22 April, 2017

කසාද නොබැඳ එක වහළක් යට ජීවත් වීම (Living together) ගැන "ටීනා, ඕෂධී, ලක්ෂිකා" කියන කතා

Teena-Lakshika-Oshadee
  • ආදරය විවාහයකින් කෙළවර විය යුතු නෑ - ලක්ෂිකා
  • වටිනාකම කල් යන විට අඩුවෙනවා - ටීනා
  • මම නම් මේ සංකල්පයට කැමතියි.. ආසයි - ඕෂධී

කසාද බඳින්නෙ නැතිව එක වහලක් යට ජීවත් වීම ගැන කවුරු මොනවා කිව්වත් එය මේ සමාජයේ අපිට ඕනෑ තරම් දකින්න ලැබෙන දෙයක්. Living together ගැන, මේ දවස්වල වැඩිපුරම සමාජ ජාල හරහා කතාවෙන තරු තුනක් වන ටීනා ෂෙනල්, ඕෂධී හිමාෂා සහ ලක්ෂිකා ජයවර්ධන සති අන්තපුවත්පතකට අදහස් පළ කරලා තිබුණා.

මේ ඔවුන්ගේ අදහස්...

ලක්ෂිකා ජයවර්ධන

Lakshika Jayawardhana

Living together සංකල්පය පිළිබඳ තියෙන්නෙ මොන වගේ අදහසක්ද..?
එකට ජීවත් වෙනවා කියන එකනේ මේ කියන්නෙ. මෙහෙමයි අපි ආදරය කරනවා නම් එය විවාහයකින්ම කෙළවර විය යුතු නැහැ. ඒ නිසා එකට ජීවත් වෙන්න විවාහ විය යුතු නෑ. මම මේ සංකල්පයට එකඟයි.

එතකොට විවාහය කියන සංකල්පය වැදගත් නැද්ද..?
එයත් අවශ්‍යයි. මොකද අපේ ඇතැම් දේවල් රැඳලා තියෙන්නෙ මේ නිසා. පවුල කියන පදනම ඇතිවෙන්නෙ මේ නිසා. නමත් Living together කියන සංකල්පයේද ගත යුතු දේවල් තියෙනවා.

මේක දෙක අතරින් වඩා හොඳ මොකද්ද..?
විවාහ වූ දෙදෙනෙකුට වුණත් තේරුම් ගැනීම වැදගත් එකට ජීවත් වෙද්දි. ඉතිං විවාහ නොවී වුණත් නිවැරදි අවබෝධයෙන් යුතුව ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ. මොකද විවාහය කියන්නෙ අත්සනක් පමණයි. මේ ලියන බැඳීමට වඩා හදවතේ බැඳීම බලවත්. ඒ බැඳීම බිඳ දැමීම අපහසු දෙයක්.

ටීනා ෂනෙල්

teena shanell

Living together සංකල්පය ගැන දරන්නෙ මොන වගේ අදහසක්ද..?
මට හිතෙන්නෙ මෙය ඒ තරම් හොඳ දෙයක් නෙමෙයි කියන අදහස. මොකද අද කාලේ ඉන්න තරුණ අය අතරේ ස්ථිර ආදර සම්බන්ධතා අපිට දකින්න ලැබෙනවා අඩුයි.

දෙන්නෙක් තේරුම් ගන්න මෙම ක්‍රමය පහසුයි කියනවා නේද..?
මම නම් හිතන්නෙ හැම වෙලාවෙම එකට ඉන්න විට වැරදි අඩුපාඩු පේනවා වැඩියි. අපට ඉස්සෙල්ලම කෙනෙක් හමුවුණාම තියෙන වටිනාකම කල් යන විට අඩුවෙනවා. එය මේ ක්‍රමය නිසා වැඩිවෙන්න ඉඩ තියෙනවා.

ඒ කියන්නෙ මේ සංකල්පය මොන අතකින්වත් අපට ගැලපෙන්නෙ නෑ කියලද..?
ඇත්තටම ඔව්. ඉස්සර විවාහ සිද්ධ වුණේ හරි පිළිවෙලට හිමිං. අද සියල්ල අධිවේගී වෙලා. ඒ වගේම මේ විදිහට එකට ඉඳලා විවාහ වුණොත් හොඳයි. බැරිවෙලා හරි එහෙම නොවුණොත් ඉන් වැඩි හානිය සිද්ධ වෙන්නෙ කාන්තාවන්ට. මේ සියල්ලම එක්ක මම නම් මෙයට එකඟ වෙන්නෙ නෑ.

ඕෂධී හිමාෂා

oshadi-himasha

Living together සංකල්පය ගැන ඔබේ අදහස..?
මට නම් ඇත්තටම කියන්න තියෙන්නෙ මෙය හොඳ දෙයක් කියලයි. මොකද දෙන්නෙකුට අවබෝධ කරගන්න තියෙන ඉඩ වැඩියි එකට ජීවත් වුණාම.

විවාහ වෙලා එකට ජීවත් වෙන විට තේරුම් ගන්න බැරිද..?
මෙහෙමයි අද ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙ පුරා දික්කසාදය වැඩිවෙලා තියෙනවා. ඇත්තටම විවාහ වෙලා පස්සෙ ගැලපෙන්නෙ නෑ කියලා දික්කසාද වෙනවට වඩා එකට ජීවත් වෙලා නොගැලපෙන බව තේරුම් අරගෙන වෙන් වෙන එක හොඳයි.

මේ කාරණය අපේ රටේ සංස්කෘතියට ගැලපෙන්නෙ නෑ කියන අදහස බරපතල විදිහට තියෙනවා නේද..?
මම නම් මේ සංකල්පයට කැමතියි.. ආසයි. අපේ රටේ සංස්කෘතිය අරගෙන බලද්දි මේක නොගැලපෙන්න පුළුවන්. ඒත් මම මෙහෙම කියන්නෙ ඒ දිහා බලලා නෙමෙයි. දෙන්නෙක් අතර අවබෝධයක් ඇති කරගන්න එකට ජීවත් වෙන්න හැකිද කියන දේ තේරුම් ගන්න Living together ඉතා හොඳ අවස්ථාවක්. (hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කසාද නොබැඳ එක වහළක් යට ජීවත් වීම (Living together) ගැන "ටීනා, ඕෂධී, ලක්ෂිකා" කියන කතා"

    Post a Comment