06 April, 2017

'බන්ධනය' භයංකාර වර්ගයේ චිත‍්‍රපටියක් (Video)

Bandanaya Movie

එක දිගට චිත්‍රපටි අධ්‍යක්ෂණය කරන නිර්මාණකරුවෙකු මෙරට සිටී නම් ඒ උදයකාන්ත වර්ණසුරීය යන වග අප කවුරුත් අවිවාදයෙන් පිළිගන්නා කාරණාවකි.

උදයකාන්ත නිර්මාණ කිහිපයක්ම මේ වන විට නිම කර ඇතිමුත් අප අද කතා කරන්න යන්නේ උදයකාන්ත අත ගැසු හොරර් කැටගරියේ චිත්‍රපටය ගැනයි.

“බන්ධනය“ ලෙස නම් කර ඇති මෙම නිර්මාණය මෙරට පැරණී හදි හූනියම් හා සම්බන්ධ අපේ වචනයෙන්ම කියනවා නම් “හොල්මන්“ පික්චර් එකකි.

ඩිංගිරාලට සිටින්නේ දුවෙක් හා පුතෙකි.දියණිය පියසීලි ය. පියසීලිගේ දියණිය වන සුමනා පියකරු, සුකුමාල හත් හැවිරිදි දැරියකි. එහෙත් ඇයට කුමක් සිදු වේද? මේ සියල්ල සමගින්.

මෙම චිත්‍රපටයට මෙවර තේමා වන්නේ යාග හෝම, හදි හූනියම්, දිෂ්ටි, පිල්ලි හා බන්ධන පිළිබඳව සිංහල ජන සංස්කෘතියේ ඇති සිද්ධි ඇතුළත් භයංකාර කතා පුවතකි.

සිරිල් වික්‍රමගේ, හේමාල් රණසිංහ, සුවිනීතා වීරසිංහ, දුලානි අනුරාධා, සහේලි සතරසිංහ, නිල්මිණී තෙන්නකෝන්, රවීන්ද්‍ර යසස් ප්‍රධාන චරිත රඟන මෙම චිත්‍රපටයේ ප්‍රියංකර රත්නායක, ලියෝනි කොතලාවල, විල්මන් සිරිමාන්න, සෝමවීර ගමගේ, සුදම් කටුකිතුලේ, උදයකුමාරි රණසිංහ, ආරියසේන ගමගේ, රන්ජිත් සිල්වා, කුමාර වඳුරැස්ස, නන්ද වික්‍රමගේ, ජයතිස්ස අතුලසිරි, රන්ජිත් රූපසිංහ, ජානක හාල්පන්දෙණිය, අසංක දේවමිත්‍ර පෙරේරා, නිමාශා ද සිල්වා සෙසු චරිත නිරූපණය කරති. කේ.ඩී. දයානන්ද කැමරා අධ්‍යක්ෂණය සිදු කරන ලද අතර සංස්කරණය හා ශබ්ද සංස්කරණය ප්‍රවීන් ජයරත්නගෙනි. වේශ නිරූපණය ජයන්තා රණවක විසිනි. කලා අධ්‍යක්ෂණය අරුණ ඩයස්ගෙනි. ඩොනල්ඩ් ජයන්ත අධ්‍යක්ෂණයට සහාය වන අතර පසුබිම් සංගීතය නදුන් රත්නායකගෙනි. ශාන්ති වර්ණසූරිය ඇඳුම් පැලඳුම් නිර්මාණය කර ඇති අතර අසෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරණය සිදු කර ඇත.

“බන්ධනය“ චිත‍්‍රපටය පිළබදව උදයකාන්ත වර්ණසූරිය මහතා විසින් නව් ෂොවින් වෙත අදහස් දක්වා සිටියේ මෙලෙසිනි.





(nowshowing)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "'බන්ධනය' භයංකාර වර්ගයේ චිත‍්‍රපටියක් (Video)"

    Post a Comment