12 May, 2017

ලංකාවට එන එක ගැන මෝඩි ෆේස්බුක් දාපු සටහන මොකක්ද?

Narendra Modi FB

තමා ශ්‍රී ලංකාවේ දින දෙකක නිල සංචාරයක් ආරම්භ කරනුයේ ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගිවීමට, ඉන්දීය ආධාර මත ඉදිකරන ලද රෝහලක් විවෘත කිරීමට සහ ශ්‍රී ලංකාවේ ජීවත්වන නියම ඉන්දීය දමිළ ජනයා හමුවී කතාබහ කිරීමට පමණක් බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝඩි තම ෆේස්බුක් පිටුවෙහි සටහන් තබා ඇති බව ඉන්දියාවේ එන්.ඩී.ටී.වී පුවත් අඩවිය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව බලා පිටත්වීමට පැයකට පෙර ඉන්දීය අග්‍රාමාත්‍යවරයා තම ෆේස්බුක් පිටුවෙහි එම සටහන තබා ඇත.

වැඩිදුරටත් සිය සටහන තුළින් අග්‍රාමාත්‍ය මෝඩි ප්‍රකාශ කර ඇත්තේ 'තම සංචාරය තුළදී තමා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනකුද හමුවීමට සහ කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි.

එසේම මෙම සංචාරය තමාගේ දෙවැනි ශ්‍රී ලංකා සංචාරය බවත් එය දෙරටේ සබඳතා තවත් ශක්තිමත් කර ගැනීම සඳහා ඉවහල් වනු ඇති බවත් නරේන්ද්‍ර මෝඩි ප්‍රකාශ කරයි.

තමා මෙම සංචාරය අතරතුරදී ශ්‍රී දළදා මාලිගාවට ගොස් දන්ත ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමටද අදහස් කරන බවද සටහන් තබා ඇතැයි එන්.ඩී.ටී.වී. පුවත් අඩවිය වාර්තා කරයි.



රෝහණ බමුණුආරච්චි (mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලංකාවට එන එක ගැන මෝඩි ෆේස්බුක් දාපු සටහන මොකක්ද?"

    Post a Comment