කඳපොළ පොලිසියේ ස්ථානාධිපති ඒ.එන්. රණබාහු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා අංශය භාර කාන්තා පොලිස් කොස්තාපල් ආර්.එම්. සජීවනී ඇතුළු නිලධාරීන් විසින් පසුගියදා මෙම විදුහලේ සිසු දරු දැරියන් දැනුවත් කොට තමන්ට කාගෙන් හෝ හිංසනයක් සිදුවන්නේ නම් නොබියව දැනුම් දෙන ලෙස පවසා කොළඹ ළමාරක්‍ෂක අධිකාරියේ දුරකතන අංකය ලබාදී තිබීමේ ප්‍රතිඵලයක් ලෙස පසු දිනම මෙම දුරකතන ඇමතුම දී තිබිණි.
මේ සිසුවියගේ චෝදනාවට ලක්ව ඇති ගුරුවරයා නුවරඑළිය ප්‍රදේශයේ පදිංචිකරුවකු වන
අතර පවුල් සෞඛ්‍ය සේවිකාවක සමඟ විවාහ වී දරුවන්ද සිටින අයකු බව අනාවරණය වී තිබේ.
පාසලේ ක්‍රීඩා තරග පැවැත්වෙන කාලවකවානුවල ඇඳුම් මාරු කරන විට බලෙන් එම කාමරයට ඇතුළු වී සිසුවිය බදාගෙන සිප ගැනීමක් ඇතුළු එවැනි බොහෝ සිදුවීම් ගැන පාසලේ විනය කමිටුවට හා එවකට සිටි විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් කීපදෙනකුටම පවසා ඇතත් ඒ කිසිවකු සිසුවිය කියන කිසිම දෙයක් ගණනකටවත් නොගෙන එම ගුරුවරයා ආරක්‍ෂා කරන ගොළු පිළිවෙතක සිට ඇති බවද හෙළිව තිබේ. සිසුවිය පමණක් නොව ඇයගේ මවුපියන්ද විදුහලට ගොස් ගුරුවරුනට මේ බව කියා ඇතත් කිසිදු පිළිසරණක් නැතිව අසරණව සිටියදී සිසුවිය අතට ළමාරක්‍ෂක අධිකාරියේ දුරකතන අංකය ලැබී තිබිණි.
නුවරඑළිය පොලිස් අධිකාරි මහින්ද දිසානායක සහ සහකාර පොලිස් අධිකාරි දසනායක මහත්වරුන්ගේ උපදෙස් මත කඳපොළ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක ඒ.එන්. රණබාහු මහතා සහ ළමා හා කාන්තා අංශය භාර කාන්තා පොලිස් කොස්තාපල් ආර්.එම්. සජීවනී මහත්මිය විසින් වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර කොළඹ ළමාරක්‍ෂක අධිකාරිය මඟින්ද වෙනම විමර්ශනයක් ආරම්භ කොට තිබේ.

-හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම_මව්බිම
Share this
|
|
0 Comment to "උසස් පෙළ සිසුවියට ගුරුවරයකුගෙන් ලිංගික හිංසන"
Post a Comment