10 April, 2017

පැයට 75,000 යි - Online Orders ගන්න රුසියන් ගණිකාවෝ

Russian Prostitutes

සංචාරක වීසා මත මෙරටට පැමිණ සිටින රුසියානු කාන්තාවන් පිරිසක් සංවිධානාත්මකව ගණිකා සේවයේ යෙදෙන අයුරු අනාවරණය කර ගැනීමට ආගමන විගමන දෙපාර්තුමේන්තුවේ නිලධාරීන් සමත් වී තිබේ.

අන්තර් ජාලය ඔස්සේ ගණුදෙනුකරුවන් සොයා ගන්නා මොවුන් පැය දෙකක් ගත කිරීම සදහා අයකරනා මුදල රුපියල් 75,000 ක්.

ආගමන විගමන දෙපාර්තමේන්තු වීසා සහ පත්‍යන්ත පාලක W.M.M.B. වීරසේකර මහතාගේ මෙහෙයවීම මත මෙම ගණිකා ජාවාරම වැටලීමට කටයුතු කළා.

ගණිකා සේවය සැපයීම සදහා මෙම රුසියානු ජාතික කාන්තාවන් කොළඹ සුපිරි තරු පන්තියේ හෝටලයේ කාමරයක් තුලට පැමිණි පසු ආගමන විගමන නිලධාරින් තමන් කවුරුන්දැයි මෙලෙස හදුන්වා දුන්නා.

රුසියානු කාන්තාවන්ගේ විදේශ ගමන් බලපත්‍ර පරීක්ෂා කිරීමේදී මොවුන් සියළු දෙනාම මෙරටට සංචාරක වීසා මත පැමිණ කලක පටන් මෙම ජාවාරමේ යෙදෙන බවට තොරතුරු හෙළි වුණා. ඔවුන් හෙළි කලේ කාලයෙන් කාලයට කණ්ඩායම් වශයෙන් රුසියාවේ සිට පැමිණ කුලී පදනම මත ලබාගෙන ඇති කිරුළපනේ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයේ ලැගුම් ගනිමින් මෙම ජාවාරමේ නිරත වන බවයි.

පැය දෙකක් ගණුදෙනුකරුවෙකු සමග ගතකිරීමට මෙම කාන්තාවක් අයකර ඇති මුදල 75,000 ක්.

එක් අයෙකු දිනපතා ගණුදෙනුකරුවන් 03 දෙනෙකු පමණ අන්තර් ජාලය ඔස්සේ සොයාගෙන විශාල මුදලක් උපයා ඇති බවයි මුලික විමර්ශනවලදී හෙළිවුයේ.

වැටලීමේදී ආගමන විගමන නිලධාරීන් භාරයට ගැණුනු මෙම රුසියානු කාන්තාවන් පස්දෙනා මේ වනවිට මිරිහානේ පිහිටි විශේෂ රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා තිබෙනවා.

පරීක්ෂණ කටයුතු අවසන් වු පසු ඔවුන් මෙරටින් පිටුවහල් කිරීමට නියමිතයි.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පැයට 75,000 යි - Online Orders ගන්න රුසියන් ගණිකාවෝ"

    Post a Comment