06 April, 2017

උමා ඔය ව්‍යාපෘතිය අස්සෙන් ලොකු ගණන්වලට ඉරාන ජාතිකයින්ට විකිනෙන ගණිකාවෝ

Uma-Oya-Prostitution

උමා ඔය ව්‍යාපාරයේ සේවය කරනු ලබන ඉරාන ජාතිකයන් හට ඉහල මිල ගණන් වලට ගණිකාවන් සැපයීමේ සංවිධානාත්මක ජාවාරමක් පවතින බව වාර්තා වේ.

උමා ඔය ව්‍යාපාරයේ වඩ බිම් පවතින කරදගොල්ල , ඩයරබා, මිරහවත්ත ආදී ප්‍රදේශවල ඉරාන ජාකිතයන් සේවය කරන අතර ඔවුන් හට අවට ප්‍රදේශවල කාන්තාවන් ගණිකා ලෙස ඉහල මිල ගණන් වලට සැපයීමේ මෙම ජාවාරම සිදුවන බැව් ප්‍රදේශවාසීන් කියයි.

වැඩබිම් අවට කාන්තාවන් මෙන්ම වැලිමඩ, බණ්ඩාරවෙල , ඇල්ල ආදී ප්‍රදේශවල කාන්තාවන්ද මේ වන විට ඉරාන ජාතිකයන් ඉලක්ක කර ගෙන ගණිකා වෘත්තියේ නිරත වන බැව් වාර්තා වන අතර මේ සදහා උමා ඔය ව්‍යාපාරයේ සේවය කරන දේශීය සේවකයින්ගේද සහය ලැබෙන බැව් කියවේ.

මේ හේතුව නිසා ප්‍රදේශයේ සමාජ රොග ව්‍යාප්ත විමේ තත්වයක්ද ඇති වී තිබෙන අතර කාන්තාවන් රැගෙන යෑමට රථ වාහන රැසක්ද යොදාගෙන ඇති බව ප්‍රදේශ වාසින් කියති.

මුළු ප්‍රදේශයම දන්නා ප්‍රසිද්ධ රහසක් වී ඇති මෙම ගණිකා ජාවාරම මැඩ පැවැත්වීමට නිතිය රකින බලධාරින් කටයුතු නොකිරීම කණගාටුවට කරුණක් බව ප්‍රදේශයේ ජනතාව කියති.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "උමා ඔය ව්‍යාපෘතිය අස්සෙන් ලොකු ගණන්වලට ඉරාන ජාතිකයින්ට විකිනෙන ගණිකාවෝ"

    Post a Comment