14 May, 2017

කොල්ලෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්නත් ඕනේ

Pethum Rukshan - 2017.05.13

මෙගා ස්ටාර් ජයග්‍රහණය කළ නිසා හුඟක් සතුටින් නේද ඉන්නවා ඇත්තේ?

ඇත්තටම ඔව්. ගොඩක් සතුටුයි. මාස 6ක් තිස්සේ ඒ වුණු මහන්සියේ, ඒ කළ කැප කිරීමේ ප්‍රතිඵලය ලැබුණා.

කොහොමද ඒ රියැලිටි අත්දැකීම?

මේ මගේ පළමුවැනි රියැලිටි අත්දැකීම. ඉතින් ගොඩක් විනෝදයි. ඒ වගේම ගොඩක් දේවල් මම ඉගෙන ගත්තා. ඉගෙන ගත්ත දේවල්වලින් හුඟාක් දේවල් කළා. අපි හැම කෙනාගෙම සැඟවුණු දක්ෂතා තියෙනවා. දක්ෂතාවන් එළියට දාන්න හොඳ තැනක් වේදිකාව. මම නර්තනය හදාරපු කෙනෙක් නෙවෙයි. නමුත් මම ඒ හැම දෙයක්ම පුරුදු වුණා.

තරගයට විතරයිද ඔය නැටිලි? ඉදිරි ජීවිතයට ප්‍රයෝජන ගන්නේ නැද්ද?

ඉදිරි වැඩවලට ඒවා හුඟක් ප්‍රයෝජනවත් වෙයි. ඒ දේවල්වලින් අනිවාර්යයෙන්ම වැඩක් ගන්නවා.

දැන් අලුත් වැඩවලට අවධානය යොමු කරන්න පුළුවන් නේද?

ඔව්. මෙගා ස්ටාර් ඉවරයි. මුළු කාලයම මම ඒකට දීලා තිබුණේ. දැන් ඉතින් දිගටම වැඩ කරනවා.

පැතුම්ව ටෙලි තිරයේ අඩුවෙන් දකින්න ලැබෙන්නේ වැඩ අඩු නිසාද?

මෙගා ස්ටාර් එක්ක වෙන වැඩක් කරන එක අමාරු දෙයක් වෙලා තිබුණා හැමෝටම. ඉතින් භාර ගත්ත වැඩේ හරියට කරන්න ඕන නිසා වැඩ ටිකක් අඩුවෙන් භාර ගත්තේ. රංගන කටයුතු කරන්න කාලය මදිකමක් තමයි තියෙන්නේ.

හැම ඛ්ඩචදදඥත එකකම මූණ පෙන්නන්න කැමති නැද්ද?

මම ඉතින් හැම ඛ්ඩචදදඥත එකකටම යනවා. එකක් කියලා තෝරා බේරා ගෙන නැහැ.

වැඩිපුර වැඩ නොකරන්නේ පැතුම්ගෙ අතමිට සරු නිසාද?

එහෙම ඉතින් ලොකුවට අතමිට සරුවක් නැහැ. අමාරුවෙන් කාර් එකේ ලීස් එකත් ගෙවාගෙන ෂේප් එකේ ජීවත් වෙනවා.

අඩුවෙන් වැඩ කරලා වැඩියෙන් හම්බ කරන්නද මියුසික් වීඩියෝවල වැඩිපුර පේන්න ඉන්නේ?

මම මියුසික් වීඩියෝ කලාවට ආසයි. මම ආවෙත් මියුසික් වීඩියෝවලින්. මම කරපු හුඟක් මියුසික් වීඩියෝ ජනප්‍රිය වුණා. විනාඩි තුනක හතරක කාලයක් තුළ වැඩි දෙයක් කරන්න ඕන. ඉතින් ඒකට අපිට වටිනාකමකුත් ලැබෙනවා. හැබැයි දැන් මම මියුසික් වීඩියෝ කරන්නෙත් අඩුවෙන්.

මියුසික් වීඩියෝවලට දෙන දායකත්වය එක පාරට අඩු කළේ ඇයි?

මම මියුසික් වීඩියෝ හරහා ආව කෙනෙක්. හැම තිස්සේම දැක්කම අගයක් නැති වෙනවා. හොඳ ලස්සන වැඩක හිටියාම හැමෝම ආසයි. ඒ නිසා එහෙම හොඳ වැඩක පේන්න මම කැමතියි.

ඒ කියන්නේ පැතුම්ටත් තෝරා බේරා ගැනීම් තියෙනවාද?

ඔව් අනිවාර්යයෙන්ම. මම හැම එකකටම යන්නෙ නැහැ. හොඳ වැඩක් නම් විතරයි භාර ගන්නෙ. ඒ නිසා තමයි ර්භඵඪජ ඍඪඤඥධවලට සහභාගි වීම ටිකක් අඩුවෙලා තියෙන්නෙ. ඒ වගේම මම වැඩේට අය කරන මුදලක් තියෙනවා. ඒ ගාණට ආවොත් මම වැඩ කරනවා.

නිර්මාණවලදී නිළියොත් තෝරනවාද?

නෑ. එහෙම දෙයක් නැහැ. මම හැම කෙනා එක්කම වැඩ කරන්න කැමතියි. මට කිසි කෙනෙක් එක්ක තරහක් නැහැ. අනික මට හැමෝම එක්කම ෂේප් එකේ වැඩ කරන්න පුළුවන්.

පැතුම්ගෙන් අධ්‍යෂවරු හරියට වැඩක් අරගෙන නෑ කියලා හිතෙන්නේ නැද්ද?

මම රංගන ක්ෂේත්‍රයට ඇවිල්ලා ලොකු කාලයක් නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම ඉස්සරහට මට වැඩ හම්බ වෙයි. මමත් කැමතියි වෙනස් වැඩක පේන්න ඉන්න.

ඉල්ලගෙන වැඩ කරන එක හොඳයි කියලා හිතිලා නැද්ද?

මම කරන දේවල් හොඳයි නම් සහ මාව චරිතයකට ගැළපෙයි නම් මාව ගනියි. එහෙම ඉල්ලගෙන යන්න ඕනෙ නැහැනේ ඉතින්.

සමහරු කියනවා පැතුම්ගෙ ලොකු සීන් කියලා. ඒ කතාව ඇත්තද?

එහෙම ලොකු සීන් එකක් නැහැ. මම බොහොම නිහතමානී කෙනෙක්. මම පෙට්රල් ෂෙඩ් එකට ගියත් ෂටර් එක පහත් කරලා එතැන ඉන්න කෙනා එක්ක පොඩි චැට් එකක් දානවා. හැබැයි ඉස්සර ඉඳලා ගෑනු ළමයි කියනවා මම ආඩම්බරයිලු. කොල්ලෙක් වුණාම චුට්ටක් ආඩම්බර වෙන්නත් ඕනෙ.

රංගන ක්ෂේත්‍රයේ තැනක් හදා ගන්න ලොකු තරගයක් දෙනවාද?

ඔව්. කවුරුත් කැමතියිනෙ, දිගටම පවතින්න. මමත් ඒකට උත්සාහ කරනවා.

දැන් විශේෂ කෙනෙකුත් ඉන්නවා කියලා ආරංචියි?

මෙහෙමයි. ඒක මම වෙලාව ආවම කියන්නම්. ඒවා කියන්න දේවල් නෙවෙයි. ඉතින්, තාම මම පොඩියිනෙ. බඳින්න තව වයස තියෙනවා. තව අවුරුදු තුන හතරක් ඉන්න ඕන. ඒවට කල් තියෙනවා.

පැතුම් කැමති ක්ෂේත්‍රයෙම කෙනෙක්ටද?

මම ක්ෂේත්‍රයේ හැමෝම එක්ක යාළුයි. හැමෝටම සමානව තමයි සලකන්නෙ. හැබැයි මම ක්ෂේත්‍රයේ කෙනෙක්ව ජීවිතයට එකතු කරගන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. මොකද දෙන්නම එකම ෆීල්ඩ් එකේ වෙනවට මම කැමති නැහැ.

මොනවද අලුත් වැඩ කියලත් කියමු?

මගේ ටෙලි නාට්‍ය දෙකක් විතර එන්න තියෙනවා. ප්‍රභාත් රෝෂන්ගේ අලුත් නාට්‍යයක් සහ මෙගා ස්ටාර් හරහා කොමඩි නාට්‍යයකුත් කළා. ඒ වගේ වැඩ කිහිපයක් එන්න තියෙනවා.

ලක්ෂිකා දිව්‍යාංජලී වීරකෝන් (MB WEB)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කොල්ලෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්නත් ඕනේ "

    Post a Comment