06 April, 2017

ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනිමට සනි ලීයොන් දිරිගන්වන්නියක් ලෙස එයි


මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේදී ප්‍රේක්ෂක දිරිගන්වන්නියන් (chear girls) කණ්ඩායම මෙහෙයවීමේ වගකීම සරාගී නිළියක වන සනී ලියොන්ට පැවරී තිබෙනවා.
ඒ අනුව මෙවර තරගාවලියේදී හින්දි ගීතවලට ඇය නර්ථනයේ යෙදීමට නියමිත බවයි ඉන්දීය පුවත් සේවා සඳහන් කලේ.

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ලබන බදාදා ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

10 වන වරට පැවැත්වෙන මෙවර තරගාවලියේදී කණ්ඩායම් 8 ක් තරග වැදීමට නියමිතයි.

සනී ලියොන් මෙම තරගාවලියට එක්වීම තුලින් තරගවලට පවතින ප්‍රේක්ෂක ආකර්ෂණය ද ඉහළ යනු ඇති බවටයි ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

ඇය බොහෝ දුරට රෝයල් චැලේජ්ජස් බැංගලෝර් කණ්ඩායමේ තරගවලට පමණක් යොදා ගැනෙනු ඇතැයි ද වාර්තා පළවී තිබෙනවා.

ඒ වෙනුවෙන් සනී ලියොන් අයකර ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 5 ක්.

මෙවර අයි පී එල් තරගාවලියේ පළමු තරගය ලබන බදාදා පැවැත්වෙන්නේ රෝයල් චැලේන්ජස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම් අතරයි.

ඉන්දීය පුවත් සේවා පෙන්වා දෙන්නේ මෙම තරගවලදී සනී ලියොන් අතිශය කාර්ය බහුල වීම මෙන්ම අධික තෙහෙට්ටුවට ද පත් වනු ඇති බවයි.

රෝයල් චැලේන්ජස් බැංගලෝර් කණ්ඩායමේ ක්‍රිස් ගේල් / ඒ බී ඩිවිලියස් වැනි ක්‍රීඩකයන්ගේ පිතිහරඹය නිසා නිරන්තරයෙන් හයේ සහ හතරේ පහරවල් එල්ලවීම හමුවේ සනී ලියොන්ට නර්තනයේ යෙදීමට සිදුවන වාර ගණන වැඩිවනු ඇතැයි ඔවුන් පෙන්වා දෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩි කර ගැනිමට සනි ලීයොන් දිරිගන්වන්නියක් ලෙස එයි"

    Post a Comment