15 June, 2017

ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකි යතුරු පුවරුව

ErgoDox EZ

වර්තමානය වනවිට ලෝකයේ යතුරු පුවරු නිෂ්පාදකයන්ගේ ප්‍රධානතම අරමුණ වන්නේ කුඩා ප්‍රමාණයේ යතුරු පුවරු නිෂ්පාදනයටත් වඩා, ඉහළ කාර්යක්ෂමතාවයක් සහ පරිශීලකයාට වඩාත් හොඳින් පරිහරණයට මිත්‍රශීලී වන යතුරු පුවරු නිපදවීමයි. මෙනිසා විවිධ හැඩයන් සහ අතට විවිධ පහසුතාවයන් සමගින් නිර්මාණය වන යතුරු පුවරු අතර කැපී පෙනෙනා වෙනසක් වන්නේ ErgoDox EZ යතුරු පුවරුවයි.

මෙය කොටස් දෙකකට වෙන්ව පැමිණෙන යතුරු පුවරුවක් වීම මෙහි දක්නට ලැබෙනා ප්‍රධානතම විශේෂත්වයයි. මෙම යතුරු පුවරු කොටස් දෙක කේබල් හෝ වෙනත් කිසිදු ආකාරයකින් එකකට එකක් සම්බන්ධ නොවනා බැවින් ඔබේ වැඩකරනා අවකාශය තුළ උපරිම
පහසුතාවයක් හා කාර්යක්ෂමතාවයක් යතුරු ලියන කාර්යයට ලැබෙනා අන්දමින් එය තැන්පත් කළ හැක. එසේම මෙහි යතුරු පිහි‍ටුවා ඇති රේඛීය සිරස් පේළි නිමැවුම අනුව ඔබට අතැඟිලි එහා මෙහා කළ යුතු දුර හැකිතාක් අවම කොට ඇත. එසේම මෙය යාන්ත්‍රික යතුරු පුවරුවක් වන නිසා මෙහි ප්‍රතිදාන වේගය සහ කාර්යක්ෂමතාවයද ඉහළ මට්ටමක තිබේ.

මෙම යතුරු පුවරුවේ ඇති තවත් විශේෂත්වයක් වන්නේ කලින් ඔබට අවශ්‍ය කාර්යයන් සඳහා සැකසුම් කළ හැකි යතුරු අඩංගු වීම සහ, ද්විත්ව ක්‍රියාකාරී යතුරුද අඩංගු වීමයි. එනම් මෙම ද්විත්ව ක්‍රියාකාරී යතුරක් එක් වරක් එබීමේදී එක් කාර්යයක් සඳහා භාවිතා වන අතර, වැඩි කාලයක් ඔබාගෙන සිටීමේදී වෙනත් කාර්යයක් ඉ‍ටු කෙරෙනු ඇත. එසේම මෙහි මවුස් උපාංගය පාලනය සඳහාද ක්‍රියාකාරීත්වයක් තිබෙනා බැවින්, ඔබට දෑතම යතුරු පුවරුව වෙනුවෙන් භාවිත කිරීමට හැකිවනු ඇත. (ada)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඔබට අවශ්‍ය පරිදි සකසා ගත හැකි යතුරු පුවරුව"

    Post a Comment