20 May, 2017

"බිකිණියක් අඳිනවද නැද්ද කියලා මම හිතලා නැහැ" – ඕෂධී

Oshadi Hewamadduma

“මුල්‍ය බර පැන දරන්නේ එයා නිසා මම මේ ආරාධනාව ලැබුණු ගමන්ම එයාගෙන් තමයි ඇහුවේ..”

“මම ගෘහණියක් විදිහට කොටු වෙන්න කැමති නැහැ..”

නිරන්තරයෙන්ම පුංචි තිරයෙන් දකින්න ලැබෙන ඕෂධී පසුගිය කාලය පුරාවටම දකින්න ලැබුණේ හිරු මෙගාස්ටාර් වේදිකාවෙන්. විවාහක කාන්තාවක් මවක් වුණත් ඇය රංගනය,දේශපාලනය, වගේම ව්‍යාපාර කටයුතු කරන කාර්යබහුල කෙනෙක් බවට පත් වෙලා. ඒ වගේම ඇය ලබන සතියේ යුරෝපයේ පැවැත්වෙන “miss top of the world” තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. ඒ ගැන වගේම ඕෂධීගේ අලුත් තොරතුරු කතා කරන්න ඇයව හිරු ගොසිප් එක්ක එකතු කරගත්තා.මේ ඇය ගැන තොරතුරුයි.

ඕෂධී කොහොමද..?
හොදයි. නමුත් කාර්යබහුලයි.

ඔබත් රූපයෙන් ලෝකය දිනන්න යනවා කියලා ආරංචියි..?
යුරෝපයේ පැවැත්වෙන “miss top of the world” තරගාවලියට මම සම්බන්ධ වෙනවා. ආරාධනාව ආව නිසා ඒ වගේ දෙකටත් සම්බන්ධ වෙලා අත්දැකීමක් ගන්න හිතුවා.

ඔබ රංගන ශිල්පිණියක්. මේ වගේ නිරූපණ තරගයකට සම්බන්ධ වෙනවට සැමියාගෙන් අකමැත්තක් නැද්ද..?
මුල්‍ය බර පැන දරන්නේ එයා නිසා මම මේ ආරාධනාව ලැබුණු ගමන්ම එයාගෙන් තමයි ඇහුවේ. එයාගේ කිසිම අකමැත්තක් නැහැ. මට කිව්වා හොද නම් කැමති නම් යන්න කියලා. මට මගේ සැමියා නීති දාන්නේ නැහැ. එයාගේ අවසරය තියන නිසා මමත් යනවා. මාත් එක්ක යන්න එයත් එනවා. ඒ නිසා කොහොමත් මට බයක් නැහැ.

මෝස්‌තර නිරූපණ ශිල්පින් ශිල්පිණියන් සම්බන්ධ වෙන මෙවැනි තරගාවලි වලට නළු නිළියන් සම්බන්ධ වෙන්නේ මෑතකදී ඉදලයි. මේ යන රැල්ලටද ඔබත් යන්නේ..?
මම අවුරුදු කුමාරී තරගවලටවත් සම්බන්ධ වුණ කෙනෙක් නෙමෙයි. මේ වගේ අත්දැකීමක් ලබන්න යන්නේ පළමු වරටයි. මම විවාහ වෙන්න කලිනුත් විවිධ නිරූපණ පැජන්ට් වලට ආරාධනා ලැබිලා තියෙනවා. මගේ අම්මා තාත්තා අකමැති වුණ නිසා මම සම්බන්ධ වුණේ නැත්තේ. දැන් ඉතින් සැමියාගේ අවසරය ලැබුණු නිසයි යන්නේ. එහෙම නැතුව රැල්ලට නෙමෙයි මම යන්නේ.

කිසිම අත්දැකීමක් නැතුව මේ තරගයට මුහුණ දෙන්න පුළුවන් කියලා හිතනවද..?
මම පුංචි කාලේ ඉදලා රූ රැජිණ තරග රූපවහිණියේ විකාශය වෙනකොට ආසාවෙන් බලනවා. ඒ පුරුද්ද අදටත් තියනවා. මම අන්තර්ජාලයෙන් පවා එවැනි තරග බලන නිසා මට අවබෝධයක් තියනවා. උත්සහා කරනවා ජයගන්න. මේ දවස්වල ඒකට තමයි මහන්සි වෙන්නේ.

තරගාවලියට බිකිණිය අදින්නත් කැමැත්තෙන්ද ඉන්නේ…?
මම බිකිණිය අඳිනවද නැද්ද කියලා තවම හිතලා නැහැ. ස්විමිං කිට් එක අදින්න පුළුවන් නම් මම අදින්නේ අවශ්‍ය තැන් වැහෙන්නයි. අපේ රටට ගැළපෙන දේ විතරයි මම කරන්නේ.

පහුගිය කාලයේ හිරු මෙගාස්ටාර් වේදිකාවේ නර්තනයේ යෙදුණු නිසා රංගනයෙන් දකින්න ලැබුණේ නැහැ නේද…?
ඔව්. මෙගාස්ටාර් වලට මුල් තැන දුන්න නිසා නිර්මාණ භාර ගත්තේ නැහැ. ඉදිරියේදී සුපුරුදු විදිහට නිර්මාණවලින් දකින්න ලැබෙයි. රංගනයෙන් අයින් වෙන්නේ නැහැ. හොද චරිතයක් ලැබුණා. වලව්වක ආබාධිත චරිතයක්. ඒකට කැමැත්තෙන් මම සම්බන්ධ වෙනවා.

රංගනය, ව්‍යාපාර, දේශපාලනය මේ හැම දෙයක් එක්කම කාර්යබහුල වෙද්දී ගෘහණිය මව බිරිද කියන වගකීම් වලින් ඔබ මිදෙනවා ඇති නේද…?
මොන දේ කරත් මම ගෙදර ගැන දරුවා ගැන වගේම මගේ සැමියා ගැන හොයලා බලනවා. වගකීම් බැදීම් වලින් ඉවත් වෙන්නේ නැහැ. මම මුල ඉදලම හිතුව දෙයක් තමයි විවාහ වුණත් සාම්ප්‍රධායික බිරිදක් නම් වෙන්නේ නැහැ කියන එක. රගපෑවේ නැතත් ව්‍යාපාරයක් හරි කරනවා කියන තැනයි මම හිටියේ.

ඕෂධී කියන්නේ කට කතාවලට බය කෙනෙක්ද…?
මට කට කතා හැදිලත් නැහැ. හැදුණත් මම බය නැහැ. බය වෙන්න දෙයක් නැහැ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to ""බිකිණියක් අඳිනවද නැද්ද කියලා මම හිතලා නැහැ" – ඕෂධී"

    Post a Comment