කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාල භූමියේ පසුගිය දිනවල සිදුකළ පුරාවිද්‍යා කැණීම් මඟින් පොළොව මට්ටමේ සිට අඩි 12ක් පමණ ගැඹුරින් විහාර ආරාම සංකීර්ණයක සාධක මතු වූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
නිශ්ශංක අලකේශ්වරයන් විසින් පළමුවරට නිර්මාණය කරන ලද කෝට්ටේ බලකොටුව අවසන් වරට ලංකාව එක්සේසත් කළ ඍධ් වැනි පැරකුම්බා රජු විසින් වාස්තු විද්‍යාත්මක සියලු අංග සහිතව අංග සම්පූර්ණ බලකොටුවක් බවට පත් කරන ලදී. අද වනවිට එම වාස්තු විද්‍යාත්මක අංග අතුරින් සුරැකිව ඇත්තේ පොළොවෙන් උඩට මතුවූ ස්මාරක අවශේෂ කොටස් කිහිපයක් පමණි. වෙහෙරකන්ද අලකේශ්වර නටබුන් හා කොටු පවුර ඒ අතරින් ප්‍රධාන වෙයි.
මේ ආරාම සංකීර්ණය කෝට්ටේ
යුගයේ ඉදිකළ වාස්තු විද්‍යාත්මක නිර්මාණ අතරින් අංග සම්පූර්ණ නිර්මාණයක් ලෙස හමුවන පළමු නිර්මාණය වෙයි.
බොරදම් මකර තොරණ සහිතව ප්‍රධාන ප්‍රවේශය උතුරු දිශාවට යොදා සකස් කළ බිත්ති සහ පියස්ස පිහිටි ගලේ හාරා මතුකළ කුටියකි. මෙහි කබොක් පියස්ස රැඳවීම සඳහා කබොක් ගලින්ම වෘත්තාකාර හැඩයෙන් යුත් කණුවක් සකස් කර ඇත. කුටිය අභ්‍යන්තරයේ දකුණු දිශාවට වන්නට සමාන පරතරයෙන් හා විවිධ ගැඹුරින් යුත් කණු වළවල් 8ක කුටියට ආසන්න වන්නට පේසා තුනකින් හා ගර්භය සහිතව පිහිටි කබොක් ගලින් සකස් කළ චෛත්‍යයකි. ගර්භයේ කොටසක් කැඩී ගොස් ඇති අතර මෙහි පේසා තුනෙහි තැනින් තැන කණු වළවල් 9ක් දක්නට ඇත. පිහිටි පොළොව මට්ටමේ සිට විහාර ආරාම සංකීර්ණය වෙත ගමන් කිරීම සඳහා කබොක් ගලින් සකස් කළ සඳකඩපහණක් සහිත පියගැට පන්තියක් වෙයි. කෝට්ටේ යුගයට අයත් සඳකඩපහණක් හමුවන ප්‍රථම අවස්ථාවද මෙයයි.

-චාමිණී ගම්මන්පිල_මව්බිම
Share this
|
|
0 Comment to "කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ භූමියෙන් ඓතිහාසික විහාර සංකීර්ණයක් මතුවෙයි "
Post a Comment