ඇමරිකාව සහ උතුරු කොරියාව අතර නම්‍යශීලීත්වයක් නොමැතිවීමෙන් අර්ධද්වීපයේ යුද උණුසුම උත්සන්න වීම ඊට හේතුවයි.
චීන විදේශ අමාත්‍ය වෑන් යී ප්‍රකාශ කළේ එහිදී කිසිවෙකු ජයග්‍රාහකයෙක් නොවන බවයි.
උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවි වැඩසටහන සහ ඇමරිකාව කොරියානු අර්ධද්වීපයට නෞකා ප්‍රහාරක බල ඇණියක් එවීම කලාපයේ උණුසුම ඉහළ යාමට හේතුවී තිබෙනවා.
උතුරු කොරියාවේ එකම ප්‍රබල සහයකයා වන චීනය මේ පිළිබඳව විශේෂ අවධානයකින් පසුවන්නේ දේශසීමා ඔස්සේ ඇතිවිය හැකි අර්බුදකාරී තත්ත්වය හේතුවෙන්.
විශේෂයෙන් ගැටුමක් පැන නැගුනහොත් එහි
පාලන බලය වෙනස් විය හැකි බවද චීනයේ විශ්වාසයයි.
මේ නිසා අදාළ සියලූ පාර්ශවයන් මෙම තත්ත්වය කෙරෙහි පරීක්ෂාකාරීව කටයුතු කළ යුතු බව චීන විදේශ අමාත්‍යවරයා පෙන්වා දෙනවා.
ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් පසුගියදා ප්‍රකාශ කළේ චීනයේ සහයකින් තොරව හෝ උතුරු කොරියානු අර්බුදය විසඳීමට ඇමරිකාව සූදානම් බවයි.
එමෙන්ම තවත් ප්‍රකෝපකාරී අත්හදාබැලීමක් සිදුවුවහොත් හමුදා ප්‍රතිචාරයක් දැක්වීම කාලය පිළිබඳ ගැටළුවක් පමණක් බව ට්‍රම්ප් පරිපාලනය ඊයේ සඳහන් කළා.
උතුරු කොරියාව අද සිය රටේ නිර්මාතෘ කිම් ඉල් සුං ගේ 105 වන ජන්ම දිනය සමරන අතර ඒ නිමිත්තෙන් න්‍යෂ්ටික හෝ මිසයිල අත්හදාබැලීමක් සිදුකිරීමට ඉඩ ඇති බව සඳහන්.

Share this
|
|
0 Comment to "උතුරු කොරියාවේ ගැටුමක් අත ළඟ"
Post a Comment