13 May, 2017

සවස අධ්‍යක්ෂවරයා මට ඉතාම පහත් අන්දමින් අයුතු යෝජනාව කළා - දන්න ශිල්ප ඔක්කොම දාල මම ගැලවුණා

Sudarshi Dharmarathna-00

සුදර්ශි ධර්මරත්න කියන්නේ මෝස්‌තර නිරුපිකාවක් වගේම රංගන ශිල්පිණියක්. ටෙලි නාට්‍ය කිහිපයකින්ම දකින්න ලැබෙන ඇය ඉන්දියානු ටෙලිනට්‍යකත් ප්‍රධාන චරිතයක් රඟ පෑ නිළියක්. ඇය ගැන විස්තර මේ විදිහට පුවත්පතක සදහන් වී තිබුණා.

සුදර්ශි, ඔබේ ඇත්ත නම සුදර්ශිද?
නැහැ. මගේ නම සුදර්ශිකා ධර්මරත්න. කතාබහ කරන විටදි ඉබේම සුදර්ශිකා සුදර්ශි බවට පත් වුණා. දැන් ඔක්කොම වගේ කතා කරන්නේ එනමින්.

සුදර්ශි කොහොමද ක්ෂේත්‍රයට එන්නේ?
මං කාලයක් මොඩ්ලිං කළා. ඒ වගේම බ්‍රයිිඩිල් ෂෝස්වලට සහභාගි වුණා. ඔය අතරේ මගේ පින්තූර වගයක් දැකලයි මට රඟපාන්න අවස්ථාවක් හිමිවන්නේ. මගේ පළමු රංගනය ඉදිරිපත් කළේ මියුසික් වීඩියෝවකින්.

රඟපෑ නාට්‍ය පෙළ ගැන මතක් කළොත්?
ආටක නාටක, සිකුරුලන්තය හා තවත් කිහිපයකට සම්බන්ධ වුණා. ඔය නාට්‍යවලට එකතු වෙමින් ඉන්න අතරතුර තමයි මට ඉන්දියානු නාට්‍යයක් වන ගුඩ් කර්ම හොස්පිටල් සඳහා අවස්ථාව ලැබෙන්නේ.

සුදර්ශි රඟපාන්නේ තෝරා බේරා ගෙනද?
බොහෝ විට මට කතා කරන්නේ මට ගැළපෙන නිර්මාණවලට.එහිදී මට විශේෂයෙන් තෝරා ගන්න කියලා දෙයක් නැති තරම්. හැබැයි මොන දේ වුණත් මං හරිම සැලකිලිමත් වෙනවා චරිතයක් බාර ගනිද්දී.

ඒ මොනවා ගැනද?
විශේෂයෙන් අධ්‍යක්ෂවරු ගැන.

සුදර්ශි රංගනයේ යෙදෙන්න කැමැත්තෙන් ඉන්න චරිතයන් තියෙනවාද?
මට හිතෙනවා මට හොඳට හාස්‍යෝත්පාදක චරිත කරන්නට පුළුවන් කියලා. එවන් වූ චරිත රඟපාන්න ආසයි.

ඔබගේ පරපුරේ බොහෝ නිළියන් හාස්‍ය චරිතවලට වඩා කැමැති ආදරණීය චරිත කරන්න?
වෙන්න ඇති. ඒ ඒ අයනේ. මම නම් කැමැති වෙනස් චරිත රංගනයේ යෙදෙන්න. එතකොට තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නේ.

සුදර්ශි රංගනය ගැන හැදෑරීමක් කරනවාද?
නැහැ.

ඇයි ඒ?
මට එක දිගට රංගනයේ යෙදෙන්න නිර්මාණ ලැබුණා. ඒ නිසා රංගනය හදාරන්න බැරි වුණා.

සුදර්ශිගේ ගම කොහෙද?
අම්බලංගොඩ.

කොළඹ කොහේ හරි නැවතිලා ඉන්න ගමන්ද රංගනයේ යෙදෙන්නේ?
නැහැ. මම ගමේ ඉඳන් රඟපාන්නේ.

ගම අම්බලංගොඩ නිසා වැඩ මඟ හැරෙනවා ඇති?
ඇත්තටම ඔව්. මගේ ගම තියෙන්නේ කොළඹින් ටිකක් දුර නිසා ගොඩක් දෙනා දෙපාරක් හිතනවා මට වැඩකට කතා කරන්න. නමුත් මට කොළඹ යාළුවො ඉන්නවා. මම රංගන වැඩකට ආවම කොළඹ ඉන්නේ. ඉතින් අම්බලංගොඩ හිටියට කොළඹ වගේ තමයි මං ඉන්නේ. මේ බව නොදැනයි මට ඇතැම් අය නිර්මාණවලට කතා නොකරන්නේ.

සුදර්ශි විලසිතා කරනවාද?
ඇයි නැත්තේ. මං නිළියක්නෙ. විලාසිතා නොකර කොහොමද. හැබැයි මම කොටට නම් අඳින්නේ නැහැ. ඒක ප්‍රතිපත්තියක්.

කොහොමද මේ ක්ෂේත්‍රය ඔබට දැනෙන්නේ?
ක්ෂේත්‍රය හොඳයි. අමාරුයි තැනකට එන්න. හැබැයි වැරැදි පාරේ මං යන්නේ නැහැ.

සුදර්ශිට අයුතු යෝජනා එහෙම ඇවිත් තියෙනවාද?
ඔව්. අනන්තවත්.

එහෙම ආව දරුණුම අයුතු යෝජනාව මොකක්ද?
මට නම ගම කියන්න බැහැ. ඔන්න එක්තරා නිර්මාණයක් රූගත කරලා ඉවර වුණා. එදින සවස අර අධ්‍යක්ෂවරයා මට අයුතු යෝජනාව කළා. ඉතාම පහත් අන්දමින් ඔහු ඒ යෝජනාව කළේ. දන්න ශිල්ප ඔක්කොම දාල මම ඉන් ගැලවුණා. එහෙත් මාව ඒ නිර්මාණයෙන් අයින් කළා.

සුදර්ශි මේ වන විට ප්‍රේමවන්තියයක්ද?
ඔව්.

පෙම්වතා ගැන විස්තර කිව්වොත්?
එයා මගේ ගමේ කෙනෙක්. මං ක්ෂේත්‍රයට එන්න කලින් තමයි අපි දෙදෙනා අතර සබඳකම ඇති වුණේ.

ඔහු බය නැති ද ඔබ රංගනයේ යෙදෙන එකට?
ඔහු සහ මා අතර හොඳ අවබෝධයක් තියෙනවා. ඔහුට මාව විශ්වාසයි. ඒ වගේම ඔහු සතුටුයි මම නිළියක් වීම ගැන.

සුදර්ශි ඉගෙන ගත් පාසලත් මතක් කරමු?
ගා ශ්‍රී කල්‍යාණතිස්ස විදුහල.

පවුලේ විස්තර කිව්වොත්?
අම්මයි, තාත්තයි, මල්ලියි, ආච්චියි.

ඔබ ගැන කෙටියෙන් හැඳින්නුවොත්?
හරිම චාම් කෙනෙක්.

සටහන - ප්‍රසාද් සමරතුංග (sarasaviya)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සවස අධ්‍යක්ෂවරයා මට ඉතාම පහත් අන්දමින් අයුතු යෝජනාව කළා - දන්න ශිල්ප ඔක්කොම දාල මම ගැලවුණා"

    Post a Comment