06 May, 2017

වංසකථා කොපි පේස්ට් කිරීම වෙනුවට ඉතිහාසය ක්‍රියේට් කරන Bahubali 2 : The Conclusion

Bahubali 2 - The Conclusion-02

වංසකථා කොපි පේස්ට් කිරීම වෙනුවට ඉතිහාසය ක්‍රියේට් කරන Bahubali 2 : The Conclusion

වීර කාව්‍ය සම්ප්‍රදාය කියන්නෙ යුරෝපයට වගේම ආසියාවටත් 'හෙන ගැම්මක්' ගේන මාතෘකාවක්. හෝමර් කියන ග්‍රීක ජාතික කවියා ප්‍රබන්ධ කරන 'ඉලියඩ්' සහ 'ඔඩිසි' , ඉන්දියාවෙ 'මහා භාරතය' සහ 'රාමායණය' කියන්නෙ එක වල්ලෙ පොල් වගේ.

ඇත්තටම ඉතිහාසය හැම මොහොතෙම අප්ඩේට් වෙන්නෙ අලුත් අලුත් ක්‍රියේෂන්ස් වලින්. ඒක කරන්න පුළුවන් එකම කොට්ඨාසය රජවරු නෙමෙයි,
නිර්මාණකරුවො !!

ඉන්දියාවෙ 'එස්.එස්.රාජමෞලි' කියන්නෙ එහෙම පට්ට ක්‍රියේටිව් වැඩකරුවෙක්. මනුස්සයා දන්නවා 'එපික්' ගොතන හැටි , ටොපික් මාකට් කරන හැටි , ක්‍රිටික් ගන්න හැටි...හොඳම දේ තමයි මෙහෙ එපික් ගොතන්නො මහාවංසය අමු අමුවෙ කොපි පේස්ට් කරනකොට එහෙ රාජමෞලි දන්නව 'පොතේ නැති චරිත' පවා සාමාන්‍ය ජනතාව ළඟ ජීවමාන කරන හැටි.

ඒකට මේ 'බාහුබලී' තුළ ඉන්න හොඳම උදාහරණය 'කට්ටප්පා.' ඕඩියන්ස් එක පපුව උස්සගෙන බලන් ඉන්නෙ කට්ටප්පගෙ ඊළඟ අඩිය මොකක්ද කියල. මිනිහා හැරෙන හැරෙන පැත්තට සහෘදයා හුස්ම ගන්නවා.

පොදුවෙ ගත්තම මුල් එකට වඩා 'සරාගී' සීන් සහ කැමරා කෝණමාන තරමක් අඩු ගතියක් දැනුණත් , අනුෂ්කා ශෙට්ටි තමන්ගෙ ශරීර කූඩුව ලස්සනට හසුරුවනව. කැමති කවියක් ලියන්න කියන්නා වගේ - කැටපත් පවුර වගේ ශ්වේත පිට අපේ පැත්තට දික් කරනව.

යම් යම් වෙලාවට වීර ප්‍රභාශ්ට (මහේන්ද්‍ර බාහුබලීට) වඩා ඇස් වලින්, අත් වලින්, චලනයෙන් සතුරු රානා (බල්ලාලදේව) රඟනව රැඟිල්ලක් පට්ට ටැලන්ට්. හතුරො වෙන්න ඕනි මෙහෙම එවුන් ! එතකොට ෆයිට් වලට ලොකු වටිනාකමක් ලැබෙනව.

හැබැයි හැමෝම හෝල් එක ඇතුළෙ ආස්වාදයෙන් ඉතිරිලා ඉන්නකොට මට පොඩි ප්‍රශ්න කිහිපයක් ඔළුවට එනව. මේවට උත්තර බාහුබලී 2 තුළ නැහැ.

බල්ලාලදේව අච්චර නරක ගේමක් දීල රජ අසුන උරුමකරගත්තට ඔහුට තාමත් හරි බිසවක් නැහැ , ප්‍රේමයක් නැහැ. පුතාගෙ හිස බෙල්ල මුලින් ගලවලා අතට ආවත් ඒ වෙනුවෙන් හඬා වැටෙන්න මවක් නැහැ. එතකොට අර එකේ හිටපු සරාගී වීර අවන්තිකාගෙ කතාවට, ලතාවට වෙච්ච දෙයක් නැහැ. අපිට මේවට උත්තර නොදී රාජමෞලිට ගැලවෙන්නත් බැහැ.

මොකද මම දැකපු ලස්සන ම දේ 'බාහුබලී 2' ආදායම් වාර්තා පිට වාර්තා තියන එක නෙමෙයි. එහෙ - මෙහෙ මිනිස්සු , ගැහැනු , ආදර ජෝඩු කිසිම භේදයකින් තොරව හිනාවෙවී - දුක්වෙවී - ශක්තිමත් වෙවී මෙහෙම සිනමාවක් නරඹන එක !! හෝල් එක දෙදරවන එක !! චූටි කොල්ලොත් නිර්මාණ හරහා මොරාල් වෙන එක !!

මොකද ඊළඟ 'බාහුබලී' ඉන්නෙ තිරයෙ නෙමෙයි මේ නිර්මාණශීලී ඕඩියන්ස් එකේ වෙන්න පුළුවන් !

| කසුන් මහේන්ද්‍ර හීනටිගල

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වංසකථා කොපි පේස්ට් කිරීම වෙනුවට ඉතිහාසය ක්‍රියේට් කරන Bahubali 2 : The Conclusion"

    Post a Comment