තම දියණියගේ විවාහක සැමියාගෙන් කාලයක් තිස්සේ ලිංගික හිරිහැර සිදුවන්නේ යැයි කියමින් 58 හැවිරිදි කාන්තාවක් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව 31 හැවිරිදි දෙදරු පියකු තලවකැලේ පොලිසිය විසින් පෙරේදා (07දා) අත්අඩංගුවට ගනු ලැබීය.
කුලී වැඩ කරමින් ජීවත්වන මොහුගේ බිරිය ඔහු හැරදමා ගොස් කොළඹ ප්‍රදේශයේ නිවෙසක මෙහෙකාරකමේ නිරතව සිටින අතර දරු දෙදෙනා මෙම නැන්දම්මා ළඟ ජීවත් වෙති. තැන තැන ඇවිද රැකියාව කරන සැකකරු සතියකට දින කීපයක් මෙම නැන්දම්මාගේ නිවෙසේ නතර වීමට පැමිණෙන අතර බීමත්ව එන ඔහු ඇයට තේ හෝ වෙනයම් පානයක් බලහත්කාරයෙන් පොවන බවත්
ඉන්පසු කල්පනාව අඩුවූ පසු මෙසේ ලිංගික ක්‍රියාව සිදුකරන බවත් ඇය පවසා ඇත.
කාලයක් තිස්සේ සිදුකරන මෙම කරදර ඉවසිය නොහැකිම තැන පැමිණිලි කරන්න පැමිණි බව ඇය පොලිසියට පවසා තිබේ.
නැන්දම්මා පොලිසියට ගොස් තිබෙන බව දැනගත් සැකකරු ගමන් මල්ලක ඇඳුම් දමාගෙන ගම හැරදා යෑමට සූදානම් වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

-හාවාඑළිය - චන්ද්‍රසිරි මහගම-මව්බිම
Share this
|
|
0 Comment to "කාලයක් තිස්සේ නැන්දම්මා සිහිනැති කර ලිංගික ක්‍රියා සිදු කළ බෑනා අත්අඩංගුවට"
Post a Comment