18 April, 2017

හැමෝම බලාසිටි වෙනසකුත් සමගින් whatsapp මෘදුකාංගයට නවතම විශේෂාංග කිහිපයක් එක්වෙයි

WhatsApp

ස්මාර්ට් ජංගම දුරකථන මෘදුකාංගයක් වන WhatsApp මෘදුකාංගයට නව විශේෂාංග කිහිපයක් එක්කර තිබේ.

මෙම WhatsApp මෘදුකාංගයයට අලුතින් එක්කර ඇති ප්‍රධානතම පහසු කම මගින්, යම් අයෙක් තවත් පුද්ගලයෙකුට WhatsApp හරහා යවනු ලබන කෙටි පණිවුඩයක යම් වැරැද්දක් ඇත්නම් එම කෙටි පණිවුඩය මකාදැමීමට හෝ එහි ඇති වැරැද්ද නිවැරදිකර ආපසු යැවීමට හැකියාව ලැබෙනු ඇත.

අදාල වැරැද්ද නිවැරදි කිරීමට හෝ කෙටි පණිවුඩය මකාදැමීමට විනාඩි 05 ක කාලයක් ලබා දී තිබීම
විශේෂත්වයකි.

WhatsApp මෘදුකාංගයට එක්කර ඇති අනෙක් පහසුකම වන්නේ WhatsApp මෘදුකාංගය භාවිතකරන යම් අයෙක් සිය දුරකථන අංකය වෙනස් කරනු ලැබූ අවස්ථාව ඒ සම්බන්ධයෙන් WhatsApp මෘදුකාංගය භාවිතකරන එම පුද්ගලයාගේ මිතුරන් වෙත ස්වයංක්‍රියව දැනුම් දෙනු ලබයි.

මෙම නව පහසුකම් නුදුරේදීම WhatsApp මෘදුකාංගයට එක් කරමින් හදුන්වාදීමට කටයුතු සැලසුම්කර ඇති බවයි වාර්තාවන්නේ. 

WhatsApp-update-2017-04-18-20-15-07

(nethgossip)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "හැමෝම බලාසිටි වෙනසකුත් සමගින් whatsapp මෘදුකාංගයට නවතම විශේෂාංග කිහිපයක් එක්වෙයි"

    Post a Comment