21 February, 2017

කරන්න හිතුණොත් කරනවාමයි - ඔටාරා

- තරු හැඩ වෙන හැටි

otara-gunewardene-article-21

ව්‍යාපාරක ක්‍ෂේත්‍රයේ නොමැකෙන නමක් සනිටුහන් කරමින් සාර්ථක ගමනක් පැමිණි ඔටාරා ගුණවර්ධන කෙතරම් කාර්යබහුල දිවියක් ගත කළත් ඇය තවමත් සුන්දර ශක්තිමත් කාන්තාවක්. සොබාදහමට සමීපව දිවි ගෙවන ඇයගේ සුන්දර පෙනුමටත් එය බලපාන බව ඇය තදින්ම විශ්වාස කරනවා.

සොබාදහමට ආදරේ කරනවා

අපි හැමෝම සොබාදහමට ළංවෙලා ජීවත් වෙනවා නම් ජීවිතේ හරිම පහසුයි. ලෝකෙ දියුණුවීමත් එක්කම අපි ඒ දේවල්වලින් අෑත් වුණා. ඒත් සොබාදහමට සමීප වෙලා ජීවත්වීමට අපේ මනසට විතරක් නෙවෙයි පෙනුමටත් හිතකරව බලපානවා.

යහපත් සිතිවිලි වැදගත්

අපි ගොඩක් වෙලාවට ලෙඩ වෙන්නේ හිතට වගේම ශරීරයට දාගන්න දේවල් නිසයි. හිතේ නපුරු දේවල් තියාගෙන ඉන්න එකත් ලෙඩවලට බලපානවා. මේ ගැන අඥඵඥපජඩ වලින් පවා තහවුරු වෙනවා. මොන තරම් ප්‍රශ්න ආවත් ර්ථීධඵඪබඪමඥ විදියට හිතලා වැඩ කරන එක වැදගත්. පිළිකා වගේ දරුණු රෝග ඇතිවෙන්නෙත් අපේ හිතේ ඇති වෙන නරක සිතිවිලි නිසයි. නිරෝගීව ඉන්න නම් මේ වගේ නරක සිතිවිලිවලින් අෑත් වෙන්න ඕන.

ජිම් යනවා

අපි ශරීරය අභ්‍යන්තරයෙන් වගේම මනසින් ශක්තිමත් වීම අපේ සාර්ථකත්වයට බලපානවා. ව්‍යාපාර කරන කොට නිතර ශක්තිමත්ව ඉන්න ඕන. ඒ නිසා මම ශාරීරිකව ශක්තිමත්ව ඉන්න ජිම් යනවා. මට ඒ ශක්තිය සාර්ථක වෙන්න වැදගත් වුණා. ඒ වගේම ගුණදායක ආහාර ගැනීමත් හරිම වැදගත්.

වස විස නැති ආහාරවලට මුල් තැන

අපේ ඉස්සර ආහාර රටාව තමයි ඒ කාලෙ අය නිරෝගී වෙන්න බලපෑවේ. ස්වාභාවිකව ගෙවත්තෙන් ගන්න ආහාරවලින් නිරෝගීකම ආරක්ෂා වෙනවා. රසායනික ද්‍රව්‍ය නැති පෝෂණීය ආහාරවලට යොමු වෙන එක වැදගත් වෙන්නෙත් ඒ නිසයි.

භාවනා කරනවා

මම ව්‍යායාම කරලා තමයි වැඩ පටන් ගන්නේ. ඒවගේම මම භාවනා කරනවා. යෝගත් කරන්න කැමැතියි. සතියකට දවස් දෙකක් විතර මම යෝගා කරනවා. හුස්ම ගන්න නිවැරැදි ක්‍රමය යෝගාවලින් හුරු වෙනවා වගේම මනසටත් සුවයක් දැනෙනවා.

රෑට බතුයි එළවළුයි

හැමදාම උදේට මම තැඹිලි බොනවා. උදේ කෑමට ගන්නෙත් මුං ඇට, කඩල වගේ ධාන්‍ය වර්ගයක්. සීනි ආහාරවලිනුත් දැන් මම අෑත් වෙලා ඉන්නේ. පුළුවන් තරම් අපේ රටේ වැවෙන එළවළු පලතුරු කන්න තමයි මම කැමැති. මේ දේවල් ස්වාභාවිකවම ගන්න පුළුවන් නිසා ලෙඩ රෝගත් අඩුයි. දවල් වගේම රෑ කෑමටත් මම දැන් ගන්නේ බත් එක්ක එළවළු කීපයක්. එළවළු කන්නත් මම ගොඩාක් කැමැතියි.

මස් මාළු කන්නේ නෑ

අවුරුදු 25ක් විතර ඉඳන්ම මම මස් වර්ග කන්නේ නැහැ. දැන් නම් මම සත්ත්ව ආහාරවලින් ගොඩාක් අෑත් වෙලා ඉන්නේ. සත්තුන්ගෙ ජීවිත නැති කරලා ඒවා කෑමට ගන්න මම කැමැති නැහැ. ඒ නිසා එළවළු, පලතුරුවලට මම කැමැතියි.

වතුර ගොඩාක් බොනවා

වතුර අපේ ශරීරයට හරිම වැදගත්. සමේ තෙතමනයට විතරක්ම නෙවෙයි, ශරීරයෙ හැම ක්‍රියාවලියක්ම හරි විදියට ක්‍රියාත්මක වෙන්න ගොඩක් වැදගත් වෙනවා. ඇඟ ඇතුළෙ තියෙන ඇසිඩ් වගේ සුදුසු නැති දේවල් පිටවෙන්න වතුර හොඳට බොන්න ඕන. මම දවසට වතුර වීදුරු 6ක් 7ක් විතර පානය කරනවා. ඒත් කෝලා වර්ග නම් දැන් බොන්නෙම නැහැ.

මුං ඇටවලින් ස්ක්‍රබ් එකක්

මුං ඇට පොඩි කරලා අත් කහ සමඟ මිශ්‍ර කරලා හමේ ගාලා හම පිරිසුදු කර ගන්න පුළුවන්. මම මුහුණටයි. අත්වලටයි මේක ස්ක්‍රබ් එකක් විදියට පාවිච්චි කරනවා. මේ සත්කාරය මම ළඟදී තමයි කරන්න පටන් ගත්තේ. මට ඒකෙන් ප්‍රබෝධවත් බවක් දැනෙනවා.

ආයුර්වේද නිෂ්පාදන වලට කැමැතියි

සාමාන්‍යයෙන් මම ක්‍රීම් වර්ගයක් පාවිච්චි කළත් Branded ඒවාම හොයන්නෙ නැහැ. කෙමිකල් අඩු ක්‍රීම් වර්ග තමයි තෝර ගන්නේ. ආයුර්වේද නිෂ්පාදන වලට මම කැමැතියි. අසනීප වුණත් මම ආයුර්වේද ප්‍රතිකාරවලට මුල් තැනක් දෙනවා. පුළුවන් තරම් ස්වාභාවික දේවල් පාවිච්චි කරන්න උත්සාහ කරනවා.

උසට සරිලන බර

අපි කන දේවල් නිසා ලෙඩ ඇති වෙනවා. අපිට ජීවත් වෙන්න කෑම ගොඩාක් අවශ්‍ය වෙන්නේ නැහැ. කෑම වැඩි වුණාම තමයි ඒවා ඇඟේ තැන්පත් වෙලා මහත් වෙන්නේ. මහත නිසා දුක් වෙලා මානසිකවත් පීඩා විඳිනවා. ඒ නිසා මම හිතන්නේ උසේ ගාණට සිරුරේ බර පවත්වාගෙන ඉන්නවා නම් ලෙඩත් අඩුයි.

ස්වාභාවික සුන්දරත්වයට මුල් තැන

ආභරණ වුණත් මම වැඩිය පලඳින්නේ නැහැ. ගොඩාක් දේවල් ඇඟේ දාගෙන ඉන්න මම කැමැති නැහැ. මම කැමැති තමන්ගේ ස්වාභාවික ලස්සන ඉස්මතු වෙන විදියට ඉන්න. ඒ නිසා මම අඳින්න කැමැතිත් සරල විදියට.

මෙනික්‍යු සහ පෙඩික්‍යු සත්කාර

මම වැඩිය Treatment කරන්නෙ නැහැ. ඒත් මාසෙකට සැරයක් විතර මෙනික්‍යු පෙඩික්‍යු කරන්න සැලෝන් එකට යනවා. සමේ තෙතමනය තියාගන්න මේ සත්කාර වැදගත්. දවසම A/C කාමරවල ඉන්න නිසා සමේ තෙතමනයට මේ වගේ සත්කාර කරන්න.

මානසික සතුට ඉතාම වැදගත්

අනවශ්‍ය පමණට වඩා දේවල් පසුපස හඹාගෙන ගිහින් ඒවා නොලැබුණාම ගොඩාක් අය මානසික පීඩාවට පත්වෙනවා. මේ නිසා ජීවිතේ සරල වෙන තරමට අපිට සතුටින් ඉන්න පුළුවන්. අපි කාත් එක්ක කාලය ගත කළත් තමන්ගේ සතුට තියෙන්නෙ තමන් තුළමයි. වෙන කෙනෙක්ට අපිට සතුට දෙන්න බැහැ.

ඉස්සර අපේ ගම්වල ගෙවල්වල ‍දොර, මුළුතැන්ගෙය, වැසිකිළිය තිබ්බෙත් සුබ අසුබ දිසා ගැන සැලකිලිමත් වෙලා. කාලයත් එක්ක අපි ඒ දේවල් අමතක කළත් ෆෙංෂුයි, වාස්තු විද්‍යාව නැවතත් අපිට සමීප වෙනවා. ඉතින් මමත් කැමැතියි ඒවා මගේ ජීවිතයට එකතු කර ගන්න. අපේ ජීවිතවලට මේ දේවල් ගොඩාක් බලපාන බවත් මං විශ්වාස කරනවා.

කරන්න හිතුණොත් කරනවාමයි

මම කැපවීමෙන් වැඩකරන කෙනෙක්. ඒ වගේම වැඩකරන්නත් මම හරිම කැමැතියි. ඕනම කෙනෙක් දීර්ඝ කාලීනව වැඩක් කරනවා නම් ඒක කැමැත්තෙන් කරන්න ඕන. නැත්නම් ඒක මනසටත් කරදරයක්. ඒ වගේ දෙයක් සාර්ථක වෙන්නෙත් නැහැ. ඒවගේම මට දෙයක් කරන්න හිතුණොත් මම ඒක කොහොම හරි කරනවා.
ප්‍රශ්න කියන්නේ ජීවිතේට පාඩමක්

ජීවිතේ එක එක කාලවලදී එන ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඒක අමාරු දෙයක්. ඒත් මම හැමවෙලාවෙම හිතෙන්නේ ඒ දේ පිටුපස ඊටත් වඩා හොඳ දෙයක් තියෙනවා කියලයි.

ඒක අත්දැකීමක් කරගෙන ජීවිතේට පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට නැවතත් එකම වරද වෙන්නේ නැහැ. ජීවිතේ වෙනසකට ඒක හොඳ ආරම්භයක් වෙන්නත් පුළුවන්.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "කරන්න හිතුණොත් කරනවාමයි - ඔටාරා"

    Post a Comment