20 May, 2017

සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගනයට

Sybil Wettasinghe

හීරෝ නීරෝ සිනමාපටය නිර්මාණය කළ ප්‍රදීප් මහේෂ් ලියනගේ සිය දෙවැනි සිනමා නිර්මාණය එළඹෙන ජූනි මස 05 වැනිදා එනම් ලෝක පරිසර දිනය දා පැවැත්වෙන මුහුරත් උළෙලකින් පසුව ආරම්භ වේ.

පරිසරයේ සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ආදර්ශවත් සිනමාපටයක් ලෙස නිර්මාණය වන මෙය නම් කොට ඇත්තේ නිල්ල මැදින් යං යනුවෙනි. මෙම සිනමාපටය ඔස්සේ විශිෂ්ට ළමා කෘති සාහිත්‍යවේදිනියක වන සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගන ශිල්පිනියක ලෙසින් ඔබ හමුවීමට නියමිතය. 

එමෙන්ම ඇය සමඟ විශිෂ්ට රංගනවේදිනියක වූ අයිරාංගනි සේරසිංහ නිල්ල මැදින් යං සිනමාපටයේ සිය රංගන දායකත්වය සපයනු ඇත. මේ දෙපොළ ඇතුළු ළමා නළු නිළියන් රැසක් සිනමාපටය රංගනයෙන් හැඩ කිරීමට නියමිතය.

ළමුන් කණ්ඩායමක් පරිසර දිනය වෙනුවෙන් චාරිකාවකට සහභාගි වේ. ඔවුන් එහිදී මුහුණපාන සිදුවීම් කිහිපයක් ඔස්සේ පරාක්‍රම ඒකනායක විසින් නිල්ල මැදින් යං සිනමාපටහි තිර රචනය ලියා ඇත. මෙම සිනමාපටයෙහි මුහුරත් උලෙළ දින පරිසරය හි සුන්දරත්වය සහ වැදගත්කම කියාපාන ග්‍රන්ථයක් එළි දැක්විමට ද නියමිතය. (mirrorarts)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සිබිල් වෙත්තසිංහ ප්‍රථම වතාවට රංගනයට"

    Post a Comment