20 May, 2017

ලොකු ප්‍රශ්ණයක් නිසා මට මධුසමය කල් දාන්න වුණා – ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය!

Mark Zuckerberg - five year wedding anniversary

ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් ලොව සිටින බිලියනපතියන් අතරින් එක් අයෙක්. ඔහුගේ පස්වන විවාහ සංවත්සරය ඊයේ දිනට යෙදී තිබුණා. එම විවාහ සංවත්සරය ගැන අදහස් දක්වමින් මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කලේ ඔහුට විවාහ වීමට සිදුවුවද මධුසමය ගත කිරීමට ටික දිනක් ඉවසා සිටීමට සිදුවූ බවයි!

” අපට අවශ්‍ය වුණා ඉතාම සරළ විවාහ මංගල උත්සවයක් පවත්වන්න. මගේ බිරිඳගේ උපාධිය වෙනුවෙන් පවත්වන සරළ සාදයක් ලෙසයි මගේ නිවසේ පිටුපස මම ඒ උත්සවය සංවිධානය කලේ. නමුත් ෆේස්බුක් සමාගමේ මූලික කොටස් නිකුතුව යෙදී තිබුනේ ඊට පෙර දිනයේදී. ඉතින් අප විවාහ වුණත් සමාගමේ ව්‍යාපාරික කටයුතු වලට මහන්සි වෙන්න වූනු නිසා මධුසමය ගත කිරීම දින කිහිපයක් කල් දමන්න සිදු වුණා.

සාමාන්‍යයෙන් අපි විවාහ සංවත්සරය ගත කරන්නේ ජපානයේ හෝ ප්‍රංශයේ. මෙවර එය අපි ඇමරිකාවේම ගත කරනවා. ”


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලොකු ප්‍රශ්ණයක් නිසා මට මධුසමය කල් දාන්න වුණා – ෆේස්බුක් නිර්මාතෘ සකර්බර්ග්ගේ ආන්දෝලනාත්මක ප්‍රකාශය!"

    Post a Comment