22 April, 2017

“තෝව හමගහනවා දැනගනින්..!” – කුණු නිසා ඇවිස්සුන ප්‍රසන්නගේ අප්‍රසන්න හැසිරීමෙන් පරණ කුණුත් එළියට

Prasanna Ranathunga-2017-04-22_15-35-18

2017/04/20 දින දොම්පේ කසළ ප්‍රතිචක්‍රීයකරණ මධ්‍යස්ථානයේ පැවති විරෝධතාව අතරතුරදී බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංගේ පාහර හැසිරීම පිළිබඳව මේ වනවිට සමාජජාල ඔස්සේ දැඩි ලෙස කතා බහට ලක්වේ.

අත්‍යවශ්‍ය රාජ්‍ය සේවයක් වන කසළ ප්‍රවාහණය කරන ලොරි රථ රියැදුරෙකුට පරුෂ වචනයෙන් බැණ වදිමින් “තෝව හමගහනවා” පවසන අයුරු එම අවස්ථාව ආවරණය කිරීමට ගිය සිරස කැමරාශිල්පියා විසින් සිය කැමරාවේ පැහැදිලිව සටහන් කරගෙන තිබේ.

අවස්ථා ගණනාවකදීම ප්‍රසන්න රණතුන්ංග විසින් රාජ්‍ය නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් ඔවුන්ට තර්ජනය කල අයුරු සාක්ෂි සමඟ තහවුරු වී තිබියදී ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්ද යන්න පිළිබඳව මහජනතාව ප්‍රශ්ණ කරති.

ප්‍රසන්න රණතුංගගේ පිස්සු බලු හැසිරීම් ඔබට පහතින් දැකගත හැක.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to " “තෝව හමගහනවා දැනගනින්..!” – කුණු නිසා ඇවිස්සුන ප්‍රසන්නගේ අප්‍රසන්න හැසිරීමෙන් පරණ කුණුත් එළියට"

    Post a Comment