13 May, 2017

නරියකු ගිලිමින් සිටිද්දී ඇල්ලූ පිඹුරා ඇළහැර රක්ෂිතයට මුදා හරී

Python released Elahera Reserve

කුකුළන්, එළුවන්, බල්ලන් හා නරියන් ගොදුරට ගනිමින් ගමක් තම අණසකට ගෙන සිටි පිඹුරු රාජයකු පසුගියදා (09දා) ගම්වාසීන් හා එක්ව අල්ලා ගැනීමට ඇලහැර වනජීවී නිලධාරීහු සමත් වූහ.

නරියකු ගොදුරු කර ගෙන උෟ මරා ගිල දමමින් සිටියදී මොරගහකන්ද ජලාශය අසල කොණ්ඩාවල ග්‍රාමයේදී පිඹුරා අල්ලා ගෙන ඇත.

ඇලහැර වනජීවී අඩවි නිලධාරී කේ. රංජිත් විජිත මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා සහභාගිවී ඇති අතර පිඹුරා ඇලහැර රක්ෂිතයට මුදා හැර ඇත.

ඡායාරූපයෙන් දැක්වෙන්නේ අඩි 16ක් දිග දැවැන්ත පිඹුරා හා ඔහු රක්ෂිතයට මුදා හැරීමට රැගෙන යන අයුරුය.

කන්තලේ - ඩබ්.එම්. වික්‍රමසිංහ(mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නරියකු ගිලිමින් සිටිද්දී ඇල්ලූ පිඹුරා ඇළහැර රක්ෂිතයට මුදා හරී"

    Post a Comment