05 March, 2017

මඩ අදාළම නැහැ, 99.9% ඉන්නේ මූණට හිනා වෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අය - සුලේඛා ජයවර්ධන

suleka-jayawardena-02

අවුරුදු දෙකකින් විතර රට යන්න හිතාගෙන ඉන්නේ .එහේ ගියාට පස්සේ නවතින්නම හිතාගෙන තමයි ඉන්නේ...

ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වලට මම කැමති නැහැ...

සුලේඛා ජයවර්ධන කියන්නේ දැන් ජනප්‍රිය නිලියක් වුණාට ඉස්සර ඇය නිරූපණ ශිල්පිණියක්. ඇය සතිඅන්ත පුවත්පතක් සමග කළ සාකච්ඡාවක් පහතින් දැක්වෙනවා.

මේ දවස්වල මොකද වෙන්නේ සුලේඛා .....?

මේ දවස්වල විශ්ව අයියා එක්ක අලුත් නාට්‍යක රගපනවා .

සුලේඛා ටික දවසක් පේන්න නොහිටියේ ....?

මම මගේ ඩිග්‍රී එක පටන් ගත්තා .බිස්නස් ඇන්ඩ් මනේජ්මන්ඩ් ඩිග්‍රීඑක තමයි මම කරන්නේ.

ඒ කියන්නේ සුලේඛාට හොඳ වැඩ ලැබුණේ නැද්ද ...?

හොඳ වැඩ ලැබුණා. එත් මම පහුගිය කළේ ලංකාවේ හිටියේ නැහැ . ආයෙත් ලගදී පැරිස් යනවා.

සුලේඛා නිතර නිතර විදෙස්ගත වෙන්නේ පෙම්වතා එක්ක කියන්නේ ඇත්තද ....?

අනේ ඒක බොරු කතාවක් .මම පෙම්වතා එක්ක විදේශ ගමන් යන්නේ නැහැ.

එතකොට සුලේඛාගේ පෙම්වතා ගැන කියන කතා බොරු කියලද කියන්නේ ...?

ඔව් .එක එක්කෙනා කියන කතා මට අදාල නැහැ .පෙම්වතා විදේශ ගත වෙලා ඉන්න කෙනෙක් නෙමෙයි . මට එහෙම විශේෂ කෙනෙකුත් ඇත්තටම නැහැ .එක එක අය එක එක කතා කියලා සතුටු වෙනවා ඇති . එත් මම ඒවා මොනවාද කියලා හොයන්න යන්නේ නැහැ.

සාමාන්‍යයෙන් විදේශ ප්‍රසංග වලට හොද ඉල්ලුමක් හැදෙන්නත් ක්ෂේත්‍රයේ කාලයක් ඉන්න ඕන .එත් සුලේඛාට කෙටි කාලයක් ඇතුළේ චාන්ස් ගොඩක් ලැබිලා නේද ...?

ඔව් .ඒක මගේ වාසනාවට ලැබුණ අවස්ථා කියලත් හිතන්න පුළුවන් .

කාලයක් සුලේඛා මාධ්‍ය මග හැරියේ ඇයි ....?

එහෙම මග හැරීමක් නැහැ .වැඩක හිටියොත් මට ෆෝන් එක අන්ස්වර් කරන්න වෙන්නේ නැහැ .මගේ නම්බර් එකත් ලික් වෙලා තිබුණා.ඉතිං මම දන්නේ
නැති නම්බර්ස් වලට ආන්ස්වර් කළේ නැහැ . නැතුව මාධ්‍ය මග හැරියා නෙමෙයි .

හැබැයි සමහරු කියන්නේ සුලේඛා දැන් ගණන් උසස්නවා කියලා ....?

මම කාටවත් ගණන් උස්සන්නේ නැහැ .මම ඕන කෙනෙක් දැක්කොත් කතා කරනවා .ඉස්සර හිටිය විදිහටමයි මම තාමත් ඉන්නේ .මොකද අපි ඉන්නේ අපේ ප්‍රේක්ෂකයෝ නිසයි .ඒ නිසා මම ලොකු ඔළුවෙන් ඉන්නේ නැහැ .

අධ්‍යාපනයට වැඩි බරක් දීලා තියෙන්නේ රංගනයෙන් සමු ගන්නද ...?

රංගනයෙන් සමුගන්නේ නැහැ .මගේ පෞද්ගලික ජීවිතයට හානියක් නොවන හොද නිර්මාණ වලට සම්බන්ධ වෙනවා .මගේ අම්මා බැංකු නිලධාරිනියක් .ඉතිං එයා මම ඉගෙන ගන්නවට කැමතියි .

මියුසික් වීඩියෝ කරන්නෙත් තෝරා බේරාගෙනද ...?

ඔව් .මම කතාව අහලා තමයි සම්බන්ධ වෙන්නේ .මම හදාගෙන ඉන්න තැනට ගැලපෙන්නේ නැතිනම් මම වැඩ කරන්නේ නැහැ .ඒ වගේම මගේ ගාණට ආවේ නැත්තම් මම ඒ වැඩේ භාර ගන්නෙත් නැහැ .

ඉදිරියෙදී නවතින්නම බලාගෙන විදේශගත වෙන්න ඉන්නවා කියන්නේ ඇත්තද ...?

තව අවුරුදු දෙකකින් විතර විදෙස්ගත වෙන්න හිතාගෙන ඉන්නවා .මගේ උපාධිය සම්පුර්ණ කරන්න .එහේ ගියාට පස්සේ නවතින්නම හිතාගෙන තමයි ඉන්නේ .

ලංකාවෙන් යන්න තීරණයක් ගත්තේ ඇයි ...?

මම ලංකාවේ මිනිස්සුන්ට ආදරේ කළාට ලංකාවේ මිනිස්සුන්ගේ ආකල්ප වලට මම කැමති නැහැ .මම ගොඩක් හැදුණේ පිටරට .ඒ රටවල අයට අනිත් අය අදින විදිහ හොයන්න වගේම කතා හදන්න වේලාවක් නැහැ .හැබැයි ලංකාවේ මිනිස්සු අනිත් අය ගැන හොයනවා .කතා හදනවා .මම ඒවාට කැමති නැහැ .ලංකාවේ සියයට අනුනවයයි දශම නවයක්ම ඉන්නේ මුහුණට හිනා වෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අයයි.

පහුගිය කාලේ සුලේඛාට ගොසිප් වෙබ් වලින් මඩ ගහපු නිසාද ලංකාවේ මිනිස්සු ගැන කලකිරිලා තියෙන්නේ ...?

නැහැ .මේ හැගීම මට පොඩි කාලේ ඉඳලා තිබුණ දෙයක් .ගොසිප් ගැහුවත් අනෙක් අය මොනවා කිව්වත් මම ගණන් ගන්නේ නැහැ .මම මං ගැන දන්නවා .කාගෙන්වත් මම යැපෙන්නේ නැහැ .ඒ නිසා මට ඔය ගහන මඩ අදාළම නැහැ.

- hirugossip 

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "මඩ අදාළම නැහැ, 99.9% ඉන්නේ මූණට හිනා වෙලා පිටිපස්සට ගිහින් ඇද හොයන අය - සුලේඛා ජයවර්ධන"

    Post a Comment