12 May, 2017

දිමංක සඳුන් මුහුණ දුන්නු අනතුර ගැන කතා කරයි

Sandun Perera - 2017.05.11

සදුන් පසුගියදා මුහුණ දුන්න අනතුර ගැන බොහෝ දෙනා කතා වෙනවා. කොහොමද සඳුන් ඒ අනතුර වුණේ?

දිමංකයි මමයි ෂෝවල ගීත ගායනා කරන්නේ සහෝදරත්වයෙන්. මං මුලින්ම ඉඪදඨ කරලා ඉබචඨඥ එකෙන් බහිද්දිම දිමංකත් ආවා. ඉතින් අපි දෙන්නම කතා වුණා මිනුවන්ගොඩින් කාලා හෙමින් ගෙදර යමු කියලා. අපි දෙන්නම එකටමයි පිටත් වුණේ. වෙනදට නම් මම ර්චන එක දාගෙන යන්නේ. හැබැයි දිමංකගේ ඩ්‍රයිවර් පාර දන්න නිසා අපි ර්චන එක දැම්මෙත් නෑ. දිමංකගේ වාහනේ මං ඉස්සරහින් ගියේ. යද්දී තමයි අනතුර සිද්ධ වුණේ.

වේගයෙන් ගිහිල්ලද මේ අනතුර සිද්ධ වුණේ?

ලොකු වේගයකින් නම් ගියේ නෑ. නීලපනාගොඩ හන්දියේ තියෙන්නේ ටී වංගුවක්. ඩ්‍රයිවර් දැක්කේ නෑ ඒක. දිමංකගේ වාහනේ එක පාරටම බේ්‍රක් කළා. එයාව බේරන්න හිතාගෙන අපේ වාහනේ වමට දැම්මා. දිමංකගේ වාහනේ දාලා තියෙන්නේ දකුණට.

එතකොට කොහොමද වාහනේ හැප්පුණේ?

අපි වමට දැම්මම තමයි මගේ වාහනේ ලයිට් කණුවකයි, තවත් කණුවකයි හැප්පිලා නතර වුණේ. මට වමට හරවනවා මතකයි. එයාර් බෑග් එක පිපුරුණත් මතකයි. එකපාරටම දුමෙන් අපිව වටවුණා. හැබැයි මං හිතුවේ මගේ හුස්ම ටික ගිහින් මං ඒ ඉන්නේ වෙන ලෝකෙක කියලා. ඇත්තටම මට හිතුණේ මං මැරුණා කියලා. වාහනේ දැක්කම කවුරුත් හිතන්නෑ මං බේරුණා කියලා. මාව බේරුණේ එයාර් බෑග් එක හින්දා.

දිමංකගෙයි සඳුන්ගෙයි කාර් දෙකම හැප්පුණේ රේස් යන්න ගිහිල්ලා කියලත් සමහරු කියනවා නේද?

ඇත්තම කතාව ඒක නෙවෙයි. එතැන ඉන්නකොටත් මං අහපු අයට කීවේ වැරැදි විදියට නම් මේවා දාන්න එපා කියලා මහ රෑ නිසා අපේ රියැදුරු මහත්වරු දෙන්නත් හොඳටම මහන්සි වෙලා හිටියේ. මං ඒ අය පිට දාන්නේ නෑ කවදාවත් මේ අනතුර. නීලපනාගොඩ හන්දියේ වංගුවේ හරියට ලයිට් එකක් නෑ. ඉතින් ඩ්‍රයිවර්ට මුකුත් පෙනුණේ නෑ. දෙයියො බේරුවා කියලා තමයි කියන්න තියෙන්නේ.

වාහනේ යථා තත්ත්වයට ගන්න පුළුවන්ද?

මං මහන්සි වෙලා අමාරුවෙන් ගත්තු පළමුවැනි වාහනේ ඒක. වාහනේ ඛ්චපපඪඥප එකේ දාගෙන යද්දි මට ඒක දැනුණේ මගේ මළගම වගේ. වාහනේ ආයෙත් ගොඩගන්න පුළුවන්ද කියලා මං බැලුවා. හැබැයි මට තේරුණා වැඩි සම්භාවිතාවක් තියෙන්නේ ආයේ ගන්න බැරි පැත්තකට කියලා. අපි හතරදෙනාගේ ජීවිතවල වටිනාකම වාහනේ මිලට සම කරන්න බෑනේ.

ගොඩක් දුක් විඳලා හැබෑ කරගත්ත හීනයක් නේද විනාශ වුණේ?

ඇත්තම කතාව කියනවා නම් මං කාර් එක ගත්තේ එක දිගටම ඉඩධඹඵ කරලා ගොඩක් මහන්සි වෙලා. මං ගිය අවුරුද්දෙ තමයි "ආයෙත් වරක්" සින්දුව කළේ. ඒ ගීතයත් එක්ක මං එක දිගටම ඉඩධඹඵ වලට ගියා. අවුරුද්දක් ඇතුළත ඛ්චප එකක් ගන්නවා කියලා දැකපූ හීනේ තමයි ඔය. මෙහෙම සිද්ධ වුණු එකට ගොඩක් දුක් වෙන්න ගියා නම් මං තවත් අඬනවා.

අනතුරින් පස්සේ සඳුන්ට ප්‍රදේශවාසීන්ගෙන් ලැබුණු සහයෝගය කොයි වගේද?

කාර් එක දුමින් පිරිලානේ තිබ්බේ. මං කාර් එකෙන් එළියට ආවට පස්සෙත් ටික වෙලාවක් යනකන් මට මුකුත් මතක තිබ්බේ නෑ. අහල පහළ අයයි ඉඩධඹ එක බලලා යන අයයි ඔක්කොම ආවා. පස්සේ ඉභදඵඩඪදඥ වගේම ඉචඬභපච ඕචදඤ දෙකත් ආවා. ඒ හැමෝම කතා කරලා ඉඳලා තමයි ගියේ. දේපළවලට අලාභ වුණු අය වුණත් අවබෝධයෙන් අපිත් එක්ක කතා කරලා හැමදේම නිරවුල් කරගත්තා.

ගායකයෙක් වුණු නිසාමද ඒ විදියට සහයෝගය ලැබුණේ?

ඔව්. මට ඒක හොඳටම දැනුණා. මං සාමාන්‍ය පුද්ගලයෙක් වුණත් මට උදව් ලැබෙයි. නමුත් මට ඒ උදව් දෙගුණ තෙගුණ වෙලා ලැබුණේ මං මිනිස්සු හම්බ කර ගත්ත හින්දා.

දිමංකට මොනවද වුණේ කියලා ඒ වෙලාවේ හොයලා බලන්න මානසිකත්වයක් තිබ්බද?

ඇත්තටම කිව්වොත් අපි දෙන්නට දෙන්නා දැනගෙන හිටියේ නෑ අපේ වාහන හැප්පුණා කියලා. අපි දෙගොල්ල වාහනේ දාලා තියෙන්නේ දෙපැත්තට. මං එතන හිටපු අයට කීවේ දිමංක ගිහිල්ලත් ඇති කියලා. දිමංක හිතලා තියෙන්නේ අපි තාම එනවා ඇති කියලා. මං හිටපු තැනට අංකල් කෙනෙක් ඇවිත් "අනික් කාර් එක පල්ලෙහා" කියද්දිම මං රත් වුණා. එතකොටම දිමංක උඩහට ආවා. මාවයි, කාර් එකයි දැකලා දිමංක ඔළුවේ අත ගහ ගත්තා.

වෙච්ච දේ නිසා සඳුන් වැඩ මඟහැරියේ නම් නෑ නේද?

වාහනය හැප්පුණු දවසට පහුවදාත් මං ඉඩධඹඵ පහකට ගියා. වාහනේ නෑ කියලා මං නැවතුණේ නෑ. අපි හම්බකරගත්තු මිනිස්සු නැති වුණොත් අපිට ආයේ එයාලව ගන්න බෑ.

නලිනිකා ලක්ෂානි (MB WEB)
ඡායාරූපය - අශාන් ගමගේ

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "දිමංක සඳුන් මුහුණ දුන්නු අනතුර ගැන කතා කරයි"

    Post a Comment