13 May, 2017

Hyundai සහ Kia මාදිලි දොළහක දෝෂ?

Hyundai

හ්යුන්ඩේයි (Hyundai) සහ කියා (Kia) මෝටර් රථ දෙලක්ෂ හතළිස් දහසකට ආසන්න සංඛ්‍යාවක් යළි කැඳවන ලෙස දකුණු කොරියාව එම සමාගම්වලට නියෝග කොට තිබේ.

දකුණු කොරියානු බලධාරීන් එවැනි නියෝගයක් නිකුත් කළේ හෙළිදරව් කරන්නකු විසින් දෙන ලද ඔත්තුවක් අනුවය.

සමාගම් දෙකේ නිෂ්පාදිත විවිධ වර්ගයේ මෝටර් රථ මාදිලි දොළහක දෝෂ ඇති බව හ්යුන්ඩේයි සමාගමේ හිටපු සේවකයෙකු විසින් බලධාරීන්ගේ අවධානයට ලක් කරනු ලැබ ඇත.

මෝටර් රථ යළි කැඳවන මෙන් දකුණු කොරියාව විසින් අනිවාර්ය නියෝගයක් නිකුත් කරන ලද පළමු අවස්ථාව මෙය වේ.

ආරක්ෂාව සම්බන්ධයෙන් අනතුරක් නැති බව පවසන දකුණු කොරියානු මෝටර් රථ නිෂ්පාදන සමාගම් දෙක ඒ සම්බන්ධයෙන් ස්වේච්ඡාවෙන් ක්‍රියාමාර්ග ගැනීම ප්‍රතික්ෂේප කර තිබිණි.
දෝෂ මොනවාද?

Kia

එම දෝෂ සැඟවීමට අදාළ සමාගම් කටයුතු කර ඇති බවට සාක්ෂි තිබේ දැයි සොයා බලන ලෙස දකුණු කොරියානු බලධාරීන් රජයේ නීතිවේදීන්ට උපදෙස් දී තිබේ.

කියා සමාගම හ්යුන්ඩේයි මෝටර් සමාගමේ අනුබද්ධ ආයතනයකි.

යළි කැඳවනු ලැබූ මාදිලි අතර
  • හ්යුන්ඩේයි : i30 හැච්බැක් (i30 hatchback), මධ්‍යම ප්‍රමාණයේ සොනාටා (Sonata midsize), සුඛෝපභෝගී ජෙනේසිස් (Genesis)
  • කියා: මොහාවි (Mohave), කානිවල් මිනීවෑන් රථ (Carnival minivan)

ඉහත කී මාදිලි ඇතුළු සෙසු මෝටර් රථවල වැකියුම් පයිප්පය (vacuum pipes), ඉන්ධන බටය (fuel hoses), තිරිංග පහන් (parking brake light) සහ තවත් දෝෂ ගණනාවක් ඇති බව සොයා ගෙන තිබේ. (බීබීසී )

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "Hyundai සහ Kia මාදිලි දොළහක දෝෂ?"

    Post a Comment