12 May, 2017

ප්‍රංශ ජනපති කුඩා කාලයේ බිරිය වෙතින් අපයෝජනය වෙලා

Emmanuel Macron has been abused-01

පසුගිය දින කිහිපය තුළ ලෝකයේ වැඩිපුරම අවධානයට ලක් වූ මිනිසා වූයේ නව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක‍්‍රන් ය. ඒ පසුගිය දා පැවැත්වූ ප‍්‍රංශ ජනපතිවරණයෙන් ජයග‍්‍රහණය කොට එහි ජනපතිවරයා ලෙස තේරී පත් වූ නිසාම නොවේ.

දැනට හතලිස් වැනි වියෙහි පසු වන ඔහු නැපෝලියන් අධිරාජ්‍යයා හැරුණු විට එරට මෙතෙක් පත් වූ ළාබාලතම පාලකයා නිසා ද නොවේ. එම්මානුවෙල් මැක‍්‍රන් පිළිබඳ ලොව වඩාත්ම කුතුහලයට පත් කළ කරුණ වූයේ ඔහුට වඩා වසර විසිතුනකින් වැඩිමහලු සිය පාසල් ගුරුවරියක් වන බි‍්‍රජිට් ට්‍රොග්නොක්ස් හා විවාහ වීමය.

මැක‍්‍රන් සිය බිරිඳවන බි‍්‍රජිට් සමග ආදර හැඟීමෙන් මුණ ගැසී ඇත්තේ ඔහු 15 වැනි වියෙහි පසුවන විටය. ඒ වන විට විවාහ ව සිටි ඇයට දරුවෝ තිදෙනෙක් සිටියහ. මැක‍්‍රන්ගේ ජීවිතය අළලා ඈන් ෆෝල්ඩා විසින් රචිත Emmanuel Macron: A Perfect Young Manනම් කෘතියෙහි සඳහන් වන අන්දමට අඩුම ගණනේ තම පුතුට අවුරුදු 18 සම්පූර්ණ වන තුරු වත් ඔහුගෙන් ඈත්ව සිටින්නැයි බි‍්‍රජිට් හට ඔහුගේ දෙමාපියන් අවවාද කළ බැව් පැවසේ. මේ සබඳතාවය පිළිබඳ දැනගත් ඔහුගේ දෙමාපියන් එය බිඳ දමන්නට කොතෙක් උත්සාහ කළ ද එය සාර්ථක වී නැත.

”මේ සම්බන්ධය නවත්වනවා කියා මට කිසිම පොරොන්දුවක් දෙන්න බැහැ.”

මැක‍්‍රන්ගේ දෙමාපියන්ට බි‍්‍රිජිට් මෘදු තර්ජනාත්මක ආකාරයකින් එසේ පවසා තිබේ.

බි‍්‍රජිට්ගේ පළමු විවාහයෙන් ලද වැඩිමහල් දරුවා ඉපිද ඇත්තේ 1975 වසරේ දීය. එනම් එම දරුවා ඇගේ වර්තමාන සැමියාට වඩා වයසින් අවුරුදු දෙකක් වැඩිමල්ය. ඇගේ දෙවැනි දියණිය වර්තමාන සැමියා හා සම වයසේ පසු වන්නීය. මේ නිසා මැක‍්‍රන්ගේ දෙමාපියන් මුලින්ම සැක කොට ඇත්තේ මැක‍්‍රන් හා බිජිට්ගේ දියණිය අතර ආදර සම්බන්ධතාවක් පවතින බැවින් ඔහු ඒ නිවසට නිතර යන එන බවය. නමුත් තම පුතුගේ සැබෑ සබඳතාව එම යුවතියකගේ මව සමඟ බව දැනගත් දෙමාපියෝ මහත් විස්මයටත් කම්පාවටත් පත්වන්නට ඇත. තමා විවාහ වන්නේ කා සමඟ ද යන්න තීරණය කරන්නේ තමන් මිසක් අන් කිසිවකු නොවන බවත් එසේ විවාහ වන තැනැත්තා ගේ හා තැනැත්තියගේ වයස කුමක් වුව ද දෙදෙනා මනා අවබෝධයකින් සිටින්නේ නම් ජීවිතය අසාර්ථක නොවන බවත් ඇතැමෙක් කියති. එහෙත් ඇග‍්‍රියානෝ සෙගටෝරි සහ රාමා යාඬේ යන ප‍්‍රංශ මනෝ වෛද්‍යවරුන් දෙපළ මැක‍්‍රන්ගේ මේ ක‍්‍රියාව දෙස බලන්නේ එවැනි ඇසකින් නොවේ. ඔවුන් පවසන්නේ මැක‍්‍රන් කුඩා කල මෙම පාසල් ගුරුවරිය ඔහුව දිගින් දිගටම ලිංගික අපයෝජනයකට ලක් කොට ඇති බවය. මෙය ආදරයේ එක්තරා ආකාරයක සුඛාන්තයක් ලෙස ලෝකයේ මාධ්‍ය කෙතරම් උලුප්පා දක්වන්නට උත්සාහ කළ ද මේ තැනැත්තිය මැක‍්‍රන් කුඩා කාලයේ දී ඔහුගෙන් ලිංගික සතුට විඳ ඇති බවත්, ඇය ඔහු විවාහ කරගත්තේ මේ ‘රසයට’ ඇබ්බැහි වීම නිසා බවත් ඔවුහු පවසති.

ඇගේ දැඩි මානසික ග‍්‍රහණයකට මැක‍්‍රන් ලක්ව ඇති බවද ඔවුහු පුන පුනා පවසති. එවැනි අබ්බැහියාවකින් යුතු පුද්ගලයකු යටතේ ප්‍රංශයේ පාලනය පැවතීම අනතුරුදායක බව ද ඔවුහු පවසති. ඔහුගේ ජයග‍්‍රහණය පසුපස සිටින සංවිධාන සියල්ලකම පාහේ බහුලව සිටින්නේ කිසියම් වූ ආකාරයකින් ලිංගික අපචාරයන්ට ලක්වූ සහ අසාමාන්‍ය ලිංගික චර්යා වලට රුචි කරන්නවුන් බැව් පැහැදිලිවම පෙනෙන බව ද ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ තත්ත්වය ඇතැම් සමාජ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ ශිෂ්ටාචාරය තුළ වල්මත් වීමක් ලෙසිනි.

මේ අතර මැක‍්‍රන් සමලිංගික සබඳතා පවත්වනකු බවට ආරංචිද අන්තර්ජාලය පුරා පැතිර තිබේ. ඒ කෙසේ නමුත් මේ පිළිබඳබීබීසී ප‍්‍රවෘත්ති අංශය විමසූ අවස්ථාවේ දී මැක‍්‍රන් මහ හඩින් සිනාසී ඇත. පසුව ඔහු පවසා ඇත්තේ සිය ‘පාසල් ගුරු බිරිඳ’ තම ජීවිතයේ සකලවිධ ඕනෑ එපාකම් ඉටුකරන බැවින් තමන්ට අන් පිරිමියකු තබා ගැහනියක වත් අවශ්‍ය නොවන බවය.

Emmanuel Macron has been abused-02

ඔහු සමලිංගිකයකු බවට ආරංචි පැතිර යන්නට වඩාත් හේතුවන්නට ඇත්තේ ‘ගාර්කොන්’ නම් සමලිංගික සඟරාවේ මුල් කවරයේ උඩු කය නිරුවත්ව පෙනී සිටීම නිසා යැයි පැවසේ. කෙසේ නමුත් තමා එවැනි ඡායාරූපයක් සඳහා පෙනී නොසිටි බව මැක‍්‍රන් පවසා ඇත. පසුව ඔහු පැවසූ දෙය සැබෑවක් බව තහවුරු වූයේ මෙය ෆොටෝෂොප් මෘදුකාංගය ඔස්සේ මැක‍්‍රන්ගේ මුහුණ වෙනත් පුද්ගලයකුගේ සිරුරට බද්ධ කොට තැනූ ඡායාරූපයක් බව එම සඟරාවේ කතුවරයකු පිළිගැනීමත් සමඟය. කෙසේ නමුත් ඔහු සමලිංගික අයිතිවාසිකම් වෙනුවෙන්ද ප්‍රසිද්ධියේම සහයෝගය පළකරන්නෙකු වශයෙන් ප‍්‍රකටය.

- නිරංජන් චාමින්ද කරුණාතිලක (lakbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රංශ ජනපති කුඩා කාලයේ බිරිය වෙතින් අපයෝජනය වෙලා"

    Post a Comment