31 May, 2017

බරපතල ලෙස දූෂණය වූ තරුණියක් වැරදිකරු වෙයි

rape-girl-abused

තුවක්කුවක් හිසට තබා තරුණියක් බරපතල ලෙස දුෂණය කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාකිස්තානයේ පන්ජාබ් නගරයේ සිදු වූ මෙම සිද්ධියට මුහුණ පා තිබෙන්නේ 19 හැවිරිදි තරුණියක්.

ඇයගේ ඥාතියෙකු මෙලෙස තුවක්කුවක් හිසට තබා දුෂණය කර ඇති අතර මේ පිලිබඳ කිසිවෙකුට පැවසුවහොත් ඇයට වෙඩි තබන බව අදාළ ඥාතියා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

කෙසේ වෙතත් දුෂණයට ලක් වූ තරුණිය මේ සම්බන්ධයෙන් ගමේ ගැටළු විසඳන "පංචායන්" සභාවට පවසා තිබෙනවා.

එහිදී මෙම දුෂණයට ලක්වූ තරුණිය වැරදිකරු වී ඇති බවයි වාර්තාවන්නේ.ඒ අනුව ඇයව ගල් ගසා මැරීමට නියමවී තිබෙනවා.

අනතුරුව එම ගමෙන් පලාගිය තරුණිය මෙම සියලු කරුණු සම්බන්ධයෙන් පවසා පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා.

ඒ අනුව පොලිසිය විසින් පංචායන් සභාවට නඩු පවරා ඇති බවයි සඳහන් වන්නේ.

මේ හේතුව නිසා තරුණියට නියම වූ දඬුවම තාවකාලිකව අවලංගු කර තිබෙනවා. (hirunews)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "බරපතල ලෙස දූෂණය වූ තරුණියක් වැරදිකරු වෙයි"

    Post a Comment