03 May, 2017

මෛත්‍රී - මහින්ද එකතු කිරීමේ ඇමති මෙහෙයුමක් ඇරඹෙයි!

maithri-mahinda

වහා සමගි වී ශ්‍රීල.නි.ප. රජයක් ස්ථාපිත කිරීමට සූදානම් වන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාටත් බල කිරීම සඳහා ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පියවර ගනිමින් සිටින බව වාර්තා වෙයි.

මේ ගැන නම් සඳහන් කිරීමට අකමැති වූ ජ්‍යෙෂ්ඨ ශ්‍රීල.නි.ප. අමාත්‍යවරයෙක් කීවේ ඉදිරි දෙසතිය තුළ මෙම නායකයන් දෙදෙනාම මුණගැසී පක්ෂය වෙනුවෙන් කළයුතු උපරිම කැපකිරීම සිදුකර සමගි විය යුතු යැයි බලකර සිටින බවය.

පක්ෂයේ සහ ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රීල.නි.ප. සමඟිය ඉතා වැදගත් යැයි පැවසූ අමාත්‍යවරයා තමන් මෙම පියවර ගත්තේ ශ්‍රීල.නි.ප. ජ්‍යෙෂ්ඨයන් පිරිසක් සමඟ මාස ගණනාවක් තිස්සේ පැවැත්වූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස බවය.

මෙම දේශපාලන කපුකම සඳහා යන නිල නියෝජිත පිරිස තවම නම්කර නැතත් ජෝන් සෙනවිරත්න, සුසිල් ප්‍රේමජයන්ත, අනුර යාපා ආදී ජ්‍යෙෂ්ඨයන් එම කණ්ඩායමට ඇතුළත් බව නිල නොවන ආරංචි මාර්ග කියයි.

පසුගිය සතියේ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් මෛත්‍රී පාර්ශ්වයේ යෝජනා ගණනාවක් මගින්ද රාජපක්ෂ පාර්ශ්වය වෙත එවා තිබුණි.

එහෙත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මතය වී තිබුණේ ශ්‍රීල.නි.ප.ය, එ.ජා.ප.ය සමඟ ආණ්ඩු කරන තාක්කල් සමගියකට කතා කිරීම නිෂ්ඵල බවය. (nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මෛත්‍රී - මහින්ද එකතු කිරීමේ ඇමති මෙහෙයුමක් ඇරඹෙයි!"

    Post a Comment