08 April, 2017

වැඩේ හැටියටයි මම අඩනිරුවත් වෙන්නේ – අනවශ්‍ය දේවල් පෙන්නලා මට හිට් වෙන්න ඕන නෑ

Oshadi Himesha-09

ආශාවරී ඔබේ නම පවා ඕක ඇහුනු ගමන් කාවද මතකෙට එන්නේ. ආහ් එය ගැන තමයි අද අපි කියන්න යන්නේ ඕෂදී හිමේෂා කියන්නේ අපේ රටේ ඉන්න සුන්දර නිරුපිකාවක්.

ආශාවරී වීඩියෝ එකෙන් හිමේෂා මේ රටේ යොවුන් විය අවදි කළා. ඒ ඇගේ ශරීරයේ ඇඳුම් බොහෝමයක් අඩුවෙන් තියාගෙන රඟපාලා. මොනවා වුණත් ඇය කියන්නේ හිට් වෙන්න අඩ නිරුවත පාවිච්චි කරන්නේ නැහැ කියලා.

අඩ නිරුවතින් රඟපෑ මේ වීඩියෝ එක ගැන අපි තවත් කතා කරන්න යන්නේ නැහැ. ඒ හින්දා අපි ඕෂදීගේ අලුත් තොරතුරු ගැන ටිකක් ඇහැව්වා.

පසුගිය දවස් වල පැවැත්වුණු රුපලාවන්‍ය තරඟාවලියක් වෙනුවෙන් තායිලන්තයට ගිහින් හිටපු ඕෂධී දැන් ලංකාවට ඇවිල්ලා. අඩ නිරුවත් දර්ශන ඉදිරියටත් රඟපානවද?

අධ්‍යක්ෂකවරයා කවුද? ගෙවීම කොහොමද? රඟපාන්න ඉන්න නළුවා කවුද? කන්සෙප්ට් එක මොකද්ද? මේ කරුණු කාරණා බලලා එකට කැමැත්ත දෙන්න මම පසුබට වෙන්නේ නැහැ.

මෙහෙම වුනාම මිනිස්සු දොස් කියනවා නේද?

මිනිසුන්ට ඕනේ දෙයක් කියන්න පුළුවන්. මිනිසුන්ගේ කටවල් වහන්න මට ඕනේ කමකුත් නැහැ. නිරුපිකාවක් කියන්නේ කල කටයුත්තකට පන පොවන කෙනෙක්. ඒ කලාවට හොඳ නරක දෙකෙන්ම ප්‍රතිචාර ලැබෙනවා.

ඔය ලස්සන නැති වුන දවසට මොකද කරන්නේ?

වයසට යද්දී නිරුපන සේශ්‍රතයේ අවස්ථා නැති වෙන්න පුලුවන්. හැමදාම මේ ෆීල්ඩ් එකේ ඉන්න බැහැ. ඒක හින්ද හෙට ගැන හිතලා අද වැඩ කරනවා.

ඊ ළඟ නිර්මාණය මොකද්ද? ඒක අනිවාර්යෙන්ම චිත්‍රපටියක්.

ඒකෙත් කැමරාව ඉස්සරහ ඉන්නේ ඇඳුම් අඩුවෙන්ද?

ඒක චිත්‍රපටිය තිරගත වෙන දවසට බලන්න පුළුවන්. මම මුලිනුත් කිව්වනේ. මට අඩ නිරුවත පෙන්නලා හිට් වෙන්න ඕනේ කමක් නැහැ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "වැඩේ හැටියටයි මම අඩනිරුවත් වෙන්නේ – අනවශ්‍ය දේවල් පෙන්නලා මට හිට් වෙන්න ඕන නෑ"

    Post a Comment