ගුවන් හමුදා පාපැදි සවාරියේ (2017) තෙවැනි (අවසන්) අදියර ජයගත් නාවික හමුදා ක්‍රීඩක අවිෂ්ක මැඩොන්සා කිලෝමීටර 415 ක් දුරැති සමස්ත තරගයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට අද (05) සමත් විය. ඔහුට ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ තුනක මුදල් ත්‍යාගයක් හිමි විය. එහිදී සමස්ත තරගය නිමා වන විට ඒ සඳහා මැඩොන්සාට පැය 9 විනාඩි 9 තත්ත්පර 38 ක කාලයක් ගත වී තිබුණි. දෙවැනි ස්ථානයට පත් ගුවන් හමුදා ක්‍රීඩක මධුශංක පෙරේරා සමස්ත තරගය පැය 9 විනාඩි 9 තත්ත්පර 40 කට නිමා කර තිබුණි.
සමස්ත තරගය නිමාවට පත් කරමින් පැවැති තෙවැනි අදියරේදී තෙවැනි ස්ථානය දක්වා පැමිණි තරගකරුවන් තිදෙනා සමස්ත තරගයේදීත් එම ස්ථාන හිමිකර ගැනීම කැපී පෙනුනි. පසුගිය සිකුරාදා (3) කොළඹින් ආරම්භ වූ 18 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ කොළඹ සිට පුත්තලම දක්වා (කිලෝමීටර 128) පළමු අදියර වරාය ක්‍රීඩක චාමික සඳුන් කුමාර හිමිකර ගත්තේය.
පෙරේදා (4) පැවැති දෙවැනි අදියර ජයගත්තේ ගුවන් හමුදා ක්‍රීඩක ජනක හේමන්ත කුමාර විසිනි. ඒ පුත්තලම සිට වවුනියාව දක්වා පැවති කිලෝමීටර 138 දුරක් තරණය කරමිනි. පසුගිය ගුවන් හමුදා පාපැදි සවාරිය ජයගත් ගුවන් හමුදා ක්‍රීඩක අෂේන් තාරකට මෙවර තරගයේ හිමි වූයේ 16 වැනි ස්ථානයයි. එහිදී සාග් රන් පදක්කම් ලාභී පාපැදි සූර ජීවන් ජයසිංහ 15 වැනි ස්ථානය ලැබීය. අද අවසන් අදියර තරගය එකවර ක්‍රීඩකයන් 22 දෙනෙකු නිමා කළ අතර එහිදී අවසන් කිලෝමීටර කීපය දක්වා ශ්‍රී ලංකා තරගකරුවන්ට තියුණු සටනක් දෙමින් ඉන්දීය ගුවන් හමුදා ක්‍රීඩක ක්‍රිෂාන් නානායකොඩි දැක්වූ දස්කම් කැපී පෙණුනි. ක්‍රිෂාන් සමස්ත තරගයේ අටවන ස්ථානය ලැබීය.
මේ අතර පෙරේදා පැවති තෙවැනි අදියර තරගයේ ස්ථාන තුනකදී අනතුරු සිදුවීමෙන් තරගකරුවන් පිරිසක් සුළු තුවාල ලැබූ බව වාර්තා විය. ඒ අතර ඔවුන්ගේ පාපැදිවලට හානි සිදු වී තිබේ.
වවුනියාව තරග නිමාවට ආසන්නයේදී මෙන්ම ඊට ප්‍රථම මැදවච්චිය හා නොච්චියාගම යන ප්‍රදේශවලදී ක්‍රීඩකයන්ගේ පාපැදි එකිනෙක ගැටීමෙන් මෙම අනතුරු සිදු වී තිබේ. එහිදී තුවාල ලද ක්‍රිෂාන් රාජපක්ෂ හා සමන්ත ලක්මාල්ට මැහුම් කීපයක්ම දැමීමට සිදු වුවත් ඔවුන් අද අවසන් අදියර තරගයටත් සහභාගි වූහ.
තරගකරුවන් 180
දෙනකු මෙවර ගුවන් හමුදා පාපැදි සවාරියට සහභාගි වූ අතර අද අවසන් අදියර නිමාවන විට තරගකරුවන් 102 දෙනෙකු සමස්ත තරගය නිමා කිරීමට සමත්ව සිටි බව ප්‍රධාන තරග තීරක උපුල් චන්දන ප්‍රියනාත් මහතා ලංකාදීපයට පැවසීය.
කිලිනොච්චියේ සිට යාපනය දක්වා කිලෝමීටර 69 ක දුරක් “ඒ”-9 මාර්ගයේ පැවැති කාන්තා පාපැදි සවාරියේ ජය ඉරේෂා මධුෂානි රණසිංහ ජය ගත්තේ පැය 2 තත්ත්පර 05 ටය. ඒ සඳහා තරගකාරියෝ 23 දෙනෙකු සහභාගි වූහ.
18 වැනි ගුවන් හමුදා පාපැදි සවාරියේ තරග ප්‍රතිඵල
දෙවැනි අදියර (මාර්තු 4): පුත්තලම සිට වවුනියාව දක්වා (කිලෝමීටර 138)
1 ජනක හේමන්ත කුමාර (ගුවන් හමුදා පැය 3 විනාඩි 01 තත්ත්පර 31)
2 ජීවන් ජයසිංහ - දෙහිවල ගල්කිස්ස
3 ඬේන් නුගේරා (ගුවන් හමුදාව 3.01.31)
තෙවැනි (අවසන්) අදියර - (මාර්තු 5) වවුනියාව සිට යාපනය දක්වා (කිලෝමීටර් 148).
1. අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදා - පැය 3 විනාඩි 21 තත්ත්පර 22)
2. මධුශංඛ පෙරේරා (ගුවන් හමුදාව - 3.21.22)
3. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව - 3.21.22).
සමස්ත තරගයේ ප්‍රතිඵල (කොළඹ සිට යාපනය දක්වා මුළු දුර එකතුව කිලෝමීටර 415)
1. අවිශ්ක මැඩොන්සා (නාවික හමුදාව පැය 9 විනාඩි 29 තත්ත්පර 38).
2. මධුශංඛ පෙරේරා (ගුවන් හමුදාව 9.9.40)
3. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව 9.9.42)
4. සුධීර නිලංග (පොලිස් 9.9.44)
5. චාමික සඳුන් කුමාර (වරාය අධිකාරිය - 9.9.54)
6. සමන්ත ලක්මාල් (ගුවන් හමුදාව 9.9.54)
7. නවින් රුචිර (ගුවන් හමුදාව 9.9.57)
8. ක්‍රිෂාන් නානායක්කොඩි (ඉන්දීය ගුවන් හමුදාව 9.9.59)
9. ඩේන් නුගේරා (ගුවන් හමුදාව 9.10.01)
10. සුපුන් ප්‍රදීප් කුමාර (යුද හමුදාව 9.10.03)
සමස්ත තරගයේ වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා: චාමික සඳුන් කුමාර (වරාය අධිකාරිය).
හොඳම යොවුන් ක්‍රීඩකයා - අවිෂ්ක මැඩොන්සා (නාවික හමුදාව)
හොඳම කණ්ඩායම - ගුවන් හමුදා බී කණ්ඩායම (මධුශංඛ පෙරේරා, සමන්ත ලක්මාල් හා දිමුතු සංජීව)
කාන්තා තරගයේ ප්‍රතිඵල (කිළිනොච්චියේ සිට යාපනය නගරය දක්වා (කිලෝමීටර 69).
1. ඉරේෂා මධුෂානි රණසිංහ (ගුවන් හමුදාව - පැ. 2 වි. 05)
2. පංචාලි සුලෝචනා (ගුවන් හමුදාව - පැ. 2 වි. 05)
3. බී.ඒ. ෂාලිකා දිල්හානි (යුද හමුදාව - පැ. 2 වි. 06)

- kelimandala
Share this
|
|
0 Comment to "ගුවන් හමුදා පාපැදි ශූරයා අවිශ්ක"
Post a Comment