22 April, 2017

‘‘ඇඳුම ටිකක් කොට වුණාම, පපුව ටිකක් පෙනුනාම කැත විදිහට කතා කරන්න හොඳ නෑ“ - ෂෙරිල් ඩෙකර්

sheril dekker-03

ෂෙරිල් විවාහයත් එක්ක පුංචි තිරය අමතක කරලා වගේ..රුවන්ගේ තහනම එකට හේතුවක් වෙලාද...?
මම හැමදාමත් තෝරා ගත් නිර්මාණවලට විතරයි සම්බන්ධ වුණේ.විවාහ වුණා කියලා ඒක වෙනස් වුණේ නැහැ. මම කොහොමත් කැමති නැහැ නිතරම පෙනී ඉන්න. එතකොට අපේ වටිනාකම අඩු වෙනවා. හැමදාමත් අපේ වටිනාකම තියා ගන්න ඕන කලාකරුවෝ විදිහට. ඒ නිසා මම තෝරාගෙන රඟපාන්නේ. මට රඟපාන්න එපා කියලා රුවන් කවදාවත් කියලා නැහැ.

වැඩිය දකින්න නැති නිසා ආරාධනා ලැබෙන්නේත් අඩුවෙන් වෙන්න ඇති..?
මට ටෙලි නාට්‍ය වලට නම් ගොඩක් ආරාධනා ලැබෙනවා. වැඩිපුරම ආරාධනා ලැබෙන්නේ මෙගා නාට්‍යවලට. මම දීර්ඝ නාට්‍යවලට රඟපාන්න කොහොමත් කැමති නැහැ . මම දන්නවා මගේ රඟපෑමේ පරාසය. ඒ පරාසයේ රංගනයක් කරන්න පුළුවන් චරිතයකට තමයි මම මුලිකත්වය දෙන්නේ. තවම මට හොඳ චරිතයක් ලැබිලා නැහැ. ලැබුණොත් රඟපානවා. චිත්‍රපටි වල මම රඟපාන්න තමයි වැඩිපුර කැමති. සිනමාවට නම් ඇරයුම් ලැබෙන්නේ අඩුවෙන්.

රුවන් එක්ක යුග ගීයක් ගයන්න කැමති නැද්ද..ඔහුගේ කැමැත්ත කොහොමද ...?
මම සින්දු කියන්න නම් කොහොමත් දන්නේ නැහැ. ඒ නිසා ඒ ගැන හිතන්නෙම නැහැ. රුවන් නම් කැමතියි එයාගේ වැඩවලට මාව සම්බන්ධ කරගන්න.

රුවන් සැමියා නිසාද ඔහුගේ ගීතවලට සැකසෙන රූපරචනා වලට වැඩිපුර ඉන්නේ...?
එයා කැමතියි මම ඉන්නවා නම්. ඒත් මමම නිතරම ඉන්න එක හරි නැහැනේ. මම එයාගේ සින්දු පහකට විතර හිටියා. ඒ හැම වීඩියෝ එකක්ම ගොඩක් ජනප්‍රිය වුණා. මම නැති ඒවාට ටිකක් ප්‍රතිචාර අඩු වෙනවා කියලා එයත් කියනවා. නමුත් මම නම් එහෙම දකින්නේ නැහැ. එයාගේ හැම ගීතයක්ම ජනප්‍රියයි. කොහොම නමුත් එයාගේ අලුත් ගීතයේ වීඩියෝ එකට මට එන්න කිව්වා. මමත් කැමති වුණා. ළඟදීම ඒ ගීතය එළිදක්වයි.

නිර්මාණවලට කැමරාව ඉදිරියේ වෙනත් පෙම්වතෙක් එක්ක ඉන්නකොට රුවන්ගේ ප්‍රතිචාර කොහොමද...?
ඒක රඟපෑමක් විතරයිනේ. අපි දෙන්නටම ඒ ගැන හොද අවබෝධයක් තියනවා. ඒ නිසා ගැටලුවක් නැහැ.

ඔබ රුවන් එක්ක දකින්න නැති වෙනකොට ඔබ දෙදෙනාගේ විවාහයත් දෙදරලා කියලා කතා පැතිරෙනවා. ලස්සන පවුල් ජිවිතයක් ගත කරද්දී ඒ වගේ කතා පැතිරෙනකොට දුක හිතිලා නැද්ද ...?
දුකක් නම් නැහැ. නමුත් අපේ මිනිස්සුන්ගේ අඩු මානසිකත්වය ගැන කළකිරීමක් ඇති වෙලා තියනවා. වැඩකට නැති මිනිස්සු අනුන්ගේ දේවල් හොයනවා. මිනිස්සු හිතන්නේ නැහැ තව කෙනෙකුට ඇඟිල්ලක් දික් කරද්දී ඒ මනුස්සයාගේ පැත්තට ඇඟිලි හතරක් දිගු වෙනවා කියලා. හැම මනුස්සයාම සර්ව සම්පුර්ණ නැහැ. පාඩුවේ ජිවත් වෙන මිනිස්සුන්ට කතා හදන එක නම් පව් වැඩක්.

පසුගිය දවසක ඔබේ උපන් දින සාදය තිබුණා. ඔබගේ විලාසිතාවටත් චෝදනා එල්ල කරලා තිබුණා නේද..?
ඔව්. මම ඇදගෙන හිටපු ඇදුම ගැන එක එක කතා ගිහින් තිබුණා. මිනිස්සුන්ගේ ඇදුම් වලින් කොහොමද හොඳ නරක මනින්නේ. ඇඳුම ටිකක් කොට වුණා කියලා පපුව ප්‍රදේශය ටිකක් ඕපන් වුණා කියලා කැත විදිහට කතා කරන එක හොද නැහැ. මම මගේ වියදමින් විලාසිතා කරන්නේ. මට ගැලපෙන විදිහට.

ෂෙරිල් විලාසිතා කරන්නේ බ්‍රැන්ඩ් වලටද ..?
මම වගේම රුවනුත් ඔරලෝසු , සුවඳ විලවුන් , ඇදුම් හැමදෙයක්ම ගන්නේ බ්‍රෑන්ඩ් වලින්. අපි දෙන්නම ආවේ සාමාන්‍ය තත්ත්වයක ඉඳලා. ඉතින් දැන් ලස්සන විලාසිතා කරන්න අපිට සල්ලි තියනවා. ඒ නිසා කැමති විදිහට විලාසිතා කරනවා. අපි සාමාන්‍ය කඩවලිනුත් ඇඳුම් ගන්නවා ලස්සන නම්.

බලු පැටව් නළවන්නේ අම්මා කෙනෙක් වෙන්න අකමැත්තෙන්ද ...?
මේ දවස්වල මම බලු පැටව් බලනවා. මාවයි රුවන්වයි එකතු කළේ දෙවියෝ. අපි දෙන්නම දරුවන්ට ආදරෙයි. දෙවියෝ මට රුවන් වගේ හොඳ කෙනෙක් දුන්නා වගේම අපිට දරුවෙකුත් දෙයි. එතකල් ඉවසීමෙන් ඉන්නවා. (gossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘‘ඇඳුම ටිකක් කොට වුණාම, පපුව ටිකක් පෙනුනාම කැත විදිහට කතා කරන්න හොඳ නෑ“ - ෂෙරිල් ඩෙකර්"

    Post a Comment