18 April, 2017

හිරේ ගිය ටිකට බිරිඳව ගැබ් කළ අඹ යාළුවාට මැරෙනකං ගහලා

murder-05

පොලු මුගුරුවලින් පහරදී 41 හැවිරිදි දෙදරු පියකු ඊයේ (17) මරා දැමූ බව කියන සැකකරු අත්අඩංගුවට ගැනීමට විශේෂ පරීක්ෂණ ආරම්භ කර ඇතැයි වැලිපැන්න පොලිසිය කියයි.

වැලිපැන්න පොලිස් වසමේ හොරවල පදිංචිව සිටි අජිත් රත්නප්‍රිය සිල්වා නමැති අයකු මෙසේ මරණයට පත්ව ඇත. මිය ගිය පුද්ගලයා සහ සැකකරු අඹ යහළුන් වන අතර සැකකරු යම් අපරාධයකට බන්ධනාගාරගතව ඇත. ඉන්පසු මරණයට පත් පුද්ගලයා තම බිරිය හා දරුවා අතහැර දමා බන්ධනාගාරගත යළුවාගේ බිරිය සමඟ අනියම් ඇසුරක් පටන් ගෙන ඇත.

බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණි වහාම මරා දමන බවට මරණකරුට සැකකරු දැනුම්දී තිබීම නිසා මරණකරු කලක් ප්‍රදේශය හැර ගොස් තිබිණි. සැකකරු මීට ටික කලකට ඉහතදී බන්ධනාගාරයෙන් නිදහස ලබා පැමිණ සිටි අතර මරණකරු අවුරුද්දට ගමට පැමිණ ඇත. පසුගිය 17දා අලුයම සැකකරු මරණකරුගේ නිවෙසට ගොස් ‍ෙදාර කඩා පොලුවලින් පහරදී මරාදමා ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි සිද්ධිය පිළිබඳ පරීක්ෂණ සිදුකරන වැලිපැන්න පොලිසිය කියයි.

මියගිය පුද්ගලයාගේ විවාහක බිරියට සහ සැකකරුගේ බිරියටද මරණයට පත් පුද්ගලයා ගෙන් දරුවකු ලැබ ඇතැයිද තොරතුරු අනාවරණය වී ඇත.

මියගිය පුද්ගලයාගේ සිරුර කළුතර නාගොඩ රෝහලේ තබා ඇතැයිද සැකකරු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයිද වැලිපැන්න පොලිසිය කියයි. (මතුගම - වසන්ත කුමාර - ප්‍රභාන් බුලත්සිංහල-mawbima)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හිරේ ගිය ටිකට බිරිඳව ගැබ් කළ අඹ යාළුවාට මැරෙනකං ගහලා"

    Post a Comment