13 April, 2017

නිල් චිත්‍රපටි බැලීමට තදින් ඇබ්බැහි වූ අයියාගෙන් නංගිට අතවර

rape-girl

සිය එක කුස උපන් නැගණිය අපයෝජනයට ලක්කිරීමට උත්සහා කල 14 හැවිරිදි පාසැල් සිසුවකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නිවසේ දෙමාපියන් නැති අවස්ථාවල අසභ්‍ය දර්ශන සහිත චිත්‍රපට නිතර බැලීමට මෙම සිසුවා ඇබ්බැහිව සිට ඇති බවට ප්‍රශ්න කිරීම් වලදී හෙලි වී ඇත.

දිනක් මෙසේ දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක නිල් චිත්‍රපට නරඹන ලද මොහු සිය නැගණියව දුෂනය කිරීමට උත්සහා ගෙන ඇති අතර අසල්වාසියකු මේ සිද්ධිය දැකීමෙන් පසු දැරිය බේරාගෙන පියාව මේ පිලිබදව දැනුවත් කර ඇත.

ඉන් පසු පොලිස් ළමා හා කාන්තා කාර්යංශයට මේ පිලිබදව ලැබුනු පැමිනිල්ලකට අනුව සිසුවාව අත්අඩංගුවට ගෙන තිබුනි.

සිසුවා බදුල්ල වැඩ බලන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂයක ශරීර ඇප මත නිදහස් කර ඇත. එමෙන්ම පරිවාස වාර්තා කැදවනතෙක් සිසුවා නිවසින් පිට වෙනත් ස්තානයක රදවා තබන ලෙසටත් වැඩිදුරටත් නියෝග කර ඇත.

සිසුවාගේ දෙමාපියන්ටද මේ අව්සථාවේදී අවවාද කර ඇති අතර මව්පියන් වශයෙන් දරුවන් ගැන මීට වඩා සොයා බැලියයුතු බවද යලිත් මෙවැනි සිදුවීමි සිදුවීමට ඉඩ නොතැබිය යුත බවද දන්වා ඇත.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නිල් චිත්‍රපටි බැලීමට තදින් ඇබ්බැහි වූ අයියාගෙන් නංගිට අතවර"

    Post a Comment