04 May, 2017

ත්‍රිරෝද රථයෙන් බසින විටම අක්‌කාට බබා ලැබුණා... ඒ සමඟම බබා බිම වැටුණා

Baby delivery

දරු ප්‍රසූතිය සඳහා ත්‍රිරෝද රථයෙන් බැස රෝහල් භූමියේදී මව ට්‍රොලියට නැඟීමට සූදානම් වනවිට බිහිවූ දරුවා බිම ඇද වැටී මරුමුවට පත්වීමේ සිද්ධියක්‌ කළුතර නාගොඩ රෝහලෙන් අසන්නට ලැබිණි.

මෙසේ මරුමුවට පත්වී ඇත්තේ ඉහළ නෑබඩ ගීකියන කන්දවත්තේ කුඩලිගම පදිංචි 36 හැවිරිදි සදීපා සේවනී මෙහනකුමාරි නමැත්තියගේ දෙවැනි දරුවාය.

කළුතර නාගොඩ මහරෝහලේදී වැලිපැන්න හදිසි මරණ පරීක්‍ෂක නිහාල් ජයනෙත්ති මහතා විසින් පවත්වන ලද මරණ පරීක්‍ෂණයේදී සාක්‍ෂි දුන් කන්තක වසන්ත කුමාර (අවු. 22) මෙසේ කීවේය.

මියගොස්‌ ඇත්තේ මාගේ අක්‌කාගේ දෙවැනි දරුවා. අක්‌කාගේ සැමියා වසර ගණනක සිරදඬුවමක්‌ විඳිනවා බූස්‌ස සිර කඳවුරේ. පසුගිය වසරේ ඔක්‌තෝබර් මස ඔහු සති කීපයකට ගෙදර එවා තිබුණා. සිද්ධිය වූ දින අක්‌කාට බබා ලැබෙන්න ආවා. ත්‍රිරෝද රථයෙන් රෝහලට රැගෙන ගියා. ත්‍රිරෝද රථයෙන් බහින විටම අක්‌කාට බබා ලැබුණා. ඒ සමගම දරුවා බිම ඇදගෙන වැටුණා.

රෝහල් කාර්ය මණ්‌ඩලය දරුවා සහ අක්‌කාව නාගොඩ රෝහලට මාරු කළා. නාගොඩ රෝහලේදී වෛදවරු දරුවා පරීක්‍ෂා කර බබා මියගොස්‌ ඇතැයි කීවා.

මෙහිදී නීලා රන්දේවි නමැත්තාද සාක්‍ෂි දුන්නාය. මළ සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වූ කළුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්‌. අත්තනායක මහතා ළදරුවාගේ ශරීරයේ කොටස්‌ විශේෂ පරීක්‍ෂණයකට යොමු කළේය. සාක්‍ෂි සටහන් කර ගත් මරණ පරීක්‍ෂකවරයා විවෘත තීන්දුවක්‌ ප්‍රකාශයට පත් කළේය. මතුගම පොලිසියේ සැරයන් 46560 ශාන්ත මහතා සාක්‍ෂි මෙහෙය වීය.

විජයසිරි විද්‍යාසේකර - කළුතර සමූහ (divaina)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ත්‍රිරෝද රථයෙන් බසින විටම අක්‌කාට බබා ලැබුණා... ඒ සමඟම බබා බිම වැටුණා"

    Post a Comment