25 March, 2017

ඉලෙක්ට්‍රික් කාර් පන්තියේ අලුත්ම වීරයා ටෙස්ලා S-3

Tesla-Model-S

ඇමෙරිකාවේ නිෂ්පාදිත ටෙස්ලා ඉලෙක්ට්‍රික් මොඩල් S කාර් කිහිපයක් ලංකාවේ මාර්ගවලද ඔබගේ ඇස ගැටෙන්නට ඇත. පෙනුමින් ජගුවර් මෝටර් රථයට යම් සමානකමක් ඇති මෙම මෝටර් රථය ඉලෙක්ටි්‍රක් වුවත්, එය ලංකාවේ අලෙවි වන මිල විමසූ විට (රු. කෝටි 3.5) නම් සාමාන්‍ය දේශීය පාරිභෝගිකයාට ඛනිජ තෙල්වල අමිල වටිනාකමක් දැනෙන්නට වීමත් සාමාන්‍ය කරුණක්.

ලොව විසූ විශිෂ්ටතම නවෝත්පාදකයකු වන 19/20 වන ශතවර්ෂවල ජීවත් වූ නැඟෙනහිර යුරෝපීය ඇමෙරිකානු නිකොලා ටෙස්ලාගේ නමින් ආරම්භ වුණු මෙම සමාගම බහුජන වෙළෙඳපොළට නිකුත් කරන ප්‍රථම මෝටර් රථය ටෙස්ලා මොඩල් 3 මෙම වසරේ ජූලි මස ආරම්භ වීමට නියමිතයි.

එක් ෆුල් චාර්ජ් එකකින් කිලෝමීටර් 346ක් යා හැකි මෙම මොඩල් 3 රථය, ඔබ දැනට මහමඟ දකින මොඩලයට වඩා අඩකටත් වඩා අඩු, වැඩි පාරිභෝගික ප්‍රජාවකට මිලදී ගත හැකි මෝටර් රථයකි. මෙම වසරේ අග වන විට සතියකට ටෙස්ලා මොඩල් 3 රථ 5000ක් බැගින් නිෂ්පාදනය කිරීමට ටෙස්ලා සමාගම සැලසුම් කර ඇති අතර, 2018 වසරේදී එය සතියකට රථ 10,000ක් දක්වා වැඩි කිරීමට ද නියමිතයි.

මෙම රථය වෙළෙඳපොළට නිකුත් වන බව නිවේදනය කර සතියක් යෑමට පෙර, ටෙස්ලා සමාගමට ඇණවුම් 3,25,000ක් ලැබී තිබෙනවා. එය ටෙස්ලා සමාගම, ලංකාවේත් ඔබ දකින මොඩල් එකේ මෙතුවක් කල් අලෙවිය මෙන් 3 ගුණයකටත් වැඩියි. දැනට ඇණවුම් ලැබී ඇති ටෙස්ලා මොඩල් 3 අලෙවියෙන් ලැබිය හැකි ආදායම ඩොලර් බිලියන 14ක් ඉක්මවන බව දැනටමත් ගණන් බලා ඇත.

_මව්බිම

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ඉලෙක්ට්‍රික් කාර් පන්තියේ අලුත්ම වීරයා ටෙස්ලා S-3 "

    Post a Comment