22 May, 2017

හින්දු කට්‌ටඩියාට රහසඟ අහිමි වෙයි

Penis cut-1

විසිතුන් හැවිරිදි තරුණියක විසින් හින්දු කට්‌ටඩියකුගේ රහසඟ කපා දමා ඇති බව ඉන්දියාවේ කේරල ප්‍රාන්තයෙන් වාර්තා වෙයි.

මෙම තරුණිය පොලිසියට පවසා ඇත්තේ වසර කිහිපයක්‌ තිස්‌සේ මෙම පුද්ගලයා විසින් තමන් දූෂණයට ලක්‌කරනු ලැබූ බවය.

ඇයගේ පියා රෝගයකින් ඔත්පළව සිටින බවත් ඔහුට ශාන්තිකර්ම සිදු කිරීම සඳහා ඉහත කී පුද්ගලයා කලක පටන් ඇයගේ නිවෙසට යනෙන බවත් පොලිසිය පවසයි.

මෙම zහින්දු ගුරුz විසින් තම පවුල දුකින් මුදවාලනු ඇති බවට තරුණියගේ මව අපේක්‌ෂා කළ නමුදු තමන් නිරන්තරයෙන් මෙම පුද්ගලයා අතින් දූෂණයට ලක්‌වූ බව දියණිය පවසන්නීය.

19 රාත්‍රියේ තමන්ව දූෂණය කිරීමට උත්සාහ කළ අවස්‌ථාවේදී එම පුද්ගලයාගේ රහසඟ පිහියකින් කපා දැමූ බව තරුණිය පොලිසියට පවසා ඇත.

පොලිසියට දුරකථන ඇමතුමක්‌ ගෙන එම සිද්ධිය පිළිබඳව දැනුම් දෙනු ලැබ ඇත්තේ ද එම තරුණිය විසින්මය.

පිහි පහරට ලක්‌වූ පුද්ගලයා හදිසි ප්‍රතිකාර සඳහා තිරුවානන්තපුරම් වෛද්‍ය විද්‍යාල රෝහල වෙත ගොස්‌ තිබේ.

මෙම පුද්ගලයාගෙන් ලිංගික අතවර සිදුවන බව එම තරුණිය සිය මවට විටින්විට පවසා ඇතැයි කේරල පොලිසියේ නියෝජ්‍ය කොමසාරිස්‌වරයා zද ටයිම්ස්‌ ඔµa ඉන්දියාz පුවත්පතට ප්‍රකාශ කර තිබේ.

ඒ පිළිබඳව පැමිණිලි නොකිරීමේ චෝදනා මත මවට එරෙහිව නඩු පැවරෙණු ඇති බවද ඔහු පැවසීය.

පිහි ප්‍රහාරය එල්ල කළ තරුණියට එරෙහිව නඩුවක්‌ ගොනුවනු ඇති බවට විශ්වාස නොකෙරේ.

තරුණියගේ නිර්භීතභාවය කේරලයේ මහ ඇමැතිවරයාගේ ප්‍රශංසාවට ලක්‌වී ඇත.

මහ ඇමති පිනරායි විජයාන් ප්‍රකාශ කර ඇත්තේ ඉහත කී තරුණිය එඩිතර සහ බලවත් ක්‍රියාවක්‌ සිදුකර ඇති බවය.

2012 වසරේදී වෛද්‍ය ශිෂ්‍යාවක දිල්ලි නුවර බස්‌ රථයක්‌ තුළදී දූෂණ කිරීමේ සිද්ධියෙන් පසු ස්‌ත්‍රී දූෂණය පිළිබඳ ඉන්දීය නීතිය දැඩිවිය. (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හින්දු කට්‌ටඩියාට රහසඟ අහිමි වෙයි"

    Post a Comment