06 April, 2017

මම කි‍්‍රකට් නතර කරලා රඟපාන්න ආපු කොල්ලෙක්

Palitha Silva-02

”මම ඔය හැම දරුවෙකුටම සලකන්නේ එක වගේ.... මට කවුරුත් විශේෂ නැහැ.... හැබැයි උන් දරුවෝ වෙන්න ඕන. කොලූ තාත්තලට මං දරුවන්ට වගේ සලකන්නේ නැහැ....’’ ”කි‍්‍රකට් සෙල්ලම් කරන්නේ ජයග‍්‍රහණය කරන්නම විතරක් නෙවෙයි. මිනිසෙකුට ජය පරාජය තේරුම් ගන්න පුළුවන් හික්මීම පුරුදු කරන්න....” දර්ශන තලයම නිශ්ශබ්දයි. ඔහුගේ රංගන දක්ෂතාවය පිළිබඳ කතා කරනවා නම් වචනයකින් හෝ දෙකකින් අවසන් කළ නොහැකි තරම් ඉතා විශිෂ්ටයි. ”කීටයා” රහස් පරීක්ෂක කතා මාලාවෙන් පේ‍්‍රක්ෂකයා අතර ජනප‍්‍රසාදය දිනාගත් ඔහු වේදිකාව, ටෙලි නාට්‍ය, සිනමාවද එක ලෙස ජයගත් ප‍්‍රතිභාපූර්ණ රංගන ශිල්පි පාලිත සිල්වායි. මේ දිනවල ඔඪ දෙරණ ඔබ වෙත ගෙනෙන ”දෙවැනි ඉනිම” ටෙලි නාට්‍ය ඔස්සේ කි‍්‍රකට් පුහුණුකරුගේ චරිතය නිරුපණය කරන ඔහු වසර කිහිපයක විරාමයකින් පසු කතාබහකට එකතු කර ගන්න හිතුවා.

ඉතින් කොහොමද වසර දෙකක විරාමයකට පස්සේ?

වසර දෙකකට වැඩි කාලයක් මම ටෙලි නාට්‍ය, චිත‍්‍රපටිවල පේන්න හිටියේ නැහැ. අවුරුදු දෙකකට පස්සේ තමයි ”දෙවැනි ඉනිම”ට සම්බන්ධ වුණේ.

ඒ කියන්නේ කලාවෙන්ම ඈත්වෙලා හිටියා.

අපෝ නැහැ. කලා වැඩවල හිටියා. වැඩ මුළුවලට සහභාගි වුණා. දේශනවලට දායක වුණා. තිරයෙන් පිටිපස්සේ කලාවේ වැඩ කටයුතු ගොඩක් කළා. මම කළේ නැත්තේ රඟපාන එක විතරයි. වසර දෙකක් ටෙලි නාට්‍යවලට සම්බන්ධ නොවුනට වේදිකාවේ රඟපෑවා.

මේ දවස්වල මොනවද අලූත් වැඩ

දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයට අමතරව මේ දවස්වල සරත් ධර්මසිරිගේ ගැමුණු මහරජ ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා ඉන්නවා. ඊට අමතරව ”නිදහසේ පියා’’ චිත‍්‍රපටයටත් දායක වෙලා ඉන්නවා.

ඔබ නිතර දකින්න ලැබුණේ ඉතිහාස ගත චරිත තුළින්. ඒ රාමුවෙන් මිදිලා කරන මේ ”දෙවැනි ඉනිම” නිසා පේ‍්‍රක්ෂකයාට ඔබව අලූත් රාමුවකින් දකින්න පුළුවන්. කොහොමද ඒ අත්දැකීම?

ඇත්තටම මේ චරිතය මට ගොඩක් හිතට වැදුණා. මේ චරිතයෙන් යම් ප‍්‍රමාණයකට වෙනසක් කරන්න පුළුවන් වේවි කියලා මම හිතුවා. ඒක නිසා මම චරිතය ඉතාම කැමැත්තෙන් බාර ගත්තා. තව දෙයක් තමයි සාරංග මෙන්ඩිස් මෙහි අධ්‍යක්ෂක සමඟ මම කලිනුත් වැඩ කරලා තියෙනවා. ඒ නිසාම ඔහු පිළිබඳවත් මට ලොකු විශ්වාසයක් තිබුණා. ඔහු මෙගා රේස් එකේ නිර්මාණ කරන කෙනෙක් නෙවෙයි. ඒ විශ්වාසය මත තමයි මම මේ නිර්මාණයට දායක වුණේ.

වසර දෙකක්ම ටෙලි නාට්‍යවලට විරාමයක් දෙන්න හිතුවෙ ඇයි?

මට ආරාධනා ලැබුණා. ඒත් දායක වුණේ නැහැ. සමහර අධ්‍යක්ෂවරුන්ගේ වැඩ පිළිවෙළවල් මට අල්ලන්නේ නැහැ. විශේෂයෙන් ගොඩක් අය කතා කරන ක‍්‍රමවේදයේ පොඩි ප‍්‍රශ්නයක් තියෙනවා.

ඒ කිව්වේ?

නළු නිළියන් සම්බන්ධයෙන් ගෙවීම් කරන ක‍්‍රමවේදවල පොඩි ගැටලූ තියෙනවා. ගෙවීම්වල ප‍්‍රශ්න නිසා ගොඩක් වෙලාවට මම සමහර නිර්මාණ භාරගත්තේ නැහැ.

ඒත් ඔබ මෑත කාලයේ ඉතිහාස ගත චරිතවලට කොටුවෙලා හිටියා කිව්වොත්?

මට ලැබුණ ගොඩක් චරිත ඉතිහාස ගත චරිත. ඒක ඉතින් මගේ පෙනුමත් එක්ක සහ අද්දැකීම් එක්ක ලැබුණ චරිත. අද නළු නිළියෝ ගොඩක් ඉන්නවා. ඒත් ඉතිහාස ගත කතාවකට චරිත තෝරගන්න ගියාම දක්ෂ අය සෙවීම ඉතාම දුෂ්කර කාර්යයක් වෙලා. මේ ක්ෂේත‍්‍රයට එන ඕනම අයෙක් වේදිකාවේ අද්දැකීම ලබා ගත යුතුමයි. වේදිකාවේ අද්දැකීමක් නැති අයට මේ ඉතිහාස චරිත කිරීම දුෂ්කර කි‍්‍රයාවක්.

මේ දිනවල ”දෙවැනි ඉනිම” නිසා ඔබ නිතර පේ‍්‍රක්ෂක කතා බහට ලක්වෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?

ඇත්තටම හිතුවටත් වඩා හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා. විශේෂයෙන් මගේ ජීවිතේ මෑතකදී රඟපාපු චරිතවලින් ගොඩක්ම ජනපි‍්‍රය වුණ චරිතයක් විදිහට ”ඒකනායක” කියන කි‍්‍රකට් පුහුණුකරුගේ චරිතය හඳුන්වන්න පුළුවන්.

චරිතය ගැන කතාකළොත්... සමාජයට කොයි වගේ දෙයක්ද ඔබ කියන්න උත්සාහ කරන්නේ?

කි‍්‍රකට් පුහුණුකරුවෙක් වුණාම ඔහු ගුරුවරයෙක් විදිහට දරුවන්ට කි‍්‍රකට් උගන්වනවට වඩා ඉක්මවා ගිය දරු සෙනෙහසත් එක්ක එන ගුරු ගෝල සම්බන්ධතාවක් තමයි සමාජයට දෙන්න උත්සාහ කරන්නේ. මොකද කි‍්‍රකට් කී‍්‍රඩාව කියන්නේ ජය පරාජය සමව දරාගත යුතු, ඉවසීම ප‍්‍රගුණ කිරීමේ කී‍්‍රඩාවක්. කී‍්‍රඩාව පමණක් නෙමෙයි අධ්‍යාත්මික කී‍්‍රඩකයකුගේ හොඳ පැත්ත වර්ධනය කර ගන්න සහ ශිෂ්‍යයන්ට විරුද්ධව එන දේවල්වලට තදින් පහර දෙන නිර්මාණශීලි ගුරුවරයෙක් තමයි ඒකනායක කියන්නේ. මේ වගේ ගුරු චරිත සමාජ ගත කරන එක ගොඩක් වටිනවා. හුදු වින්දන විතරක් අපි ඒ චරිතය තුළින් අපේක්ෂා කරන්නේ නැහැ. වින්දනය ඉක්මවා ගිය බලපෑමක් චරිතයකින් සමාජයට සිද්ධ විය යුතුයි. ඒකනායක කියන කි‍්‍රකට් පුහුණුකරුගේ චරිතයෙනුත් ඒ දේ සමාජයට දෙන්න හැකිවුණා කියලා මම විශ්වාස කරනවා.

මේ චරිතය වෙනුවෙන් කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන ඔබ විශේෂ අධ්‍යයනයක් කළාද?

ඇත්තටම. මේ චරිතය කරන්න මට තිබුණ එකම වාසිය තමයි මම පාසල් කාලේ ඉඳලා කි‍්‍රකට් කී‍්‍රඩාව සෙල්ලම් කරපු එක සහ ඒ පිළිබඳව අවධානයෙන් හිටපු එක. අවුරුදු පහළොවෙන් පහළ පාසල් ශූරතා තරගාවලිවලට සහභාගි වෙලා තියෙනවා. ඊට පසුවත් මම දිගටම ක‍්‍රිකට් කී‍්‍රඩාවේ නියැලූණා. ඒ කාලේ මම කි‍්‍රකට් කී‍්‍රඩාවට පුදුම උනන්දුවක් තිබුණ කෙනෙක්. කි‍්‍රකට් කියන්නේ ඒ දවස්වල මගේ ජීවිතේ හා සමානයි. කී‍්‍රඩාව මගේ ඇෙඟ් තිබුණ දෙයක්. ඒ නිසාම මේ චරිතය කරන්න මට ගොඩක්ම ලේසි වුණා. ජීවිතේ මගේ එක කාලයක් තිබුණා කි‍්‍රකට් ගහනවද, නාට්‍ය කරනවද කියලා තෝරගන්න බැරි අමාරු කාලයක්.

එක්තරා අවස්ථාවක මගේ කි‍්‍රකට් පුහුණුකරු මෙලින් පෙරේරා සර් මම සුදර්ශියේ නාට්‍ය පුහුණුවකට ගිහින් ඉද්දි මාව මුණ ගැහෙන්න ආවා. එතකොට මට අවුරුදු දාසයයි.

ඉතින් ඇවිත් මොකද කිව්වේ?

ඇවිත් කිව්වා ඔයාව මම "SSC" එකට කතා කරලා තියෙන්නේ ප‍්‍රැක්ටිස් යනවද කියලා. මගේ සර්ට ලොකු විශ්වාසයක් තිබුණා කවදා හරි මම ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරාවි කියලා. මට ඒ පරිසරය නිර්මාණය කරලා දෙන්න මගේ කි‍්‍රකට් පුහුණුකරු ගොඩක් උත්සාහ කළා. එදා ඔහු සුදර්ශියට ආවේ අවසාන වතාවට මගේ කැමැත්ත ගන්න. අන්තිමටත් ඇහැව්වා ”ඔයා නාට්‍ය නවත්තලා කි‍්‍රකට් ගහන්න එනවද” කියලා. ඒ කාලේ වෙනකොට මම නාට්‍ය එක්ක ලොකු ගනුදෙනුවක් කරමින් හිටියා. ඒ නිසා මම කි‍්‍රකට් ප‍්‍රතික්ෂේප කළා. මොකද ඇත්තටම ඒ කාලේ කි‍්‍රකට් කී‍්‍රඩාව කියන්නේ යම්කිසි මිල මුදලක් අතේ තියාගෙන සෙල්ලම් කළ යුතු කී‍්‍රඩාවක්. කි‍්‍රකට් පුහුණු වෙන්න මුදල් අවශ්‍යයි. ඒක නාට්‍යයක ගිහින් රඟපානවා වගේ නෙවෙයි. ඒ වෙලාවේ මුදල් ප‍්‍රශ්නත් මට තදින්ම බලපෑවා. මට එදා හිතුනා ඒ ක්ෂේත‍්‍රය මට ගැලපෙන්නේ නැහැ කියලා. නාට්‍ය කිරීම ඊට වැඩිය දරාගන්න පුළුවන් කියලා හිතලා නාට්‍ය කරන්න මම නතර වුණා. මම කි‍්‍රකට්වලට ආවේ නැහැ කියලා සර් මා එක්ක තරහා වෙලා ගියා. ඔන්න ඕකයි මගේ ජීවිතෙන් කි‍්‍රකට් අයින් වුණ කතාව.

ඒ කියන්නේ රංගනයට පිවිසුණේ නැත්නම් පාලිත සිල්වා කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩකයෙක්?

අනිවාර්යයෙන්ම... මට ලොකු විශ්වාසයක් තිබුණා ශ්‍රී ලංකා කණ්ඩායමට සෙල්ලම් කරන්න පුළුවන් කියලා. කි‍්‍රකට් පුහුණුකරුගේ චරිතය කරනකොට මට මගේ පුහුණුකරු නිතරම මතක් වෙනවා ඔහු මම වෙනුවෙන් ගත්ත උත්සාහය ගැන. මේ වෙලාවේ මෙහි රචක සමන් එදිරිමුණි සහ අධ්‍යක්ෂක මේ චරිතය මිනිස්සු අතරට ගේන්න මට ලොකු සහයක් ලබා දෙනවා. ඒ ගැන මම ඔවුන්ට හදවතින්ම ස්තුතිය පුද කරනවා.

Palitha Silva-01

Palitha Silva-03

නදීශා අතුකෝරළ 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම කි‍්‍රකට් නතර කරලා රඟපාන්න ආපු කොල්ලෙක්"

    Post a Comment