16 April, 2017

උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය අසාර්ථකයි

ballistic-missile-north-kores

උතුරු කොරියාව විසින් අත්හදා බැලූ මිසයිලයක් අසාර්ථක වී ඇති බව දකුණු කොරියාව පවසයි.

නැගෙනහිර වෙරළ ප්‍රදේශයේ සිට එම මිසයිල අත්හදා බැලීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

කෙසේවෙතත් අදාළ මිසයිලය කුමන් වර්ගයකට අයත්දැයි මේ වන තෙක් අනාවරණය වී නැත.

අමෙරිකානු ආරක්ෂක අංශ විසින් ද අදාළ කරුණ අනාවරණය කර තිබේ.

උතුරු
කොරියාව අමෙරිකාවට අනතුරු ඇගවීමෙන් පසු අදාළ මිසයිලය හදිසියේ අත්හදා බැලූ එකක් බව වාර්තා වෙයි.

මේ වන විට උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් පහක් අත්හදා බලා ඇති අතර මිසයිල මාලාවක් අත්හදා බැලීමට ද සමත් වී තිබේ.

මේ අතර අමෙරිකානු උප ජනාධිපති මයික් ෆෙන්ස් දකුණු කොරියාවට පැමිණීමට නියමිතව තිබේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "උතුරු කොරියාව අත්හදා බැලූ මිසයිලය අසාර්ථකයි"

    Post a Comment