. තාම ගීතය රිලීස් කලේ නෑ. වෙනස්ම විදිහක විඩියෝ එකකුත් එක්කයි මේක රසිකයින්ට පිරිනැමෙන්නේ ළඟදීම.

මේ තරම් මොකද ඔයාට සංගීත ප්‍රසංග ලැබෙන්නේ?

රසිකයෝ ඉල්ලන්නේ මාවනම් මම ප්‍රසංග සංවිධායකවරුන් එක්ක සුහදත්වයෙන් වැඩ කරනවනම් ඒක තමයි හැම තැනම මට ප්‍රසංග ලැබෙන්න හේතුව. අනික ඒක මගේ වාසනාව.

ඔබ සංගීත අධ්‍යක්‍ෂකවරයෙක් විදියටත් වැඩ ඇරඹුවා නේද?

ඔව් මං මේ රටේ ජනප‍්‍රිය අයගේ වගේම අලූත් අයගෙත් ගීත රාශියක් සංගීතවත් කරලා තියෙනවා.

මේ වගේ තමන්ගෙ නිර්මාණ තියෙද්දි මොකටද නාමල්ගෙ සිංදුවක් කියලා ප‍්‍රශ්න හදා ගත්තේ?

නාමල් අයියගේ අප හමුවීම වෙන්වීම දෝ ආදරේ ගීතය ගැනනේ ඔය අහන්නේ.

ඔව් ඒ ප‍්‍රශ්නෙ තමයි?

ඇත්තමට මං ඒ ගීතය කිව්වේ සල්ලි හම්බ කරන්න නෙවෙයි. ඒකට තියන ආසාවට. මටයි කියලා සිංදු තිබුනත් මට තිබුන උනටයි ඒක කිව්වේ.

ප‍්‍රසංග වේදිකාවලත් කිව්වද?

නෑ. මට ප‍්‍රසංග වේදිකා වල කියන්න මගේම කියලා හිට් සිංදු ටිකක් තියෙනවා. මම නාමල් අයියගේ සිංදුව කලේ කවර් එකක් විදයට. ඒක පුංචි විඩියෝවක්.

ඒත් ඒකට නාමල් උඩුගම නීතිමය පියවර ගන්න ගියා නේද?

නාමල් අයියා මුලින් හරියට කාරනේ දැනගෙන හිටියේ නෑ. මං ඔහුට ඒක පැහැදිලි කරලා දුන්නට පස්සෙ ඒ ප‍්‍රශ්නෙ එතනින් ඉවර උනා.

නාමල්ව සුව කරන්න කරපු ප‍්‍රසංග වලත් ඔයා සිදු කිව්ව කියලා කතාවක් ගියා?

ඔව් ඒක උනේ මේ කවර් එක කරන්න කලින්. නාමල් අයියා සුව කර ගන්න මුදල් හොයන්න තිබ්බ ප‍්‍රසංග වල මං සත පහක් වත් ගන්නේ නැතුව සිංදු කිව්වා.

සිංදුවේ කචල් එකෙන් පස්සේ නාමල් ඒක දැන ගත්තද?

ඔව්. මම නෙවෙයි ප‍්‍රවීන අය කීප දෙනෙක් නාමල් අයියාට කියලා තිබුනා මං ඔහු වෙනුවෙන් යම් කැප කිරීමක් කලා කියලා. දැන් අපි අතර ප‍්‍රශ්නයක් නෑ.

ඔයා කාලෙන් කාලෙට ගොසිප් එකක් හදා ගන්නවාමයි නේද?

ඒ කිව්වේ

නැගීගෙන එන යොවුන් ගායිකාවක් එක්ක ඔයාගෙ තියෙන හුටපටේ ගැන අහන්නේ මේ?

අපොයි ඒක බොරු කතාවක්. ඔය කතාවේ කිසිම ඇත්තක් නෑ.

ඇත්තක් නැත්තං ඔයාගෙ කාර් එකේ ඔය කියන ගායිකාව ඉන්නෙ කොහොමද නිතරම?

මේකයි ඔය කියන ගායිකාව විතරක් නෙවෙයි සමහර ප‍්‍රසංග වලට යද්දි ගායක ගායිකාවන් දෙතුන් දෙනෙක් වුනත් මාත් එක්ක ෂෝ එකට යන වෙලාවල් නං තියෙනවා. එක්කෙනෙක් කියලා නැහැ. දුර ප‍්‍රසංග වලට යද්දි කීප දෙනෙක් එකතු වෙලා එක වාහනේක යන අවස්ථා ඕනේ තරම් තියෙනවා.

ඒ උනාට ප‍්‍රසිද්ධ ස්ථාන වල පවා ඔයා එක්ක ඔය කියන ගායිකාවත් එක්ක අත්වැල් පටලන් ඉන්නවා දකින්න ලැබෙනවලූ?

වෙඩින් එකකට වගේ මට සිං කරන්න ආරාධනා ලැබුනම මං යනවා. සමහර විට ඔය කියන ගායිකාවටත් ඒකට ආරාධනා ලැබෙනවා. ඉතින් ඒකට මං මොකද කරන්නේ. කොහොමටත් ඔය අත් අල්ලන් ඉන්න කතාව බොරුවක්.

ඔය කියන ගායිකාවගේ පෙම්වතා ඔයා එක්ක ගැටුමකටත් ආවා නේද?

ඔහොම ප්‍රශ්නෙකට මං කවදාවත් මුහුන දීලා නෑ. ඕක මට මඩ ගහන්න ගෙනියන ප‍්‍රචාරයක්.

ඒ ගායිකාවගෙන් දැන් ඔයාට අයින් වෙන්න ඕන උනාට, එයා ඔයාට ගැලවෙන්න දෙන්නෙ නැතිලු නේද?

මං ඒ වගේ දරුණු අර්බුදයකට මුහුන දීලා නෑ. ෆීල්ඞ් එකේ හැමෝම මට සමීපයි ඉන් එහා කිසිම දෙයක් නෑ.

ඒ කියන්නේ ගායිකාව එක්ක රවුං ගහනවා කියන කතන්දරේ බොරු?

ඔව්. මේක මඩ ප‍්‍රචාරයක්. මේවයේ ඇත්ත නැත්ත ලබන අවුරුද්දෙ ජනවාරි වෙද්දි රටටම දැන ගන්න පුඵවන් වෙයි.

ඇයි ජනවාරි වල ඔය කියන ගායිකාව ඔයා බදිනවද?

හිනා (gossipking)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඒක පට්ටපල් බොරුවක් - දුලාජ්"

    Post a Comment